ප‍්‍රධාන පුවත්

ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පසුව කැබිනට් මණ්ඩලය සංශෝධනය කර ක්‍රියාකාරී දක්ෂයින්ට තනතුරු ලබාදීමට සැලසුම් කර ඇතැයි ආණ්ඩුවේ දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි. පසුගිය වසරවලදී ඇතැම් අමාත්‍යාංශවල ප්‍රගතියක් පෙන්වා නොමැතිවීම සහ අය වැයෙන් වෙන් කරන මුදල් සංවර්ධන ව්‍යාපෘතිවලට ප්‍රයෝජනයට නොගැනීම වැනි හේතු මුල්කරගනිමින් මෙලෙස කැබිනට් මණ්ඩල සංශෝධනයක් ගෙන ඒමට අපේක්ෂා කරන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව පළාත් මැතිවරණයෙන් පසු ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර මීට අදාළව මූලික සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් එහිදී කැබිනට් සංශෝධනය පිළිබඳවත් තීරණය කිරීමට නියමිතය. ඉන් පසුව ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගත් අගමැතිවරයා එක්සත් ජාතික පක්ෂය සමගත් සාකච්ඡා කර ඇමැතිධුර පිළිබඳ තීරණය කිරීමට නියමිත බවද ආරංචි මාර්ග අනාවරණය කරයි. දේශපාලන වශයෙන් ඉදිරියට යාම පිළිබඳව ආණ්ඩුව තුළ විවිධ සාකච්ඡා ඇතිවී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැතිවරයෙක් පත්කර ආණ්ඩුව ඉදිරියට රැගෙන යාම හෝ කැබිනට් මණ්ඩලය පමණක් සංශෝධනය කර ඉදිරියට යාම යන යෝජනා දෙක ඉදිරිපත් වී තිබේ. ඒ අනුව අගමැතිධුරය වෙනස් නොකර කැබිනට් මණ්ඩල සංශෝධනයකින් පසුව ආණ්ඩුවේ ඉදිරි වසර දෙක සාර්ථකව ඉදිරියට ගෙන යාමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පොහොට්ටුවට සහය දෙන අයගේ මන්ත‍්‍රී ධුර අහෝසියි…

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කිසියම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සෘජුව හෝ වක‍්‍රව...

93 ක නාම යෝජනා අදින් අවසන්.. ඉතිරි 248 සදහා 18 සිට 21 දක්වා නම් කැදවයි..

පළාත් පාලන ආයතන 93ට අදාළ නාමයෝජනා භාරගැනීම අද (14) දහවල් 12.00 න් අවසන් වේ. මෙම පළාත් පාලන ආයතන 93 ට මහනගර සභා 7 ක් නගර සභා 18 ක් සහ ප‍්...

ජානිපෙන් ඉවත් වූ වීරකුමාර, පියසිරි සහ කුමාර ශ්‍රීලනිපයට

පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විඡේනායක සහ උතුරු මැද පළාත් සභා හිටපු මන්ත්‍රී පී. බී, කුමාර ...