විදේශ පුවත්

ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් ඇතුළු එරට දේශපාලනඥයන් සියය ගණනගේ පෞද්ගලික තොරතුරු සොරකම් කර අන්තර්ජාලය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර ඇත.

එම දේශපාලනඥයන්ගේ දුරකතන අංක, ඔවුන්ගේ පෞද්ගලික අල්ලාප සල්ලාප, මූල්‍ය විස්තර ඇතුළු පෞද්ගලික විස්තර රැසක් ට්විටර් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර ඇති නමුත් එරට අන්ත දක්ෂිණාංශික පක්ෂයක් වන ‘ඒ.එෆ්.ඩී’ පක්ෂයේ කිසිදු දේශපාලනඥයකුගේ තොරතුරු ප්‍රසිද්ධියට පත්ව නැත.

දේශපාලනඥයන්ට අමතරව මාධ්‍යවේදීන්ගේ සහ එරට සුප්‍රසිද්ධ පුද්ගලයන්ගේ තොරතුරු ද එලෙස ප්‍රසිද්ධියට පත් කර තිබේ.

මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ කවුරුන් ද යන්න පිළිබඳව මෙතෙක් කිසිවක් වාර්තා වී නොමැති අතර මෙය දරුණු ප්‍රහාරයක් යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එරට අධිකරණ ඇමතිනි කැතරිනා බාර්ලි සඳහන් කළාය.

“මෙම ප්‍රහාරය එල්ල කළ පිරිසට අපි ප්‍රජාතන්ත්‍රවාදය සහ ආයතන කෙරෙහි තබා තිබෙන විශ්වාසයට හානි කිරීමට අවශ්‍ය වුණා” යැයි ඇය සඳහන් කළාය.

කෙසේ නමුත් චාන්සලර්වරියගේ කාර්යාලයේ සංවේදී තොරතුරු කිසිවක් ප්‍රසිද්ධියට පත්ව නැතැයි රජයේ ප්‍රකාශිකා මාටිනා ෆීට්ස් සඳහන් කළාය.

කෙසේ නමුත් මන්ත්‍රීවරුන්, යුරෝපා සංගම් මන්ත්‍රීවරුන් ඇතුළු අනෙකුත් දේශපාලනඥයන්ගේ තොරතුරු රැසක් ප්‍රසිද්ධියට පත්ව ඇතැයි ඇය කීවාය.

බී.බී.සී. ඇසුරිනි



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ජාතික සමතා බලවේගයේ මූලික අරමුණ රට බෙදන ව්‍යවස්ථා ක්‍රියාවලිය පරාජය කිරීමයි – අද්මිරාල් සරත් වීරසේකර (Video)

ජාතික සමතා බලවේගය පිහිටුවන්නේ සියලු ජාතික බලවේග එක ධජයක් යටතේ සංවිධානය කිරීමට සහ රට බෙදන ව්‍යවස්ථා ක්‍රියාවලිය පරාජය කිරීමට බව අද්මිරාල්...


Read More

මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලයේ වැඩ භාර ගනියි (Photos)

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී මීට නොබෝ වේලාවකට පෙර වැඩ භාර ගනු ලැබීය. මෙම...


Read More

ආණ්ඩුව කියන්නේ බොරු ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තු වෙබ් අඩවියේ

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පතක් සකස් කර නැති බව රජය පුන පුනා කීවත් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඉංග්‍රීසි භාෂාවෙන් සඳහන් වන පාර්ලිමේන...


Read More