දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධූරයෙන් විශ්‍රාම ගැනීම නිමිත්තෙන් ලබන 14දා (බ්‍රහස්පතින්දා) ජනාධිපති කාර්යාලයේ දී විශේෂ නිල උත්සවයක් සංවිධානය කර ඇත.

එදින උදෑසන 11.00ට ජනාධිපති මන්දිරයේ පැවැත්වෙන මේ උත්සවය සඳහා ජනාධිපති කාර්ය මණ්ඩලයට ආරාධනා කර තිබේ. මෙම උත්සවයේ දී ජනාධිපතිවරයා විශේෂ තිළිණ ප්‍රදානයකට සහභාගි වන අතර දරුවන් වෙනුවෙන් විශේෂ ලොතරුයි පතක්ද ආරම්භ කෙරේ.

අනතුරුව සියලුම කාර්ය මණ්ඩල සේවකයන්ට දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්වෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වන අවසන් අමාත්‍ය මණ්ඩල හමුව ලබන බදාදා පැවැත්වෙනු ඇතැයි ද වාර්තා වෙයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කොටි හුරතල් ඉවරයි …උතුරු – නැනෙහිර සුසාන භූමිවල සැමරුම් බෑ – ආරක්‍ෂක අංශ තදින් සිටියි

නොවැම්බර් 27 දාට යෙදෙන මියගිය කොටි සැමරීමේ උත්සව උතුරේ සහ නැගෙනහිර කොටි සුසාන භූමිවල පැවැත්වීම සඳහා ඉඩ නොදෙන බව ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මා...


Read More

මහින්ද අගමැති ලෙස අද දිවුරුයි…කැබිනට්ටුවට නම් 15ක්… පොහොට්ටුවට 12යි – ශ‍්‍රීලනිපයට 3යි…ඇමතිකම් බෙදෙන හැටි මෙන්න

අගමැති ධුරයෙන් රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්වීමෙන් පැවැති රජය අහෝසි වීම නිසා භාරකාර රජයක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත. නව ඇම...


Read More

විපක්ෂනායක පුටුවට රනිල් – සජිත් සටනක – රනිල් පන්නන්න සජිත් පිල සිරිකොත වටලයි

අගමැතිවරයා ධුරයෙන් ඉවත් වීමත් සමග විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අගමැති ධුරයේ දිවුරුම් දීමට නියමිතව ඇත. භාරකාර රජයේ විපක්ෂ නායක ධුරයට සජිත...


Read More