දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධාන ගත නොවුණහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජයග්‍රහණය කළ නොහැකි යැයි කියන්නේ කිසි දිනෙක මැතිවරණයකට තනිව තරග නොකළ පිරිසක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළේය.

පොදුජන පෙරමුණට තනිව තරග කර ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කළ හැකි ආකාරය පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ලොවටම පෙන්වූ බව පැවැසූ රණතුංග මහතා මීළඟ ජනාධිපතිවරයා මෙන්ම මීළඟ ආණ්ඩුවත් බිහිවන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් බවත් අවධාරණය කළේය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ රුපියල් ලක්ෂ 10ක වියදමින් සංවර්ධනය කෙරුණු මිනුවන්ගොඩ, උඩුගම්පොළ, පේඩිපොළ මාර්ගය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

එහිදී හෙතෙම මෙසේද පැවැසීය.

අලුතෙන් හදපු පක්ෂයක් වශයෙන් පොදුජන පෙරමුණ ඒ ලැබූ ජයග්‍රහණයට සුළුකොට තකන්න කාටවත් බැහැ. පක්ෂයක් වශයෙන් පොදුජන පෙරමුණට ඒ ජයග්‍රහණය ලබන්න හැකිවුණේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආශීර්වාදයෙන් කියන එකත් අපි මතක් කරන්න ඕනේ.

දැන් සමහරු පොදුජන පෙරමුණේ සන්ධානයක් ගැන කියනවා. නිදහස් පක්ෂය සමඟ එකතු නොවුණොත් දිනන්න බැහැ කියනවා. පක්ෂයක් වුණාම සහෝදර පක්ෂ සමඟ එකතු වෙන්න ඕනේ කියන එක අපි පිළිගන්නවා. හැබැයි පොදුජන පෙරමුණට සන්ධාන ගත නොවීදිනන්න බැහැ කියන මතය අපි පිළිගන්නේ නැහැ. මොකද 2018 පළාත් පාලන මැතිවරණයේදී අපි දිනලා පෙන්නුවා.

පොදුජන පෙරමුණ තනියම මැතිවරණයට තරග කළ යුතුයි කියන මතයේ අපි එදත් හිටියා. අදත් ඉන්නවා. හෙටත් ඉන්නවා. අපි මේ මතයේ නොහිටියා නම් 2015 අගෝස්තු මහ මැතිවරණයේදී මහින්ද මහත්තයාගේ පාර්ශ්වයට වෙච්ච අකටයුතුකම් මේ පාරත් වෙනවා.

පොදුජන පෙරමුණ කියන්නේ ජන බලවේගයක්. ඒ බලවේගය වටා දිනෙන් දින ජනතාව එකතු වෙනවා. දිනෙන් දින අපේ පක්ෂය ශක්තිමත් වෙනවා. 2019 ජනාධිපතිවරණයත් දිනලා 2020 මහ මැතිවරණයත් දිනලා අපි පොහොට්ටුවේ ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් හදනවා කියලා කවුරුත් මතක තබා ගත යුතුයි. රට හදන්න පුළුවන් අපේ ආණ්ඩුවකට පමණයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ගිවිසුම් 3කින් සහ පනත් 6කින් දියත් වන ඇමරිකානු මෙහෙයුම ගැන විමල්ගෙන් කෙස් කෙලින්වෙන හෙළිදරව්ව්ක් (Video)

‘STOP USA’ සංවිධානය බිහි කරනු ලැබුවේ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය සමඟ සිදු කෙරෙන ආර්ථික හෝ වෙළඳ කටයුතු නතර කර දැමීමට නොව එහි 7 වැනි ඉන්දු ...


Read More

ජාතික ආරක්ෂාව පවතින්නේ හමුදාව හෝ ඔත්තුසේවා මත නොව පාලකයින්ගේ දැක්ම සහ ආකල්ප මතයි

සමාජයේ අති බහුතරයක් විශ්වාස කරන ආකාරයට රටේ ජාතික ආරක්ෂාව රදා පවතින්නේ හමුදාවේ ප්‍රමාණය හෝ ඔත්තුසේවා වල ක්‍රියාකාරීත්වය මත නොවන බව හිටපු හ...


Read More

යුද අපරාධ චෝදනා ඇති ද්විත්ව පුරවැසියන්ට නීති පියවර – ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව කියයි

යුද අපරාධ චෝදනා එල්ලවී ඇති ඇමරිකානු ශ‍්‍රී ලංකා ද්විත්ව පුවරුසියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය...


Read More