විදේශ පුවත්

ජෝර්ජියාවේ පැවති ජනාධිපතිවරණයෙන් සලෝමේ සුරාබිෂ්විලී ජයග්‍රහණය කරමින් එරට තේරීපත් වූ ප්‍රථම ජනාධිපතිනිය බවට පත්ව තිබේ.

මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය ලැබෙන විට ප්‍රංශයේ උපත ලබා ඇති හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන සුරාබිෂ්විලී 59%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇති අතර, ඇයට තරගයක් ලබාදුන් ග්‍රිගෝල් වෂාඩ්සේ ලබාගෙන ඇත්තේ 40%ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.

එමෙන්ම, මෙම මැතිවරණයේදී එරට පාලක පක්ෂය වන ජෝර්ජියන් ඩ්‍රීම් පක්ෂය ඇයට සහාය දක්වා ඇති අතර, ප්‍රතිවාදී අපේක්ෂකයාට එක්සක් විරුද්ධ පක්ෂ සන්ධානය සහාය දක්වා තිබේ.

කෙසේ වෙතත්, ඉදිරියේදී ජෝර්ජියාව වෙත පැමිණෙන නව ව්‍යවස්ථාව අනුව එරට ජනපති ධුරය බොහෝ සෙයින් නාමමාත්‍රික තත්ත්වයකට පත්වනු ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ජනපති ලෙස පත්වීමෙන් පසුව ඇය පවසා තිබුණේ තමන් යුරෝපය මෙන්ම රුසියාව සමගද වඩාත් සමබර ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු මොහොමඩ් සහරාන් තවමත් නිදැල්ලේ

පාස්කු ඉරිදා සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාරයේ මහ මොළකරු වන මොහොමඞ් කාසීම් මොහොමඞ් සහරාන් නමැත්තා තවමත් ජීවතුන් අතර සිටින බව ආරක්ෂක අංශ පවසයි. ...


Read More

අන්තවාදී කි‍්‍රයා මර්දනය කරන්න හමුදාවට බලය පවරයි

රට තුළ ක‍්‍රියාත්මක අන්තවාදී ක‍්‍රියාවන් පාලනය කිරීමේ සහ මර්දනය කිරීමේ සියලූම බලතල ශ‍්‍රී ලංකා යුද හමුදාවට පවරා ඇත. ඒ අනුව පෙරේදා (2...


Read More

IS සංවිධානයට සම්බන්ධවූවන් ලංකාවට පැමිණි බව රජය දැනගෙන සිටියා – අගමැති

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට ශ්‍රී ලංකාවෙන් සම්බන්ධවූවන් නැවත ලංකාවට පැමිණ සිටින බවට රජය දැනුවත් සිටි නමුත් ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධා...


Read More