මුහුණු පොතෙන්

ATM එකක් ඇතුලට ගියාම බිම පුරාම පෑගෙන්නෙ රිසිට්..
ක්ලාස් එකක් ලගට ගියාම පාර පුරාම එක එකාගෙ හෑන්ඩ් බිල්, කැලැන්ඩර්, කොල කෑලි..
පොදු වැසිකිලියකට හුස්ම තදකරන් ගියාම කොමඩ් පිරෙන්න සිගරට් බීඩි කොට, හැක්ස් කොල, සෙන්ටර් පෘට් කොළ..
වැසිකිලිය හතර මායිමේ හුජ්ජ ගඳ..
මැච් එකක් ඉවර උනාම පිට්ටනියෙ පුටු උඩ යට හැම තැනම කාඩ්බෝඩ්, ප්ලාස්ටික් බෝතල්..
පාක් එකට ගියාම බංකුව උඩ බත් ඇට, ඉඳුල්, බත් පැකට් ලන්ච් ශීට් වතුර බෝතල් යෝගට් කෝප්ප..
බස් එකකට නැග්ගාම උඩ රැක් එක පුරාම ප්ලාස්ටික් වතුර බෝතල්, බිම ටොපි කොල, කඩල මුරුක්කු පැකට්.. ෂීට් එක පුරාම රටකජු පොතු..
බස් ස්ටෑන්ඩ් එකේ බැස්සාම අඩියක් අඩියක් ගානෙ හූරපු ෆෝන් කාඩ්, බස් ටිකට්, ටොපි චොකලට් කොල..
දිය ඇල්ලකට ගියාම ගලේ ගහලා කුඩු කරපු අරක්කු බෝතල්, බියර් ටින්, බයිට් පැකට්, සිගරට් කොට..
මියුසිල් එකක් ඉවරඋනාම, බෝතල්, කටු, බියර් ටින්, සිගරට් කොට, බීඩි කොට, ගිනි කූරු, හැක්ස් ටොපි කොල, ෂොපිං බෑග්, වතුර බෝතල්, බීම බෝතල්, පියන්…….
සිරීපාදෙ ගියාම ෂොපිං බෑග්, වතුර බෝතල්, බිස්කට් පැකට්..

ඉතින් දළදා මාලිගාවෙ පෙරහැර කියන්නෙ ආයෙ මේ අමුතු එකක්යැ….. 😏 මල විකාර

ඔව් දැන් කියන්න පුළුවන් අවශ්‍ය පහසුකම් නැ අරක මේක …… එහෙම නැතිනම් ආණ්ඩුවට බැන බැන අඩ්පාලි කියන මිනිසුන් නොව, අපි හදන්න ඕනි දාහක් මිනිස්සු තැන තැන කුණු දාලා ගියාම දහයක් මිනිස්සු එකතුවෙලා එක සුද්ද කරන රටක් නෙමෙයි කිසිම මිනිහෙක් තැන තැන කුණු දාන්නේ නැති, කුණු දාන්න බක්කි නැත්නම් ඒක ගෙදර ගෙනියන්න පුළුවන් විනයක් උසස් මනසක් තියන මිනිස්සු.

( Uvindu Wijeweera මුහුණු පොත ඇසුරෙන් උපුටා ගන්නා ලදී )



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

“අපේක්ෂාවේ අපේක්ෂකයා” ප්‍රකාශයට පත් කිරීම අද (18) ගෝල්ෆේස් පිටියේදී

ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ, වමේ පක්ෂ, සිවිල් සංවිධාන සහ පුද්ගලයින් රැසකගේ එකතුවෙන් ගොඩනැගී ඇති විකල්ප දේශපාලනයේ ජනතා කඳවුර වන ජාත...


Read More

රිෂාඩ්, හකීම්, සාලි, හිස්බුල්ලා සමඟ සන්ධානගතවීමට සිහින දකින්නන්ගේ සිහින බිඳීම සිංහලයාගේ පරම යුතුකමක් – ජාතික සංවිධාන කියයි.

ජාතික පුවත්පත් වලට ලිපියක් සපයමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ රිෂාඩ්, හකීම්, සාලි, හිස්බුල්ලා වැනි වහබ්බාදීන් සමඟ සංධානගතවී ඡන...


Read More

ශ්‍රීලනිප බලය චන්ද්‍රිකා අතට – මූලස්ථානයේ කාමරයකුත් වෙන්කර ගනී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කොට යළි ගොඩනැඟීමේ වගකීම තමන් භාර ගන්නා බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකක කුමාරතුංග මහත්මිය පක්ෂ...


Read More