මොහාන් සමග අඳුරෙන් එළියට

ජාත්‍යන්තර මැයි දිනය 01 වැනිදාට යෙදී තිබුනි. මෙදින ලොව පුරා ජනතාව එම ඓතිහාසික දිනය මහත් උත්සවශ්‍රීයෙන් පවත්වනු ලැබීය. මැයි දිනයේ ආරම්භය ෙ€දවාචකයකි. ඇමෙරිකාවේ, චිකාගෝ නුවර වැඩකරන ජනතාව පැය අටේ වැඩමුරය ඉල්ලා කළ උද්ඝෝෂණයකට හාම්පුතුන් සහ පොලිසිය ප්‍රතිචාර දැක්‌වූයේ වෙඩි ප්‍රහාර එල්ල කිරීමෙනි. මේ සිද්ධිය හේමාකට්‌ සිද්ධිය ලෙස හඳුන්වනු ලබයි.

වර්ෂ 1888 මැයි 04 වැනිදා චිකාගෝ නුවරදී පොලිසිය කම්කරු ජනතාවට තැබූ වෙඩි ප්‍රහාරවලින් චිකාගෝ මාර්ගයේ රතු ලේ ගලා ගියේය.

මෙදින ආරම්භ වූ සාමකාමී විරෝධතාව මැද පොලිසියට බෝම්බයක්‌ එල්ල විය. ඉන් කෝපයට පත් පොලිසිය කම්කරුවන්ට වෙඩිතැබීය. එහිදී පොලිස්‌ නිලධාරීන් හය දෙනක්‌ ද මරුමුවට පත්වූහ. එම පසුබිම මත පොලිසියට ප්‍රහාර එල්ල කර අරාජික තත්ත්වයක්‌ ඇති කිරීම හා කම්කරුවන් හත් දෙනකුට මරණ දඬුවම නියම විය. තවත් අයකුට වසර 15 ක සිරදඬුවමක්‌ නියම විය.

මරණ දඬුවම නියම වූ පිරිසගෙන් එක්‌ අයෙක්‌ සිර ගෙදරදී සියදිවි හානි කරගනු ලැබීය.

පසුව ඉලිනොයිස්‌ නව ආණ්‌ඩුකාර ලෙස පත් වූ පීටර් ජෝන් කම්කරුවන්ට එරෙහිව නඩු විභාගය වැරදි බව පවසා සිරගෙයි සිටි ඉතිරි කම්කරුවන්ට සමාව දුන්නේ ය.

චිකාගෝ නුවරදී ආරම්භ වූ එම පැය අටේ සේවා කාලය ලබාගැනීමේ උද්ඝෝෂණය පසුව ජාත්‍යන්තර මැයි දිනය බවට පත්විය.

මෙම උද්ඝෝෂණයේදී කම්කරුවන් සිවු දෙනෙක්‌ මියගොස්‌ 70 කට තුවාල සිදුවිය. 100 කට අධික පිරිසක්‌ අත්අඩංගුවට ගනු ලැබීය. පොලිස්‌ නිලධාරීන් 60 ක්‌ ද තුවාල ලැබූහ.

උද්ඝෝෂණය මෙහෙයවීමේ ප්‍රධාන චරිත වූයේ ඕගස්‌ට්‌ ස්‌පයිස්‌ ඇල්බට්‌ පාර්යන්ස්‌, කාටර් ගැරිසන්, සැමුවෙල් පිල්ට්‌න් සහ ජෝන් බොයිපිල්ට්‌ ය.

චිකාගෝ නුවරදී මැයි 01 වැනිදා ආරම්භ වූ උද්ඝෝෂණයේ ඉල්ලීම වූයේ දිනකට පැය අටක සේවා මුරයයි.

මැයි 04 වැනිදා සවස හේමාකට්‌ චතුරශ්‍රය වෙත පැමිණි කම්කරුවන් 3000 කට අධික පිරිසක්‌ විරෝධතා රැස්‌වීමක්‌ ආරම්භ කළේ සාමාන්‍ය ලෙසිනි.

ඉන්පසු එය කලබලකාරී තත්ත්වයකට පත් වූයේ හාම්පුතුන් විසින් යොදවනු ලැබූවන්, පොලිසියට ප්‍රහාර එල්ල කිරීමයි. අනතුරුව අත්අඩංගුවට ගනු ලැබූවන්ට එරෙහි නඩු විභාගය 1886 ජුනි 21 වැනිදා ආරම්භ විය.

විනිසුරු ජෝහන් හැරී එහිදී ක්‍රියා කළේ චූදිතයන්ට එරෙහිවය.

චූදිතයන් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් නඟන ප්‍රශ්න ප්‍රතික්‌ෂේප කළ විනිසුරු හැරී නඩුව විභාග කළේ ඔහුට අවශ්‍ය පරිදිය.

ඒ නිසාම චූදිතයන් අට දෙනා වැරදිකරුවන් ලෙස ජූරිය විසින් තීන්දු කෙරිණි.

1887 වසරේදී හැරී විනිසුරුගේ ක්‍රියාදාමයට එරෙහිව අභියාචනයක්‌ ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුවිය. එහෙත් එය ප්‍රතික්‌ෂේප විය.

මේ නිසා 1887 නොවැම්බර් 01 වැනිදා එන්ජල්, පිචර්, පාර්සන්ස්‌ සහ ස්‌පයිස්‌ යන කම්කරු නායකයන් එල්ලා මරාදමනු ලැබීය.

එල්ලා මරාදමනු ලැබූවන්ගෙන් පාර්සන්ස්‌ගේ බිරිය තම සැමියා වූ පාර්සන්ස්‌ අවසන් වරට දැක ගැනීමට දැරූ උත්සාහයේදී අත්අඩංගුවට ගැනිණි.

මෙම නඩු විභාගයේදී සිදු වූ විස්‌මයජනක සිද්ධිය නම් පොලිසියට බෝම්බ ප්‍රහාරය එල්ල කළ බව කියන සැකකරුවකු නොවීමයි.

1915 වසරේදී හේමාර්කට්‌ සිදුවීම සැමරීමට ලින්කන් උද්‍යානයේදී ස්‌මාරකයක්‌ ඉදිවිය.

ඒ මෙයට වසර 132 කට පෙර ඇමෙරිකාවේ චිකාගෝ නුවරදී පැය අටේ වැඩමුරය ඉල්ලා සිදු වූ උද්ඝෝෂණය ඉන්පසු ජාත්‍යන්තර මැයි දිනය බවට පත්විය.

ශ්‍රී ලංකාව ද මැයි දිනය සෑම වසරකම සමරන අතර ඡේ. ආර්. ජයවර්ධන පාලන සමයේ එක්‌ වතාවක්‌ මැයි 01 වැනිදා මැයි දිනය පැවැත්වීම තහනම් විය.

එහෙත් ල. ස. ස. ප. සහ කොමියුනිස්‌ට්‌ පක්‍ෂය ඇතුළු වෘත්තීය සමිති ඉබ්බන්වල හන්දිය අසලදී මැයි දින පෙළපාලියක්‌ පැවැත්වීමට දැරූ උත්සාහයට පොලිස්‌ ප්‍රහාර එල්ලවිය. එහිදී යූනියන් පෙදෙසේ ල. ස. ස. ප. මූලස්‌ථානය ඉදිරියේ පීප්පයකට නැඟුණු ලසසප නායක කොල්වින් ආර්. ද සිල්වා ජනතාව අමතා කතා කිරීමට සැරසුණු අවස්‌ථාවේ වාසුදේව නානායක්‌කාර ද එම පීප්පයකට නැඟීමෙන් දෙදෙනාම බිම වැටුණි.

එහිදී දින කිහිපයක්‌ ප්‍රතිකාර ගැනීමට කොල්වින් ආර්. ද සිල්වාට සිදුවිය. පසුව රෝහලේදී ඔහු පැවසුවේ නානායක්‌කාර පීප්පයට නැඟුන නිසා පීප්පය පෙරලුන බවයි.

මේ පසුබිම මත වැඩි වැටුප් ඉල්ලා මෙරට කම්කරු ජනතාව ආරම්භ කළ වැඩවර්ජනයන් ඔවුන්ට පාරාවළල්ලක්‌ විය. ඒ අතීතය අද වසන් වී ඇත. ජුලි වැඩවර්ජනය ලෙස හැඳින් වූ මේ වැඩවර්ජනයේදී එවකට පාලක එක්‌සත් ජාතික පක්‍ෂ රජයේ සේවකයන් අති විශාල පිරිසක්‌ රැකියාවෙන් නෙරපනු ලැබීය.

මේ වැඩවර්ජකයන්ගෙන් සෑහෙන පිරිසක්‌ අකාලයේ මියගිය අතර සමහරු දිවිනසා ගනු ලැබීය.

එදා අසරණ තත්ත්වයට පත් වූ එම රජයේ සේවකයන් සැමරීමක්‌ ද සිදු නොවේ. එහෙත් වැඩකරන ජනතාව වෙනුවෙන් අපි කටයුතු කළෙමු යෑයි දේශපාලනඥයන් විසින් ජනතාව රවටන අයුරු අපට දැකගැනීමට ලැබී ඇත.

මෙවර වෙසක්‌ සමය කියා රජය මැයි දින උත්සවය කල් දමා තිබේ.

කෙසේ වෙතත් එදා ඇමෙරිකානු කම්කරු ජනතාව පැය අටේ වැඩමුරය ඉල්ලා සිදුකළ දිවි පිදීම සමස්‌ත වැඩකරන ජනතාවගේ යහපතට හේතුවී වී අද ලොව පුරා පැය අටේ වැඩමුරය ක්‍රියාත්මක වේ.

එහෙත් ලොව රටවල් රැසක කම්කරු ජනතාව තවදුරටත් මර්දනකාරී ක්‍රියාවන්ට ගොදුරු වේ.

විශේෂයෙන් ත්‍රස්‌තවාදය ක්‍රියාත්මක වන රටවල කම්කරු හිමිකම් ද කප්පාදු වී ඇත.

මේ පසුබිම මැද වසර 132 කට පෙර ඇමෙරිකාවේ සිදුවූ හේමාකට්‌ උද්ඝෝෂණය සැමරීම ද අද අමතක වී තිබේ.

එදා කම්කරු ජනතාව හැලූ ලේ නිසා ලෝක කම්කරු ජනතාවට අද හිමිකම් රැසක්‌ ලැබී ඇත.

එසේම කම්කරු ජනතාවගේ සහායෙන් බලයට පැමිණි දේශපාලනඥයන්ට ද අද කම්කරු ජනතාව අමතක වී ඇත. එය ශ්‍රී ලංකාවේ සිදු වූ කම්කරු අරගල දෙස බලන විට පැහැදිලි වේ.

විශේෂයෙන් සෝවියට්‌ දේශය පවතින අවස්‌ථාවේ මැයි දින රැලි අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. එහෙත් සෝවියට්‌ දේශය කඩාවැටීමෙන් පසු මැයි දින රැලි දියාරු වී ඇත.

ශ්‍රී ලංකාවේ මැයි දින රැලි පිළිබඳව විමර්ශනය කරන විට ඒ. ඊ. ගුණසිංහ, පිලිප් ගුණවර්ධන, ආචාර්ය එන්. එම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, පීටර් කේනමන්, කේ. වී. සිල්වා, ඩී. ජී. විලියම් ඇතුළු කම්කරු නායකයන් ඉතිහාසයට එක්‌ වී තිබේ.

එදා එම ඉතිහාසය ද මෙරට බහුතරයට අමතකය. මෙරට වැඩකරන ජනතාවට සේවක අර්ථසාධක අරමුදල හිමිවීම ද විශේෂ සිදුවීමකි. එහෙත් සේවක අර්ථසාධක අරමුදල දේශපාලනඥයන්ගේ ගොදුරක්‌ බවට පත් වී තිබේ.

සංස්‌කරණය
කීර්ති වර්ණකුලසුරිය



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ආණ්ඩුව දෙදරුවොත් එජාපෙට පනින්න ශ්‍රීලනිප ඇමැති පිරිසක් ලෑස්තියි

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, යහපාලන ආණ්ඩුවෙන් ඉවත්වීමට පියවර ගතහොත් වහාම එම පක්ෂයෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂයට එක්වීම සඳහා ශ‍්‍රී ලංකා නිදහ...


Read More

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීමට TNA සහාය ආණ්ඩුවට

වත්මන් යහපාලන රජයට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සහාය අහිමිවීමේ අනතුරක් හටගතහොත් දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවෙන් පිටත සිට රජයට සහාය පළකිරීම ...


Read More

දෙවතාවක දී තමන්ගේම ජනාධිපති අපේක්ෂකයෙක් නම් කරගන්න බැරි වුණ අය විපක්ෂයෙන් අහනවා කවුද ජනාධිපති අපේක්ෂකයා කියලා..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හෝමාගම, ගොඩගම "ලෝටස්" ගොඩගම රීච් හෝටලයේ දී පසුගියදා පැවති එළිය වැඩසටහනට (ඔක්. 13) එක්වෙමින් මෙසේ අ...


Read More