දේශීය පුවත්

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ නිවස වෙත අද (09) පෙරවරුවේ පැමිණ තිබේ.

දුමින්ද දිසානායක මහතා මහත් හරසරින් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගත් අතර, ගෝඨාභය රාජපක්ෂ මහතා හා දුමින්ද දිසානායක මහතා සුහද පිළිසදරක නිරතව ඇත.

එහිදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කර ඇති අතර, දුමින්ද දිසානායක මහතා කියා පවසා ඇත්තේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ ඡන්ද සියල්ල ලබා දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර දිස්ත්‍රික්කය වැඩි ඡන්ද එක් ලක්ෂ පනස් දහසකින් ජයග්‍රහණය කරවන බවය.

මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් අද පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහාබෝධීන් වහන්සේ වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත්තේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

”මම ජීවිතයේ කරපු ලොකුම පිංකම මේක – ආයෙ කවදාවත් සත්ව මාංශ අනුභව කරන්නේ නෑ” ආදිවාසී නායකයාගේ බෞද්ධ ප්‍රතිපත්තිය (Video))

දඹාන ගුරුකුඹුර ආදිවාසී ගම්මානයේ විහාරස්ථානයක චෛත්‍යක් ඉදිකිරීම සඳහා මංගල ශිලා ප්‍රතිස්ඨාපනය කිරීම පසුගියදා සිදුවුණි. එහිදී සතුටු කඳුලු...


Read More

චීනයේ සිටි සිසුන් 50ක් මව්බිමට

චීනයේ අධ්‍යාපනය ලැබීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 50 දෙනෙකු අද සවස කටුනායක ගුවන් තොටුපළට චීනයට අයත් ගුවන් යානා දෙකකින් පැමිණියේය. මෙය...


Read More

ගුණරුවන් කමිටුව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයට කන් දෙයි… MCC ගිවිසුම පිළිබද මහජන අදහස් විමසීමට තීරණය කරයි

M.C.C ගිවිසුම පිළිබඳව අධ්‍යනය කොට වාර්තා කිරිම සඳහා ජනාධිපතිතුමා විසින් පත් කරන ලද ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්ම...


Read More