දේශීය පුවත්

රටේ ආරක්ෂාව හෝ යුද අපරාධ චෝදනා පිළිබඳව අදහස් දක්වනවා නම් ජනාධිපති එය සිදු කළ යුත්තේ මහා මණ්ඩලයේ ඉදිරියේ දි නොව ජීනිවා නුවර මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ බව ගුණදාස අමරසේකර පවසයි.

ජාතික සංවිධාන එකමුතුව විසින් නාවල රාජගිරියේ පිහිටි ජාතික සංවිධාන පොදු මධ්‍යස්‌ථානයේදී කැඳවා තිබු මාධ්‍ය හමුවේදි ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

“පළමුවෙන්ම ප්‍රකාශ කළ යුතු දේ තමයි ජනාධිපතිතුමා යා යුතුව තිබුණේ නිව්යෝර්ක්‌ නුවර පිහිටි එක්‌සත් ජාතීන්ගේ සම්මේලනයට නොවෙයි. එතුමා යා යුතුව තිබුණේ ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත. පසුගිය දිනවල සරත් වීරසේකර මහතා ඇතුළු ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සාමාජිකයන් සහභාගි වූයේ ජිනීවාවල මානව හිමිකම් කොමිසමට. එම කොමිසම හමුවේදී ඔවුන් යුද අපරාධ චෝදනාව අභූත චෝදනාවක්‌ බව පෙන්වා දීමට සාක්‍ෂි ඉදිරිපත් කළා. ජනාධිපතිතුමාත් කළ යුතුව තිබුණේ එම කටයුත්ත තමයි. නෙස්‌බි සාමිවරයා ප්‍රකාශ කළා 40,000 ක්‌ ඝාතනය කළ බවට ඉදිරිපත් කර ඇති යුද අපරාධ චෝදනාව අසත්‍යයක්‌ බව. එම වාර්තා තවම කොමිසම හමුවට ඉදිරිපත් කරල නෑ. එම වාර්තාව ඇතුළු යුද අපරාධ සිදුවී නොමැති බවට තිබෙන වාර්තා තමයි ඉදිරිපත් කළ යුතුව තිබුණේ. ජනාධිපතිතුමා එම වාර්තාවන් ඉදිරිපත් කළා නම් යම්කිසි වැඩක්‌ වෙන්න ඉඩ තිබුණා. එසේ නොමැතිව එක්‌සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලයට ගිහින් එම කාරිය පිළිබඳව කතා කළත් කුමන ප්‍රතිඵලයක්‌ ඇතිවේද කියන එක පිළිබඳව අපට සැක සහිතයි.”

“ඒ වගේම මෙහිදී ජනාධිපතිතුමා යම්කිසි ගනුදෙනුවක්‌ කිරීමට සූදානම් වන බව පෙනෙන්න තිබෙනවා. එතුමා කරන ප්‍රකාශ අනුව ඒ බව පැහැදිලි වෙනවා. එතුමා දිගටම යුද අධිකරණ පිහිටුවීමට ඉඩ නොදෙන බවත්, හමුදා සොල්දාදුවන් බිල්ලට නොදෙන බවත් ප්‍රකාශ කළා. එම කරුණ අනුව සිද්ධවෙන්න යන ගනුදෙනුව මොකද්ද කියන එක අපට හිතාගන්න පුළුවන්කම තිබෙනවා.”

“ඒ අනුව ජනාධිපතිතුමා එක්‌සත් ජාතීන්ගේ මහා මණ්‌ඩලයේදී යුද අපරාධ චෝදනාව විභාග කිරීම නවතා දමන ලෙස ඉල්ලා සිටීමට ඉඩ තිබෙනවා. එම ඉල්ලීමට එකඟ වුවහොත් විශේෂයෙන්ම, ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත ඉවත් කර ගැනීමට, සංහිඳියාව ඇති කිරීම සඳහා නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒමට සහ සත්‍ය සෙවීමේ කොමිසමක්‌ පිහිටුවීමට එකඟවේවි. ජනාධිපතිතුමා එබඳු යෝජනාවක්‌ ඉදිරිපත් කළොත්, යුද අපරාධ සිද්ධ වී තිබෙන බව අපිට පිළිගන්න වෙනවා. මොකද ජනාධිපතිතුමා යුද අපරාධ පරීක්‍ෂා කරන්න එපා කියල කියන නිසා. නමුත් ජනාධිපතිතුමා ප්‍රකාශ කළ යුත්තේ යුද අපරාධ චෝදනා බොරුවක්‌ කියන එක තමයි. ඒ අනුව බැලුවහම ජනාධිපතිතුමා කරන්නෙත් මංගල සමරවීර ඇමැතිතුමා කළ දේම තමයි. මංගල ඇමැතිතුමා යුද අපරාධ චෝදනා පිළිගන්නා බව ප්‍රකාශ කළා. දැන් ජනාධිපතිතුමාත් සූදානම් වන්නේ වක්‍රාකාරව ඒකම කීමට තමයි. ජනාධිපතිතුමා යුද අපරාධ චෝදනා ප්‍රතික්‍ෂේප කරනවා නම් ඒක කිවයුත්තේ මානව හිමිකම් කොමිසමට. ඒ එතුමා එලෙස කටයුතු නොකර එක්‌සත් ජාතීන්ගේ මහා මණ්‌ඩලයට යෝජනාවක්‌ ඉදිරිපත් කිරීමෙන් මම ඉහත සඳහන් කළ ආකාරයේ ගනුදෙනුවකට සූදානම් වන බව පෙනෙන්න තිබෙනවා. එම ගනුදෙනුව නිසා ඇතිවන තත්ත්වය ලෙඩේට වඩා ලෙඩේට දෙන බෙහෙත භයානකයි වගේ තමයි අපිට පෙනෙන්න තිබෙන්නේ. එය අපට කිසි ලෙසකින් අනුමත කිරීමට බැහැ. මොකද එබඳු යෝජනාවක්‌ ඉදිරිපත් කරනවා නම් අපට අනිවාර්යයෙන්ම රට බෙදන ව්‍යවස්‌ථාව ගෙන ඒමට සිද්ධ වෙනවා. එම නිසා ජනාධිපතිතුමා එබඳු යෝජනාවක්‌ ඉදිරිපත් කරනවා නම් අපි සම්පූර්ණයෙන්ම හෙළාදකිනවා.”



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

2020 දී සජිත්ද? කරුද? එජාප ප්‍රබලයන් අතර කසුකුසු

2020 ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණෙන් සජිත් ප්‍රේමදාස මහතා හෝ කරු ජයසූරිය මහතා ඉදිරිපත් කිරීම සඳහා එජාපයේ ප්‍රබලයන් පිරිසක් සාකච්...


Read More

යහපාලන දීගය ගැන වාර්තාවක් ලබන සතියේ මෛත්‍රි අතට

යහපාලන ආණ්ඩුවෙන් ඉවත්වීම පිළිබඳව තීරණය කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාව විසින් පත් කළ කමිටුවේ වාර්තාව එළැඹෙන සති අන්තයේදී...


Read More

භාරකාර ආණ්ඩුව පසෙකට..අය-වැය පරාජය කොට මැතිවරණයකට යාම සදහා මෛත්‍රී-මහින්ද නිල හමුවක්

නව ආණ්ඩුවක් සම්බන්ධයෙන් නිල සාකච්ඡාවක් ඉදිරි දෙසතිය තුළ මහින්ද රාජපක්ෂ හා ජනපති මෛත්‍රීපාල සිරිසේන අතර සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග...


Read More