Uncategorized

දෙමළ ජාතික සන්ධානය සහාය දෙන අපේක්‍ෂකයා ‘දෙමළ ජනතාවගේ කොන්දේසි 13’ ඉටු නොකළහොත් මාස 03කින් පාරට බසින බවට යාපන විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය සිදුකර ඇති ප‍්‍රකාශයෙන් ඉතා හො`දින් පෙනී යන්නේ සජිත් පේ‍්‍රමදාස මහතා ‘උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම, ස්වයං පාලනයක් ලබාදීම, උතුරු නැගෙනහිර පළාත්වලින් සිංහල ජනතාව හා බෞද්ධ සිද්ධස්ථාන ඉවත් කිරීම ඇතු`ඵ ඉහත කී අන්තවාදී ජාතිවාදී කොන්දේසි 13ට එක`ගවී ඇති බව යැයි ජානිපෙ නායක විමල් වීරවංශ පෙන්වා දෙයි.

ඊයේ (08ෙ) පොළොන්නරුවේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද ස`දහන් කලේය.
‘‘ගෝඨාභය රාජපක්‍ෂයන්ට ඉදිරි ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග‍්‍රහණයක් ලැබෙන තත්වයක් අපේ ක`දවුර විසින් මේ වන විට උදා කරගෙන තිබෙනවා. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ, ඒකාබද්ධ විපක්‍ෂයේ සෙසු පක්‍ෂ, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ලංකා කම්කරු කොංග‍්‍රසය, ඒ. ඒල්. එම් අතාවුල්ලා මහතාගේ ජාතික කොංග‍්‍රසය හා ඩග්ලස් දේවානන්ද මහතාගේ ඊ.පී.ඞී.පී පක්‍ෂය යන දේශපාලන සන්ධානය විසින් ගෙනයන ක‍්‍රියාන්විතය විසින් මෙම තත්වය නිර්මාණයකර තිබෙනවා. විවිධ සමීක්‍ෂණ මගින් හා විවිධ තොරතුරු මගින් ගෝඨාභය රාජපක්‍ෂයන්ට විශිෂ්ට ජයග‍්‍රහණයක් ලැබෙන බව අපේ ප‍්‍රතිවාදී අපේක්‍ෂකයාට දැන ගැනීමට ලැබුණු විට ඔහු ඇතු`ඵ ඔහුගේ ක`දවුර ඉතාමත් අසරණ වූ ප‍්‍රතික‍්‍රියාවන්ට තල්ලූ වී තිබෙනවා.

‘16 වැනිදායින් පසු සජිත්ගේ ජනපති සිහිනයත් ඉවරයි’
සජිත් පේ‍්‍රමදාස මහත්තයා දන්නවා, නොවැම්බර් 16 වැනිදායින් පසු එයාගේ දැන් දකින ජනාධිපති සිහිනයත් ඉවර වන බව. ඒ නිසා තමයි කිසිදු ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු මෙතෙක් සිදු නොකරපු බොළඳ කටයුත්තක එයා නියැලූණේ. එහිදී ඔහු තමන් ජනාධිපති ධුරයට පත්වූවා කියලා හිතාගෙන ජාතික කොඩිය පිටුපස තියාගෙන ජාතිය ඇමතීමක් වැනි යමක් සිදු කළා. එය සම්ප‍්‍රදායට පටහැනි, නීතියට පටහැනි පහත්, බොළ`ද කි‍්‍රයාවක් බව කිව යුතුයි. බලවත් හීනමානයකින් පෙළෙන තැනැත්තකුට තමයි මෙවැනි දෙයක් කළ හැක්කේ. මෙවැනි අසනීපයකින් පෙළන සජිත් පේ‍්‍රමදාස මහත්තයාට අපි අනුකම්පා කළ යුතුව තිබෙනවා.

‘හිස්බුල්ලාගේ මනාපය?’
අපේ ප‍්‍රතිවාදී ක`දවුර දැන් ඉතා හො`දින් දන්නවා ගෝඨාභය රාජපක්‍ෂ මහතා විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබන බව. ඒ නිසා ඔවුන් ඒ ජයග‍්‍රහණය පලූදු කිරීම ස`දහා දැනටමත් කුමන්ත‍්‍රණ ගණනාවක් සිදුකර තිබෙනවා. ජනතා සහාය නිසා අපට එවැනි කුමන්ත‍්‍රණ ජනතාව ඉදිරියේ තැබීමට හැකි වුණා. ඉන් එකක් තමයි, නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා සහ ගෝඨාභය රාජපක්‍ෂයන් අතර දුරකථන සංවාදයක් ඇති වූ බවත් එහිදී හිස්බුල්ලා ගෝඨාභය රාජපක්ෂයන්ගේ උපදෙස් මත කටයුතු කරන බවත් පෙන්වීම. ඒ දුරකථන සංවාදය සහිත රූපරාමු ස`දහා හිස්බුල්ලාගේ හැඩරුව ඇති පුද්ගලයෙකු මිල දී ගෙන තිබුණා, එජාප ජනාධිපති අපේක්‍ෂක මෙහෙයුම් කාර්යාලයෙන් ඒ මඩ කොන්ත‍්‍රාත්තුව ලබා දුන් දැන්වීම් ප‍්‍රචාරක ආයතනවල නම් ගම් සහිතව මේ බව ජයන්ත සමරවීර මන්ත‍්‍රීතුමා හෙළිදරව් කොට තිබුණා.

මේ නින්දිත මඩ ප‍්‍රහාරය හෙළි වුවත් එහි දිගුවක් ලෙස මේ අය උත්සාහ කරනවා, හිස්බුල්ලාට හො`දට සලකලා, ‘දෙවැනි මනාපය ගෝඨාභය රාජපක්‍ෂට දෙන්න’ කියා ඔහුගේ කටින් කියවා ගැනීමට. මෙහිදී අපි ඉතා පැහැදිලිව කියනවා, ‘අපි සහරාන්ලාට කිරි පොවපු කිසිදු දේශපාලනඥයකුගෙන් කිසිවිටක, කිසිදු සහායක් ලබාගන්නේ නැහැ’ කියා. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා, හිස්බුල්ලා හෝ වෙනත් සහරාන්ලාගේ අන්තවාදයට කිරි පෙවූ මුස්ලිම් දේශපාලනඥයකු යොදාගෙන ඔහු ලවා ගෝඨාභය රාජපක්‍ෂයන්ට දෙවන මනාපය හෝ ඡුන්දය ලබා දෙන ලෙස කියන වීඩියෝපටයක් සංසරණය වුවහොත් ඊට නොරැුවටෙන ලෙස.

‘ජාතිවාදී – බෙදුම්වාදී කොන්දේසි 13ට සජිත් එක`ග වෙලා’

අද පුවත්පත්වල වාර්තා වන අන්දමට යාපන විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පවසා තිබෙනවා, ‘දෙමළ ජාතික සන්ධානය සහයෝගය ලබාදෙන අපේක්‍ෂකයා කොන්දේසි 13 ඉටු නොකළහොත් මාස 03කින් ජනතාවත් සම`ග පාරට බහිනවා’ කියා. දෙමළ ජාතික සන්ධානය සහයෝගය දෙන අපේක්‍ෂකයා සජිත් පේ‍්‍රමදාසයි. දෙමළ ජනතාවගේ කොන්දේසි 13 කියා ඔවුන් පවසන්නේ ප‍්‍රභාකරන් යුද්ධ කරලා දිනාගන්න හදපු ඊළමට පාර කැපෙන කොන්දේසි ටිකක්. සජිත් පේ‍්‍රමදාසගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ‘ඒකීය රාජ්‍ය සංකල්පය’ නැහැ. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ඉංග‍්‍රීසි පිටපතෙහි ෆෙඩරල් පාලනයක් ගැනත් ස`දහන්. ඒ වගේම සජිත් සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ කොතැනකවත් බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය දෙන බව කියන්නේ නැහැ. මේ සියල්ල දෙස බැලූවිට පෙනී යන්නේ ඉහත කොන්දේසි 13ට සජිත් එක`ගවී ඇති බව, දෙමළ ජාතික සන්ධානය විසින් යාපන විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයට දැනුම් දී ඇති බවයි. ඒ නිසයි ඔවුන් මේ විදිහට ‘මාස තුනකින් අපේ කොන්දේසි ඉටු නොකළහොත් පාරට බහිනවා’ කියා කල් තියාම අවධාරණය කරන්නේ. දකුණේ ජනතාවට ඇහෙන්න දෙමළ ජාතික සන්ධානය සජිත්ට කොන්දේසි විරහිතව සහාය දෙනවා කිව්වාට, ඔවුන් උතුරේ ජනතාවට කියන්නේ තමන් සජිත්ට සහාය දෙන්නේ ඔහු තම කොන්දේසි 13ට එක`ග නිසා බවයි.

ඒ නිසා උතුර හා නැගෙනහිර ඒකාබද්ධ කිරීම, ස්වයං පාලනයක් ලබාදීම, උතුර නැගෙනහිර පළාත්වලින් බෞද්ධ සිද්ධස්ථාන හා සිංහල ජනතාව ඉවත් කිරීම ආදී ජාතිවාදී, අන්තවාදී කොන්දේසි 13කට සජිත් පේ‍්‍රමදාස එක`ග වී ඇති බව තමයි යාපන විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මේ සිදුකර ඇති ප‍්‍රකාශයෙන් පැහැදිලි වන්නේ. ඒ නිසා මේ රටේ ඒකීයභාවයට පක්ෂපාතී, බෙදුම්වාදයට, අන්තවාදයට විරුද්ධ සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජනතාවගෙන් අපි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා ‘මේ රටේ ජාතික ආරක්‍ෂාව ඇතිව සාමකාමීව, සහජීවනයෙන් ජීවත්වීම ස`දහා ගෝඨාභය රාජපක්‍ෂයන් දිනවන්න. ඒ වගේම තව සතියකින් ලැබෙන අන්ත පරාජයෙන් වියරු වැටී සිටින ප‍්‍රතිවාදී අපේක්‍ෂකයාගේ මඩ ප‍්‍රහාරයන්ට නොරැුවටෙන්න’ කියා.’’

මෙම මාධ්‍ය හමුවට පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ද එක්විය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කොටි හුරතල් ඉවරයි …උතුරු – නැනෙහිර සුසාන භූමිවල සැමරුම් බෑ – ආරක්‍ෂක අංශ තදින් සිටියි

නොවැම්බර් 27 දාට යෙදෙන මියගිය කොටි සැමරීමේ උත්සව උතුරේ සහ නැගෙනහිර කොටි සුසාන භූමිවල පැවැත්වීම සඳහා ඉඩ නොදෙන බව ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මා...


Read More

මහින්ද අගමැති ලෙස අද දිවුරුයි…කැබිනට්ටුවට නම් 15ක්… පොහොට්ටුවට 12යි – ශ‍්‍රීලනිපයට 3යි…ඇමතිකම් බෙදෙන හැටි මෙන්න

අගමැති ධුරයෙන් රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්වීමෙන් පැවැති රජය අහෝසි වීම නිසා භාරකාර රජයක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත. නව ඇම...


Read More

විපක්ෂනායක පුටුවට රනිල් – සජිත් සටනක – රනිල් පන්නන්න සජිත් පිල සිරිකොත වටලයි

අගමැතිවරයා ධුරයෙන් ඉවත් වීමත් සමග විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අගමැති ධුරයේ දිවුරුම් දීමට නියමිතව ඇත. භාරකාර රජයේ විපක්ෂ නායක ධුරයට සජිත...


Read More