කලා පුවත්

මධුමාධව අරවින්ද කවදත් කතාබහට ලක්‌වෙන කලාකරුවෙක්‌. ළඟදීම ඔහු තවත් ආන්දෝලනාත්මක වැඩකින් කරළියට එන්නයි හදන්නේ. ඔය අතරේ අද (10 වැනිදා) හවස 6.30 ට කොළඹ ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේදී පොතක්‌ එළිදක්‌වනවා. පොත නම් කරලා තියෙන්නේ “මම ඇත්තක්‌” කියලා. මධු හිටිගමන් ඇයි මේ ඇත්ත කියන්න හැදුවේ. ඒ ප්‍රශ්නය මධූගෙන්ම අහමු.

මධුමාධව ඇයි මේ එකපාරටම ඇත්ත කියන්න හැදුවේ ?

ජීවිතයේ මම හිතනවා අපේ වයසත් එක්‌ක ඉගෙනගන්න දේවල් එකතුකරගන්න දේවල් ගොඩයි. සමහරු හිතනවා අතහැරීම තමයි ජීවිතය කියන්නේ. බෞද්ධයොත් එහෙම හිතනවා. දැන් මම හිතනවා ජීවිතය සම්බන්ධව අන්තිම තීරණය ගත යුත්තේ අපේ නැණ පමණින් කියලා. අපිට තියෙන අත්දැකීම් අනුවයි අපේ කැමැත්ත සහ වුවමනාව, අපි ජීවිතය සම්බන්ධයෙන් තක්‌සේරු කරන්නේ ආගම් හරහා දීලා තිබෙන රාමුව හරහායි. බෞද්ධයෝ නිවන තක්‌සේරු කරනවා. කතෝලිකයෝ සහ ඉස්‌ලාම් දහම අනුව දිව්‍යලෝක සංකල්පය. ඔය රාමුව ඇතුලේ මාර උත්තර ටිකක්‌ හොයනවා. ඉතිං මම ඔය කියන රාමුවට එහාට ගිය තමන්ට දැනෙන රාමුවක්‌ හදාගත්තා. එතකොට මට පුද්ගලිකව ආගමික වහලෙක්‌ නොවේ. හැබැයි ආගම අදහනවා. නමුත් මම හිතනවා ජීවිතය කියන්නේ ආගම්වලින් කියන දේම නෙමෙයි කියලා. ඉතිං මම හිතුවා මගේ ජීවිතයේ අත්දැකීම් එකතුකරලා කතා කරන්න. මට දැනිච්ච දෙයක්‌ තමයි ඇත්ත කියන දේ. හරි ලොකු ඔසුවක්‌. ඒ ඇත්ත කියන්නේ හොඳ වෙන්න ඕනෑ නෑ. ඇත්ත කියන්නේ ඇත්ත. බොහෝ අය තමන්ගේ ජීවිත ඇතුලේ ඇත්ත සඟවා ගනිමින් බොරුවක්‌ කරනකොට මම සතුටක්‌ ලබනවා ජීවිතයේ හරි ගිය තැන් වගේම වැරදුන තැන් කියමින් ලියන පොතක්‌ මම ඇත්ත කියලා එළිදැක්‌වීම පිළිබඳව.

again1මධුමාධවගේ ජීවිතයේ වැරදුන තැන් මොනවාද?

ජීවිතයේ වැරදුන තැන් එකක්‌ දෙකක්‌ නෙමෙයි. ඕනෑ තරම් තියෙනවා. ඒක මුල ඉඳලාම හැමෝටම එහෙමයි. හැබැයි අපි සමරන්නේ හරි ගිය තැන් ටික විතරයි. ඇත්තටම බැලුවොත් හරිගිය තැන්වලට වඩා වැරදුන තැන් තමයි තමන්ගේ ජීවිතවල වැඩියෙන් තියෙන්නේ. අපි සමරන්න ඕනෑ නිසා හරි ගිය තැන් ටික මතක තියාගෙන එතැන ඉඳලා ඉස්‌සරහ බලනවා. ඒ නිසා එකතැනක්‌ නෙමෙයි මනුස්‌ස ස්‌වභාවයම වැරැද්ද ගැනීම තමයි.

යම්කිසි කාලයකට පස්‌සේ අපි හිතනවා ඒවා හරියට කරනවා කියලා. නමුත් මම හිතනවා ඒවා හරියට කරන්නේ නැහැ කියලා. නොදැනුවත්ම අපි පොඩි කාලේ ඉඳලා මරණය දක්‌වා වරද්දා ගත්තු තැන් ගොඩයි. ඒවා සමරන්න බය නිසා ඒවා ළඟ නවතිනවා වැඩියි. මේ පොත ඇතුලේ තියෙන්නේ වැරදි කියන්නේ නියං කාලයක්‌. නියඟය කොච්චර ආඩම්බර වුණත් පුළුවන්කමක්‌ නැහැ වතුර බිංදුව නැති කරන්න. වතුර බිංදුවකට පුළුවන් නියඟය නැති කරන්න. මම ජීවිතය දකින්නේ වැරදීම් කියන්නේ නියඟයක්‌. එය වළලන්න. එය වැළලූ පසු ඔබේ ගසේ නැවත මල් පිපේවි. හිත්වල හංහාගෙන රස්‌නය තියාගෙන හිටියොත් ඔබට මිනියන් හිතේ තියාගෙන හිටියා වෙනවා. ඉතිං වැරදි අතපසුවීම් කියන සියල්ල වළලන්න ඕනෑ, ගොඩගන්න බැරි විදිහට. එතකොට ඔබ දන්නේම නැතිව ඔබේ ගසේ මල් පිපේවි. මධුමාධවගේ ජීවිතයේ හරියනකොටත් කිව්වා ඔන්න මල් පිපෙනවා කියලා. මගේ ගහේ මල් පිපෙන්න ඕනෑ නැහැ කියලා කියන කොට ආපහු ඇවිත් කිව්වා මගේ ගහේ මල් පිපෙන්න ඕනෑ නැහැ කියලා. මම මිනිස්‌සුන්ට කියන්නේ ඔබට වෙලා තියෙනවා කියලා ප්‍රශ්න ඇතුලේ ජීවත්වෙනවා නම් අනේ මටමයි මෙහෙම වෙන්නේ කියලා හිතන්න එපා. මොකුත් වෙලා නැහැ. ඔබට වැඩිය දේවල් වුණ මිනිස්‌සු හිනාවෙලා ජීවත්වෙනවා. නියං කාලයට මැරුණා වගේ ජීවත්වෙන්න. හැබැයි පළමු වැනි වතුර බින්දුව දෙකෙන්ම ආපහු ජීවිතය සිපගන්න. මට අන්තිමට කියන්න තියෙන්නේ නියං කාලය ආයෙත් ඉවරයි. අරවින්ද යායේ නැවත මල් පිපෙන්න ළඟයි.

වැළලී ගිය දේවල් ඇයි මේ ආපහු ගොඩගන්නේ ?

වළලනවා කිව්වාහම ගොඩක්‌ අය ඒ දේවල් වළලන විදිහ හරි නැහැ. වැළලීම කියන සංකල්පය ඇතුලේ අපි ගෞරවයක්‌නේ දෙන්නේ. තමන්ගේ ජීවිතයේ බොහෝ දේවල් වළලන්නේ කැතට. ඒක ඇත්තක්‌ නෙමෙයි. බොරුවක්‌. ඒක හින්දා මම විශ්වාස කරනවා මගේ ජීවිතයේ සියලු දේවල් අරවින්ද යායේ වැළලුවා. ඉතාම ගෞරවයෙන්. ඔවුන්ට මම දුන්නා ලෝකයේ ඉන්න හොඳම අම්මා. ලෝකයේ ඉන්න හොඳම බිරිඳ. ලෝකයේ ඉන්න හොඳම පෙම්වතිය ආදී නම් වශයෙන් ගෞරව නාම සහිතව වැළලීම සිදුකිරීම අලුත් හුස්‌මක්‌ ගන්න අයිතියක්‌. එතකොට මට කෙනෙක්‌ ළං වෙන්නෙත් ඒවා ගල් ගහගෙන නෙමෙයි. මගේ අතීතය මට වළලන්නේ ඉතාම ගෞරවනීය විදිහට මල්වෙඩි ගහලා. අරවින්ද යාය කියලා මන(කල්පිත නමකුත් දාලා. ඔව් වාරකම් කාලය ඉවරයි. අරවින්ද යායේ මල් පිපෙන ළඟයි.

ඇත්ත කතා කරන්නේ මෙච්චර කල් බොරුවක්‌ කරපු හින්දාද?

නැහැ. මම කවදත් කිව්වට මේක පොතකින් කිව්වේ නැහැ. මාව පුද්ගලිකව දන්න අය ඇහැව්වා ඇයි ඔයා මෙහෙම කියන්නේ. මම හොඳම යෑයි හිතපු මිනිස්‌සු මගේ නරක දැකලා දොස්‌ කිව්වා. ඉතිං මට හිතුණා මේක සාක්‍ෂියක්‌ විදිහට තියලා යන්න ඕනෑ කියලා. මගේ නීතිඥයන් මුණ ගැසිලා මගේ අවසන් කටයුතු සිදුවන්න ඕනෑ ආකාරය අවසන් කරගත්තාට පසුව හිතට හරිම නිදහසක්‌ ආවා. ලංකාවේ කලාකරුවෙක්‌ තමන්ගේ අවසාන කැමැති පත්‍රයත් සිදුවන්න ඕනෑ ආකාරය පොතක ලිව්වා නම් ඒ දේ කළේ මම විතරයි. ඒකත් සාම්ප්‍රදායික මරණයක්‌ නොවන බව මතක්‌ කරන්නම ඕනෑ. මගේ මිනීපෙට්‌ටියේ වටිනාකම රුපියල් හත්දහස්‌ පන්සියයි. ලංකාවේ තියෙන ලාභම මිනී පෙට්‌ටිය. ඒකත් වෙන් කරලා හමාරයි. මුදලාලි මහත්මයෙක්‌ බොහොම ආදරයෙන් ඒක මට දුන්නා. මම අහනවා හැමදේටම ලැහැස්‌තිවෙන අපි අවසන් ගමන යන්න ලෑස්‌තිවෙන්නේ නැත්තේ කියලා. ඒකට අපි හරි බයයි. මම මගේ අවසන් ගමන ලෑස්‌ති කළා. පෙට්‌ටිය ලෑස්‌ති කළා. අවසන් කතාව සංයුක්‌ත තැටියකට ගත්තා. ලංකාවේ ප්‍රථම වතාවට කෙනෙක්‌ විසින් එය සපයනු ඇති. මේවා අලුත් දේවල්. කවුරුවත් කරපු නැති දේවල්.

ඔබේ ජීවිතයේ අවසන් කටයුතු දැන්ම තීරණය කරලා ඉවරයි. එහෙමද?

නැහැ. නැහැ. මම කියන්නේ අපි කතාවට කියනවා අපි ඉතිං මැරෙන මිනිස්‌සුනේ කියලා. නමුත් ජීවත්වෙන්න දරණ උත්සාහය දැක්‌කහම ඒක මට පිළිකුල්. මම කියන්නේ මම දැන්ම මැරෙනවා කියලා නෙමෙයි. හැම ගමනම වගේම ඒ ගමනත් ලැහැස්‌ති කළා ඔබට ස්‌තූති කරන කතාවත් මම කළා. මැරි මැරී ජීවත් නොවනු මිනිහෙක්‌ හින්දයි මම හැම තිස්‌සේම කියන්නේ මගේ ගසේ මල් පිපෙනවා කියලා. මැරෙන බය දැනගෙන ජීවිත්වෙන මිනිහෙක්‌ තමයි මේ පොත ලියන්නේ.

ඇත්ත කතාව කියන්න මෙච්චර කල් ප්‍රමාද වුණේ ඇයි ?

අවුරුදු දහඅටේදී විතර ලිව්වා නම් මේකේ ලියන්න වෙන්නේ පිටු විස්‌සක්‌ විතරයි. විසිපහේදී හිතුවා තව පිටු දහයක්‌ පහළොවක්‌ විතර එකතුවෙයි කියලා. අද වෙනකොට මම මහලොකු වයසක්‌ නැති වුණාට මට තේරෙනවා ලියන්න කාරණා සිද්ධවෙන්න ඕනෑ කියලා ලියන්න. ඉතිං මම ජීවිතය ගැන බලාගෙන හිටියා. පුංචි කාලේ ඉඳන් අවවාද නොසලකා හැරපු අවස්‌ථා තියෙනවා. මම තරම් පන්සල්වලට ගිය තරම් කලාකරුවෙක්‌ නැතිතරම්. පන්සල් ඇතුලට ගිහිල්ලා අපේ හාමුදුරුවරුන්ගේ ළඟම ඇසුරුට ඇවිත් තියෙන දායක සභාවල තනතුරු දරන්නේ එහෙම දහඩිය දාගත්තු මිනිස්‌සුද කියලා හොයන්න ගත්තා. හැබැයි මට හම්බවුණේ නැහැ. ඔය කියන කිසිවෙක්‌ පල්ලි ඇතුලේ පන්සල් ඇතුලේ හිටියේ නැහැ. මේක බොරුවක්‌. අපිව අන්දන කතාවක්‌. අපි ඒකට රැවටිලා ඉන්නේ. එහෙම මිනිස්‌සු පාර්ලිමේන්තුවේ, පන්සලේ නැහැ. පෙරහැරවල නැහැ. ඒ ඇත්තත් මම මේ පොතේ ලිව්වා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පාර්ලිමේන්තුව උණුසුම්-අරුන්දික කථානායක පුටුවට ආක්‍රමණය කරයි(Live)

පාර්ලිමේන්තුව අද පස්වරු 1.30ට යළි රුස්වීමට තීරණය කර තිබුණද මේ වන විට පාර්ලිමේන්තු සභා ගර්භයේ තුළ තිබෙන විරෝධතාවය හේතුවෙන් තවමත් පාර්ලිමේ...


Read More

ශ්‍රේෂ්ඨාධිකරණය ක්‍රියාත්මක කරන්නේ ජනතා පරමාධිපත්‍යයි… සුදුසුම පියවර මැතිවරණයකට යාමයි

නීතියේ විධිවිධානත් රටේ ස්ථාවරත්වයත් අනුව බැලූවිට රටට සුදුසුම පියවර මැතිවරණයක් බව හිටපු අගවිනිසුරු සරත් එන්.ද සිල්වා මහතා පැවසීය. මහින්...


Read More

ජනපති ව්‍යවස්ථාව අකුරටම පිළිපදින්න එකග වෙයි

ඊයේ(14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවේ අංක 01 වගන්තිය ඉවත් කිරීම සහ යළි හෙට(16) දිනයේ දී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත්, ඡන්ද ...


Read More