දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 69 දෙනා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (11) රාත්‍රියේ පැවැත්වීමට නියමිතය.

මෙහිදී තවත් දේශපාන තීන්දු කිහිපයක් ගැනීමටද නියමිතය. මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (9) රාත්‍රියේ ජී.එල්. පීරිස් මහතාගේ නිවසේදී දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වීය. එම සාකච්ඡාව සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවලට සහ පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට ආරාධනා කර නොතිබිණි.

එහිදී මේ සම්බන්ධයෙන් තමාට ඒකාබද්ධ විපක්ෂයේ අනෙකුත් පක්ෂ සහ ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම සමගද සාකච්ඡා කළ යුතු බව මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත.

ඒ අනුව එම සාකච්ඡාව අද (11) රාත්‍රියේ විජේරාමයේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී පැවැත්වේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කැබිනට් එකේ තොරතුරු එළියට දෙන ඇමතිවරු 2ක් රෝ එකටත් සම්බන්ධයි – ඇමති අමරවීර

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් චීනයට හා ඉන්දියාවට විරුද්ධව සිදුකලේ යැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් පල කල පුවතට අදාල තොරතුරු එම වාර්තාකාර...


Read More

යුද අපරාධ චෝදනා පිළිගැනීමේ වරදට දඩුවම් ලැබෙයි..මාලී ගිය ශ්‍රි ලංකා හමුදා ප්‍රධානියා රටින් පිට කරයි..

මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරින් ඉටු කිරීම සඳහා එක්වු ශ්‍රී ලංකා හමුදා කණ්ඩායමේ අණදෙන නිලධාරීවරයා වන ලුතිතන් කර්නල් කලන අමුණුපුර මහතා නැවත...


Read More

දෙසැම්බර් 10 න් පසු එජාප තනි ආණ්ඩුවක්

එක්සත් ජාතික පක්ෂය ජාතික රජයෙන් ඉවත්වී දෙසැම්බර් 10 වැනිදායින් පසු තනි ආණ්ඩුවක් පිහිටුවීමට සැලසුම් කර ඇත.ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන අයවැය...


Read More