විදේශ පුවත්

අභාවප්‍රාප්ත තමිල්නාඩු මහ ඇමැතිනිය ජයලලිතා ජෙයරාම් මහත්මිය රෝහල් ඇඳේ සිටින වීඩියෝ පටයක්‌ මාධ්‍ය වෙත නිකුත්වීමත් සමඟ මහත් ආන්දෝලනයක්‌ හටගෙන තිබේ.

තත්පර විස්‌සක මෙම වීඩියෝ පටය නිකුත් කර ඇත්තේ තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මන්ත්‍රීවරයකු වන ජී. වෙට්‌ටි්‍රවෙල් විසිනි.

මෙම වීඩියෝ පටයේ දැක්‌වෙන්නේ හිටපු මහ ඇමැතිනිය යම්කිසි පානයක්‌ බොමින් රූපවාහිනී බලන ආකාරයයි.

ජයලලිතාගේ මරණයෙන් පසුව ප්‍රකාශ වූයේ ඇය රෝහල්ගතව සිටි කාලය පුරාම විසඥව සිටි බවයි.

නමුත් මේ වීඩියෝව නිසා ජයලලිතාගේ මරණය සැකසහිත බවට සිදුකළ ප්‍රකාශවලට අලුත් පණක්‌ ලැබේ.

තමිල්නාඩු දේශපාලන පක්‍ෂ ප්‍රකාශ කරන්නේ මේ වීඩියෝපටය නිකුත් කර ඇත්තේ අද (21 දා) පැවැත්වෙන අතුරු මැතිවරණයකදී යම් වාසියක්‌ ලබා ගැනීමට බවයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

20වැනි සංශෝධනයට ජනමත විචාරණයක් ඕනෑ

යෝජිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අසාර්ථක ප්‍රයත්නයක් බවත් එවැනි සංශෝධනයක් රැගෙන එනවා නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත් හිටපු ජනාධිපති...


Read More

‘20’ ගෙනා ජවිපෙ අලි අමාරුවේ.. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ජනමත විචාරණයක්!

පිිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය. විධා...


Read More

ඩොලර් මිලියන 2 කට 20 ට ඡන්දය දුන්නොත් ඒක මහ දේශද්‍රෝහී ක්‍රියාවක් – අද්මිරාල් සරත් වීරසේකර

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දෙන මන්ත්‍රීවරුන්ට ඩොලර් මිලියන 2 බැගින් බෙදා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව අද්මිරාල් සරත් වීරසේකර...


Read More