පුරවැසි කොලම

මේ දිනවල දී දේශපාලන වේදිකාවේ මෙතෙක් දක්නට නොලැබුණු සුවිශේෂී දර්ශන පෙළක් දක්නට ලැබේග ඒ තුළ දේශපාලන වශයෙන් පසමිතුරු පිල්වල වෙසෙන පිරිස් සමාන මත දරති . යම් පිරිස් මාසයකට ප්‍රථම කියූ දෙයට වඩා හාත්පසින්ම වෙනස් දේ කියති. තවත් පිරිස් මෙතෙක් දැරූ මත සම්පූර්ණයෙන්ම අත්හරිති . මහජනයා වික්ෂිප්ත කෙරෙන මෙම අපූරු රංගනයන් දක්නට ලැබෙන්නේ පුංචි මැතිවරණ නාඩගම් තුළය. ආණ්ඩුව විසින් විවිධ උපක්‍රම යොදාගනිමින් පළාත් මැතිවරණය වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ කල් දැමීමට එරෙහිව විපක්ෂයේ පැත්තෙන් තීරණාත්මකව විරෝධය පෑමක් දක්නට ලැබුනේ නැත. විශේෂයෙන්ම පසුගිය දිනවල එම ප්‍රශ්නය අධිකරණයයට යොමු වූ සැනින් විවිධ බලවේග විසින් දක්වන්නට යෙදුණු විරෝධය සමග සසඳන විට ගත වූ වසර දෙක තුළ කිසිදු විරෝධතාවයක් පළ නොවූ බව කීම අසාධාරණ නොවේ. එසේ නම් හදිස්සියේ අධිකරණයට යොමු වූ ප්‍රශ්නයක් එම අධිකරණය විසින් විසඳන තාක් සතියක් හෝ දෙකක් ඉවසා සිටිය නොහැක්කේ කුමක් නිසාද?

එම ප්‍රශ්නයට පිළිතුරු සොයා ගත හැකිනම් ඉහත සඳහන් කළ අසාමාන්‍ය පින්තූරය පැහැදිලි කරගැනීම සඳහා කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කිරීමට අවශ්‍ය වන්නේ නැත. ජාතික වැදගත්කමක් සහිත ප්‍රශ්නයක් විසඳා ගැනීම්ට හෝ ඒ පිළිබඳව අර්ථකථනයක් ලබා ගැනීම සඳහා අධිකරණ‍යේ පිහිට පැතීමට ඕනෑම පුරවැසියකුට අයිතියක් ඇත. එය පුද්ගලික අයිතියකට වඩා පොදු අයිතියක් ලෙස සැලකීම වඩා සුදුසු වේ. එහිදී ඒ සඳහා මුල්වන පුද්ගලයින් කවුද යන්න වැදගත් නොවේ. ව්‍යවස්ථාව මගින් සහතික කොට ඇති එම පොදු මහජන අයිතියට හෝ ඊට අදාළ අධිකරණ ක්‍රියාවලියට බාධා කිරීමට හෝ අභියෝග කිරීමට කිසිවෙකුට අයිතියක් නැත. නීතියට අනුව මෙන්ම දේශපාලන සදාචාරයට අනුව ද එය අනුමත කළ නොහැකග දේශපාලන පක්ෂ නායකයින් පාර්ලිමේන්තුව තුළදී රැස්වී ඊට අභියෝග කිරීම නිවැරදි ද? එසේම මැතිවරණ කොමිසම විසින් අධිකරණ ක්‍රියාවලියේ ප්‍රතිඵලය දැනගැනීමට පෙර ඊට බලපෑම් ඇතිවන ආකාරයේ ප්‍රභල තීන්දු ගැනීම මඟින් අධිකරණයට අයුතු බලපෑමක් සිදු නොවන්නේද?

ඒ සියල්ල සිදුවන්නේ මේ වනවිට දේශපාලන කරළියේ පෙළගැසෙමින් පවතින යම් ප්‍රවණතාවයන් යථාර්ථයක් බවට පත්වීමට පෙර මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීම සඳහා නොවේද? වෙනත් වචනවලින් කියන්නේ නම් ව්‍යවස්ථා විරෝධය සහ බැඳුම්කර අපවාදය ඇතුළු ආණ්ඩුවට විරුද්ධව පෙළ ගැසෙමින් තිබෙන විරෝධතා රැල්ල උත්සන්න වීමට පෙර මැතිවරණය පැවැත්වීමේ උවමනාව නිසා නොවේද? එසේම එම විරෝධය මුල් කරගෙන ආණ්ඩු විරෝධී ප්‍රබල ජාතික න්‍යාය පත්‍රයක් සහ ජාතික බලවේගයක් මතු වීමට පෙර මැතිවරණය පැවැත්වීමේ උවමනාව නිසා නොවේද? ඒආකාරයට මෙතෙක් කල් දමමින් තිබූ මැතිවරණය හදිසියේ පැවැත්වීමේ උවමනාව ඇත්තේ ආණ්ඩුව පමණක් ද? පෙළගැසෙන සිදුවීම් සහ මත දැක්වීම් අනුව ඒ වුවමනාව විපක්ෂයේ යම් පාර්ශව වලට ද තිබෙන බව පැහැදිලිව පෙනේග යම් පිරිස් උසාවි නියෝගය ලැබෙන තෙක් සති දෙකක් ඉවසීම්ක් නොමැතිව මැතිවරණයට තරග කිරීම සඳහා හදිසියේම ඇප තැන්පත් කෙරෙන්නේ ඒ නිසාද? ඒ මඟින් රටට කියන්නේ වඩා පුළුල් වූ ජාතික එකඟතාවක් සහිතව වඩා ප්‍රබල සංධානයකින් මැතිවරණයට ඉදිරිපත් වීමට ඔවුන් තුළ කැමැත්තක් නො නොමැති බව නොවේද?

එවැනි පුළුල් ජාතිකක සන්ධානයක් ගොඩ නැගුව හොත් ඊනියා තුන්වන පාර්ශවයන්ටද බලවත් වන අනතුරුක් මතුවේ. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ එවැනි සන්ධානයක් බිහි වීම වැළැක්වීම සඳහා කළ හැකි සියල්ල කිරීමට සූදානම් බව මේවන වන විටත් පෙන්වා ඇත. ඔවුන් මීට මාසයකට පෙර ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට මැතිවරණයක් කල් දැමීම සඳහා පනතක් සංශෝධනය කිරීමේදී ඊට එරෙහි වනවා වෙනුවට ඊට පක්ෂව විශේෂ බහුතරය ලබා දීමට නොපැකිලව ඉදිරිපත් විය. එහිදී ඔවුන් නිදහසට කාරණා ලෙස ඉදිරිපත් කළේ මැතිවරණය කඩින් කඩ පැවැත්වීමට තමා විරුද්ධ නිසා සමස්ථ මැතිවරණය එකවර පැවැත්වීම සඳහා එය කල් දැමීමට එකඟ වන බව ය. නමුත් කබරගොයා තලගොයා කරමින් ඔවුන් දැන් කියන්නේ උසාවි නියෝග නොසලකා කොටස් වශයෙන් හෝ පළාත් පලාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බවය. එහෙත් පසුගිය වසර දෙකක කාලය තුළ මෙම මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතුයැයි ඔවුන් විසින් ඒ තරම් ප්‍රබල හඬක් නැගුවේ නැත. ඒ නිසා දැන් ඔවුන් කොටස් වශයෙන් හෝ ඉතා කඩිනමින් මැතිව මැතිවරණය පැවැත්විය යුතු යැයි කලබලයක් කරන්නේ පොදු ජාතික සන්ධානයක් ගොඩ නැගීමට පෙර මැතිවරණය කැඳවා එම පොදු එකඟතාවය අඩාල කිරීම සඳහා බව ඉතා පැහැදිලිව පෙනේ.

එම අර්ථයෙන් ගත් විට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ සහ ජනතා විමුක්ති පෙරමුණේ උවමනාවන් එක සමාන වේ. එහෙත් පුදුමයට කාරණය වන්නේ ඉහත සඳහන් කළ ආකාරයට පස මිතුරු බලවේග දෙකක් වන පූජ්‍ය දඹර අමිල හිමි ප්‍රමුඛ රජයට ගැති රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් සහ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ප්‍රමුඛ යම් ජාතිකවාදී භික්ෂූන් වහන්සේලා කිහිප නමක් ද එකම මතය දැරීම ය. එක් පැත්තකින් දඹර අමිල හාමුදුරුවෝ ‘‘මහින්ද සමග එකතු වුවහොත් බලා බලාගෙනයි’’ යනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට තර්ජනය කරති. අනෙක් පැත්තෙන් මුරැත්තෙට්ටුවේ හාමුදුරුවෝ ‘‘මෛත්‍රී සමග එක් වුවහොත් බලාගෙනයි’’ යනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රා රාජපක්ෂ මහතාට තර්ජනය කරති. ඒ අනුව උන්වහන්සේලා දෙනමම මෛත්‍රී- මහින්ද සන්ධානයකට විරුද්ධ බව පැහැදිලි වේ. එක්සත් ජාතික පක්ෂයට හිතවාදී දඹර අමිල හාමු හාමුදුරුවන්ගේ විරුද්ධත්වය පිළිබඳව සාමාන්‍ය මහා මහජනයාට නම් ගැටළුවක් නැත. එහෙත් මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ගේ විරෝධය මහජනයා විසින් විවිධ ආකාරයට අර්ථකථනය කිරීමට ඉඩ ඇතග.

මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ගේ මතයට සමාන මත දරන තව බොහෝ පිරිස් සිටිති. ඔවුන් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම තුළ මෙන්ම මෙවර ඡන්දයට ඉදිරිපත් වන අපේක්ෂකයින් අතර ද දක්නට හැක. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පසු පසුගිය පාර්ලිමේන්තු මැති මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව කටයුතු කළ ආකාරය සහ ඉන් පසුව ඔහුට ජාතික ලයිස්තු මන්ත්‍රීධූර සහ විපක්ෂ නායකකම අහිමි කළ ආකාරය මතක තිබෙන අය එවැනි මතයක් දැරීම පිළිබඳ පුදුම විය නොහැකග නමුත් එසේ විරුද්ධ වන්නන්ගේ නියදියක් ගුණාත්මක පර්යේෂණ විධික්‍රම අනුව විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ ඔවුන්න්ගෙන් අති බහුතරය මතුපිටින් ඒවැනි දේශපාලන හේතු දැක්වූවත් සැබැවින්ම ඔවුන් මෛත්‍රී-මහින්ද සන්ධානයකට විරුද්ධ වන්නේ වෙනත් පටු සහ පෞද්ගලික හේතු නිසා බවයග බොහෝ විට බාහිර සමාජයට ඇසෙන ලෙස විරෝධය පළ කරන්නේ උස් හඬක් සහ ෙද්ශපාලන සබඳතාවයක් ඇති පිරිස්ය.

ඔවුන්ගෙන් බොහෝමයක් දෙනා මහින්මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් මරාගෙන මැරෙන ආකාරයට ඉදිරිපත් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සමාමාජිකයන්ය. ඔවුන් පොදු ජන එක්සත් පෙරමුණට එක් වන්නේ ‘‘ශ්‍රී ලංකා කාරයින්ලෙ’’ස මිස ‘‘පොදුජන කාරයින් ලෙස’’ නොවේ. මේ වන තෙක් අප රෙට් පොදුජන එක්සත් පෙරමුණ ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩා වෙනස් ප්‍රතිපත්ති සහිත නව පක්ෂයක් ස්ථානගත කොට නැත. ඒම පක්ෂය විසින් කිසිදු ප්‍රතිපත්ති ප්‍රකාශයක් ෙහා් වැඩපිළිෙවලක් රටට ඉදිරිපත්කර නැත. උදාහරණයක් ලෙස එදා බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමේදී 1956 වනතෙක්ම ඒක්සත් ජාතික පක්ෂයට වඩා ප්‍රතිපත්තිමය වශයෙන් වෙනස් පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ස්ථානගත වූයේ නැත. ඒ නිසා 1952 පැවති මැතිවරණයේදී ඔවුන් ලබා ලබාගන්නේ ආසන 9 ක් පමණිග එනම් සම සමාජ පක්ෂය ලබාගත් ආසන ප්‍රමාණයට සමාන තත්ත්වයකි. ඉන්පසුව 1956 දී ජාතිකවාදී බලවේග සමග එක්ව ජාතිකවාදී ප්‍රතිපත්ති මත ස්ථානගත වූ පසුව බණ්ඩාරනායක මහතාට ආණ්ඩු බලය ලබා ගත හැකි විය.

කෙසේ වෙතත් ඉහත සඳහන් කළ ආකාරයට මෛත්‍රී-මහින්ද සන්ධානයකට විරුද්ධවන හඬ සහ බලය ඇති පිරිස් එසේ විරුද්ධ වන්නේ ඉතා සරල සහ පුද්ගලික හේතු මතය. යම් අයෙක් එසේ විරුද්ධ වන්නේ එවැනි එකතුවක් සිදු වුවහොත් මේ වනවිට සකස් කොට ඇති නාමය යෝජනා සම්පූර්ණයෙන්ම වෙනස් කිරීම්ට සිදු වන නිසා ය. තවත් අයෙක් එසේ විරුද්ධ වන්නේ තමාට අපේක්ෂකත්වය අහිමි විය හැකි නිසාය. වෙනත් අයෙකුට ප්‍රශ්නයක් වන්නේ තමා අකමැති අයෙක් සභාපති හෝ නගරාධිපති වීමට ඉඩ තිෙබන නිසාය. ඒ අතර ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී තමා ජයග්‍රාහකයින්ගේ ලැයිස්තුවෙන් කැපී යාමට ඉඩ ඇති බැවින් මෛත්‍රීපාල පාර්ශවයේ මන්ත්‍රීවරුන් සමග එක්ව ‍මෙම මැතිවරණයට තරඟ කිරීම ප්‍රති ප්‍රතික්ෂේප කරන අය ද සිටිතිග නමුත් වඩා පුළුල් සන්ධානයක් මගින් එක්සත් ජාතික පක්ෂය පරාජය කළ යුතු බවට බොහෝ අය න්‍යායාත්මකව පිළිගනිති. පුද්ගලික වුවමණාව සහ‍ දේශපාලන උවමණාව අතර පවතින මේ පරස්පරය බේරාගත හැක්කේ වඩා පුළුල් ඉහළ මට්ටමේ සංවාදයකින් සහ ආදර්ශමත් ක්‍රියාමාර්ග හරහා පමණි.

එම ක්‍රියාමාර්ග තුල මහින්ද රාජපක්ෂ මහතාට මෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතාට පමණක් නොව සෙසු ජාතික බලවේග වලට ද තීරණාත්මක වගකීමක් පැවරේ. මෛත්‍රීපාල සිරිසේන මහතා ඒදා මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව අවි එසවුවද ඔහු එක්සත් ජාතික පක්ෂයේ ඓතිහාසික භූමිකාවට ආගන්තුකයෙකි. ඔහු රනිල් වික්‍රමසිංහ මහතාගේ පන්තියට හෝ සංස්කෘතියට අයත් අයෙක් නොවේ. ඔහුට එක්සත් ජාතික පක්ෂය තුළ යාවජීව ජන පදනමක් නැත. ඔහුගේ ජන පදනම සහ මහින්ද රාජපක්ෂ මහතාතාගේ පදනම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයිග ඉහත සඳහන් කළ ආකාරයට පොදුජන පෙරමුණට එක් වී සිටින්නේ මහින්දවාදි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් බවට විවාදයක් නැත. ඒ නිසා දැන් ශ්‍රි ලංක නිදහස් පක්ෂයට උරැම ඓතිහාසික භූමිකාව ඉටු කරන පොදු එකඟතාවයකට එළැඹීම සඳහා එම දෙපළට යම් පුද්ගලික බාධා තිබුණත් දේශපාලන බාධා තිබිය නොහැක. ඒ නිසා දෙපාර්ශවයම පමණක් නොව රට ද ජයග්‍රහණය කරන පොදු එකඟතාවයකට එළැඹීම සඳහා ඔවුනට න්‍යායාත්මක බාධක තිබිය නො නොහැක. ප්‍රායෝගිකව පවතින බාධා අතික්‍රමණය කළ හැක්කේ දියුණු මිනිස් ගුණාංග මඟිනි.

ඒ නිසා මහින්ද රාජපක්ෂපක්ෂ මහතාගේ පැත්තෙන් පමණක් නොව මෛත්‍රීපාල සිරිසේන මහතා තම රට වෙනුවෙන් යම් පුද්ගලික කැපකිරීම් කිරීම්ට සූදානම් බව පෙන්විය යුතුයග ඊට අමතරව ප්‍රති ප්‍රතිවිරුද්ධ පාර්ශව විශලවල විශ්වාසය දිනාගැනීම සඳහා අමතර සැතපුමක් යාමට සූදානම් බව ද ප්‍රායෝගිකව සහ විශ්වාසනීය ලෙස පෙන්විය යුතුය. මහජනයාගේ සහ විශේෂයෙන්ම ජාතික බලවේග පැත්තෙන් මෙම දෙපාර්ශවයම සහ මහා ජන සමාජයට ඉදිරිපත් කළ යුතු සාධාරණ කොන්දේසි ප්‍රමාණයක් ඇතග ඒවා පහත සඳහන් ආකාරයට ලයිස්තුගත කොට ඉදිරිපත් කළ හැක. එම ෙකාන්දේසි ජාතික න්‍යාය පත්‍රයක හෝ ජාතික එකඟතාවයක අත්‍යවශ්‍ය අංග ලෙස සැලකිය හැකග පළාත් පාලන මැතිවරණය හෙවත් පුංචි මැතිවරණය ඒම ඒකගතාවය අනුමත කරන මහ මැතිවරණයක් හෙවත් ජනමත විචාරණයක් බවට පත්විය යුතුය.

ඉන් පළමුවැන්න ඉදිරි මැතිවරණය රට බෙදන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි ජනමත වි විචාරණයක් බවට පත් කළ යුතු බවය. මූලික වශයෙන් එමගින්ම එම මැතිවරණය පුංචි ඡන්දයක් නොව ජාතික මැතිවරණයක් බවට පත්වේග දෙවැන්න එම මැතිවරණය රණවිරු දඩයම්ට සහ ජාතික ආරක්ෂාව අනතුරට ලක් කිරීමට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන මැතිවරණයක් බවට පත් කිරීමය. තුන්වැන්න ශ්‍රී ලංකා ඉතිහාසයේ මහා මූල්‍ය කොල්ලය වූ බැඳුම්කර වංචාවට වගකිව යුතු වූ පුද්ගලයන්ට දඬුවම් කරන අධිකරණයක් බවට පුංචි ඡන්දය පත් කිරීමයග හතරවැන්න රාජ්‍ය සතු ඉඩම් සහ වරායවල් සහ ගුවන්තොටුපලවල් ඇතුළු රාජ්‍ය සතු දේපළ විදේශීය සමාගම්වලට විකිණීමට ඒෙරහිවමහජන විරෝධය ප්‍රකාශ කිරීමයග පස්වැන්න රෙට් මූල්‍ය වෙළඳපල කළු සල්ලි සුදු කරන විදේශීය මූල්‍ය ජාවාරම්කරුවන්ගේ තිප්පලක් බවට පත් කිරීමට එරෙහිව භාවිතා කරන ඡන්දයක් බවට මෙම පුංචි ඡන්දය පත් කිරීමයග පස්වැන්න කුඹුරු ඉඩම් ඇතුළු කෘෂිකාර්මික ඉඩම් සහ නිවාස ඇතුළු සෙසු නාගරික ඉඩම් 100‍්‍ර වූ ප්‍රාග් ප්‍රාග්ධන බද්දෙන් නිදහස් කොට තුට්ටු දෙකට විදේශිකයන්ට සහ ආගමික අන්තවාදීන් අතට පත් කිරීමේ තීන්දුවට එරෙහිවන ජනමත විචාරණයක් බවට මෙම පුංචි ඡන්දය පරිවර්තනය කළ කිරීමයග හත්වැන්න මහජනයා මත පටවන බදු බරට සහ ජීවන බරට එරෙහිව විරෝධය පළකිරීමය. ෙමම ලයිස්තුව මහජනයා විසින් තව බොහෝ දිගු කරන බවට සැකයක් නැත.

මෙම ඊනියා පුංචි ඡන්දය එක්සත් ජාතික පක්ෂය විසින් දිනා ගත හොත් එය ඔවුන්ගේ තුන් වසරක පාලනය සහ ඉදිරි උපාය මාර්ගික සැලසුම් අනුමත කරන වක්‍ර සහ නිහඬ ජනමතය විචාරණයක් බවට පත්වනු ඇත. එය වැළැක්විය හැක්කේ එය මහා ඡන්දයක් හෙවත් ආණ්ඩුවේ වර්තමාන සහ අනාගත ප්‍රතිපත්ති පිළිබඳ ජනතා කැමැත්ත විමසන සෘජු ජනමත විචාරණයක් බවට නිවේදනය කොට එහි විපාක මහජනයාට ගැඹුරින් පැහැදිලි කිරීම් මගින් පමණි. මහජනයා එම අනතුර තේරුම් නොගැනීම හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ඒකාබද්ධ විපක්ෂය මෙම යථාර්ථයට සංවේදී නොවීම නිසා එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරි පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණයය කළහොත් ඒ මඟින් ඔවුන්ගේ රටට හානිකර ඉදිරි න්‍යාය පත්‍රය හෙවත් වැ වැඩපිළිවෙල තහවුරු වේ. එම ක්‍රියාව ක්‍රියාවලිය අවසන් වන්නේ ශ්‍රී ලංකාව නම් වූ රාජ්‍යය දුර්වල වී දෙකඩ වීමෙන් පමණක් බවට කිසිදු සැකයක් නැත.

අවසාන වශයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජය කරන ජාතික එකඟතාවයක් වලංගු වන්නේ මූලික පිළිගැනීමක් මතය. එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම මතයග එහෙත් එය පූර්ව කොන්දේසියක් බවට පත් කිරීමෙන් මානසික බාධක පනවා ගත යුතු නැතග අවශ්‍ය වන්නේ පූර්ව කොන්දේසිය පසු කොන්දේසියක් බවට පත් කිරීම ය. එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දු කළ ආකාරයට මෙම වසරේ දෙසැම්බර් 31 වන දින ජාතික ආණ්ඩුවෙන් ඉවත් විමයග ජාතික ආණ්ඩුවව දිගටම පවා පවත්වාගෙන යාමේ අරමුණ සහිතව ආණ්ඩු විරෝධී පොදු සන්ධානයක් හෝ එකඟතාවයක් ගොඩනැගිය නොහැක.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ජානිපෙන් ඉවත් වූ වීරකුමාර, පියසිරි සහ කුමාර ශ්‍රීලනිපයට

පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විඡේනායක සහ උතුරු මැද පළාත් සභා හිටපු මන්ත්‍රී පී. බී, කුමාර ...

“වරදාන, වරප්‍රසාද – මර්දනය හමුවේ කිසිදිනෙක රටත් ජනතාවත් පාවා දීමට ජානිපෙ සූදානම් නැහැ ”

කැබිනට් අමාත්‍යධුර, කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ඇතුළු වරදාන වරප්‍රසාද හමුවේ හෝ අඳුරු සිර කුටි තුළ දමමින් ගෙන් එන මර්දනය හමුවේ හෝ 2015 පෙබ...

හම්බන්තොට වරාය චීනයට

හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු අද නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය. එමෙන්ම මුල් ගිවිසුමට පරිපුරක ගිවිසුමක් වශයෙන් සකස් කර ඇති කොටස් හි...