මුහුණු පොතෙන්

සුප්‍රකට ළමා චිත්‍රපට කතා මාලාවක් වන , හැරී පෝටර් පැළඳ සිටින විස්මිත තොප්පිය (Sorting Hat ) නිපදවූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ව්ද්‍යා පීඨයේ , පරිගණක විද්‍යා දෙපාර්තමේන්තුවේ  සිසුන් විසින් එය ජාත්‍යන්තර රොබෝටික්  තරඟාවලියකට ඉදිරිපත් කර , ඒ සඳහා පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වී විය.

ඒ.සී. ගම්මන්පිල , ඒ.පී.විජේසිංහ , ටී.එන්.වන්නිආරච්චි , ඊ.එම්.වී.එන්.අමාජීව , ඩී.වයි.ජයසිංහ සහ පී.රවීන්ද්‍ර එස්.ද .සිල්වා එම සිසුන් පිරිසයි.

මෙම තොප්පිය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළ එම විශ්ව විද්‍යාල සිසුන් .

“මෙම තොප්පිය සම්පූර්ණයෙන්ම පරිගණක ඇසුරින් ක්‍රියාත්මක වෙනවා .

මෙම තොප්පිය පැලඳ සිටින අයෙකු අසලට කවුරු හෝ පුද්ගලයකු පැමිණියහොත් ,  ඒ බව මෙම තොප්පිය පැලඳ සිටින පුද්ගලයාට , තොප්පිය තුල සවි කර ඇති සංවේදක මගින්  දැනුම් දෙනවා.

ඊට අමතරව “ඔටිසම්” රෝගය වැළඳිය ඇති දරුවන් නිතරම සමාජශීලී නැහැ . ඔවුන් අනෙක් දරුවන් සමග කතා කිරීමට භයයි.අකමැතියි .

එම දරුවන්ට මෙම “ඔටිසම්” රෝගී තත්ත්වය  වැළඳී ඇත්ද ,  නැද්ද යන්න  මුලින්ම අනාවරණය කරගැනීමට මෙම තොප්පිය සමත් වෙනවා .

එම රෝගී තත්ත්වයෙන් පෙළෙන දරුවන් , මෙම තොප්පිය පැළඳීමෙන් , ඔවුන්ගේ මොළයේ නියුරෝන වෙත යොමු කෙරෙන උත්තේජන මගින් අනෙක් දරුවන් සමඟ සාමාන්‍ය පරිදි සතුටින් ගත කිරීමට මෙහි ඇති පරිගණක ක්‍රියාකාරීත්වය උපකාර කරනවා.”

මෙම xi ජාත්‍යන්තර රොබෝටික් තරගාවලිය  ඉකුත් නොවැම්බර් මස 26 දා සිට 29 දා තෙක් යුරෝපයේ ආසියාවේ සහ ඇමරිකාවේ පිළිගත් විශ්වවිද්‍යාල නියෝජනය කරමින් පැමිණි සිසුන් පිරිස් සහභාගීත්වයෙන් ස්පාඤ්ඤයේ , මැඩ්රීඩ් නුවර පැවති අතර , එම  සියලුම සිසුන් ඉදිරිපත් කර නිර්මාණ පරදවා මෙම ශ්‍රී ලාංකික සිසුන් ඉදිරිපත් කළ මෙම හැරී පෝටර් තොප්පිය ,  මෙම ජයග්‍රහණය දිනාගෙන තිබුණි .

මෙම සිසුන් පිරිස මෙම ජයග්‍රහණය ද රැගෙන , ඊයේ (01)  දින රාත්‍රි 8.40 ට  ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන  ගුවන් යානයෙන් දරන ගුවන් යානයෙන් කටුනායක  ගුවන් තොටුපළ වෙත පැමිණි අතර ,  ඔවුන් පිළිගැනීමට එම සිසුන්ගේ දෙමාපියන් , එම   විශ්වවිද්‍යාලයේ සහෝදර සිසුන් මෙන්ම ,එම විශ්වවිද්‍යාලයේ අධ්‍යයන අංශයේ කථිකාචාර්ය වරුන් ද ගුවන් තොටුපළ  වෙත පැමිණ සිටියහ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

හිතවත්කමට පත් කළ තානාපතිවරු 30 ක් ඉවතට

පසුගිය රජය විසින් තම පෞද්ගලික හිතවත්කම මත රටවල් කිහිපයකට පත් කළ තානාපතිවරුන්, මහකොමසාරිස් වරුන් සහ විදේශ සේවා නිළධාරීන් රැසක් එම ධූරවලින්...


Read More

ස්විස් වැඩේ රහස් එළියට

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සුදුවෑන් සිද්ධිය ගැන පරීක්ෂණ සිදුකරන පරීක්ෂකයන් එහි සුලමුල අනාවරණය කරගෙන ඇතැයි ඉහළ පෙළේ ආරක්ෂක ආරංචි මාර්...


Read More

ගොවි බිම් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ආපදාවට ලක් වෙලා… වන්දි ලබාදීමට වහාම කටයුතු කරන්න…

දිවයිනට බලපා තිබෙන අධික වර්ෂාවත් සමග ගොවි ජනතාවගේ ගොවි බිම් අක්කර ලක්ෂයකට අධික ප්‍රමාණයක් ජලයෙන් යටවීමෙන් හා වී, එළවලු, පලතුරු, සුළු අපනය...


Read More