ක්‍රීඩා පුවත්

පකිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය 7 වන ටෙස්ට් ශතකය ලබාගැනීමට දිමුත් කරුණාරත්න සමත්වුනා.

ඩුබායිහිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේවන විට කඩුලු 3 ක් දැවී ලකුණු 254 ක් ලබා සිටිනවා.

දිමුත් කරුණාරත්න ලකුණු 110 ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 22 ක් ලබා පන්දුවට පහරදෙමින් සිටී.

දිවා රාත්‍රී තරගයක් වන මෙය ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරගයයි.

එමෙන්ම රෝස පැහැති පන්දුවකින් ක්‍රීඩා කරන අත්දැකීමට ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය ද මෙය වීම විශේෂත්වයකි.

ඒ අනුව රෝස පැහැති පන්දුවක් යොදා ගනිමින් පැවැත්වෙන තරගයක ශතකයක් ලබාගත් පළමු ක්‍රීඩකයා ලෙසට දිමුත් කරුණාරත්න වාර්තා අතරට එක්වෙයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ඒකාබද්ධයෙන් ආ ශ්‍රීයානිට රාජ්‍ය ඇමති කමක්

පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍යවරිය ලෙස දිගාමඩුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ශි‍්‍රයාණි විජේවික‍්‍රම මහත්මිය අද (15) ...

පොහොට්ටුවට සහය දෙන අයගේ මන්ත‍්‍රී ධුර අහෝසියි…

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කිසියම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සෘජුව හෝ වක‍්‍රව...

93 ක නාම යෝජනා අදින් අවසන්.. ඉතිරි 248 සදහා 18 සිට 21 දක්වා නම් කැදවයි..

පළාත් පාලන ආයතන 93ට අදාළ නාමයෝජනා භාරගැනීම අද (14) දහවල් 12.00 න් අවසන් වේ. මෙම පළාත් පාලන ආයතන 93 ට මහනගර සභා 7 ක් නගර සභා 18 ක් සහ ප‍්...