Notice Board

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ පදවි ප‍්‍රාප්තියේ සිවු වසර සැමරුම අදට (08 වැනිදාට) යෙදී තිබේ.

පදවිප්‍රාප්ත වී සිවුවසරක් සම්පූර්ණ කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ රටට සුබපතා රට පුරා විවිධ ආගමික වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙන අතර, ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සංවිධාන කළ පරිත්‍රාණ ධර්ම දේශනයක් ඊයේ (7) රාත්‍රියේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ නන්දෙසින් වැඩම කළ මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් මේ පරිත්‍රාණ ධර්ම දේශනය පැවැති අතර ඊට අමතරව අද (08) උදෑසන දානමය පුණ්‍ය කර්මයක් ද පැවැත්විණි.

2015 ජනවාරි 08 වැනිදා ජනාධිපති ධුරයට පත් මෛති‍්‍රපාල සිරිසේන මහතා මේ රටේ 06 වැනි විධායක ජනාධිපතිවරයා වේ.

2015 ජනාධිපතිවරණයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණෙන් පොදු අපේක්ෂකයා ලෙස තරග කළ මෛති‍්‍රපාල සිරිසේන මහතා ඡන්ද හැට දෙලක්ෂයකට අධික සංඛ්‍යාවක් ලබා

ගනිමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කළේය.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් සහ ඒ මහතාගේ සංකල්පයක් යටතේ ති‍්‍රපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීම පසුගිය 05 වැනිදා මාතලේදී සිදු කෙරිණි.

ජනාධිපතිවරයාගේ පදවි ප‍්‍රාප්තිය නිිමිත්තෙන් දිවයින පුරා ආගමික වතාවත් පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලයේ වැඩ භාර ගනියි (Photos)

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී මීට නොබෝ වේලාවකට පෙර වැඩ භාර ගනු ලැබීය. මෙම...


Read More

ආණ්ඩුව කියන්නේ බොරු ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තු වෙබ් අඩවියේ

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පතක් සකස් කර නැති බව රජය පුන පුනා කීවත් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඉංග්‍රීසි භාෂාවෙන් සඳහන් වන පාර්ලිමේන...


Read More

මරණ දණ්ඩන ලිපිගොනු අතුරුදන්.. එහෙත් මරණ දණ්ඩනය දෙන්න මම ගත්ත තීන්දුවේ වෙනසක් නෑ – ජනපති

මත්ද්‍රව්‍ය හේතුවෙන් මරණීය දණ්ඩනයට නියම වූ පුද්ගලයින්ගේ මරණීය දණ්ඩය නියම කිරීම සඳහා අත්සන් කළයුතු ලිපිගොනු අතුරුදහන් වී ඇති බව ජනාධිපති ම...


Read More