කලා පුවත්

ඝාතනයට ලක් වූ ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මියගේ දේහය පානදුර පිහිටි ඇගේ නිවස වෙත අද (10) පෙරවරුවේ රැගෙන විත් තිබේ.

මෙරට රසික රසිකාවියන් අතර ජනාදරයට පත් ප්‍රියානි ජයසිංහ මහත්මිය පානදුරේ අරුක්ගොඩ පිහිටි නිවසේදී පෙරේදා රාත්‍රීයේ ඝාතනයට ලක්විය.

මුලික විමර්ෂනවලදී අනාවරණ වුයේ ප්‍රියානි ජයසිංහ මහත්මියගේ සැමියා ඇයගේ ගෙල ප්‍රදේශයට කතුරකින් සිදු කළ මරණීය තුවාල හේතුවෙන් මරණය සිදුව ඇති බවයි.

ප්‍රියානි ජයසිංහ මහත්මිය මියයන විට 51 හැවිරිදි වියෙහි පසුවූ අතර ඇය දෙදරු මවක්.

ඇයගේ ඝාතනයෙන් පසු පලාගොස් සිටි සැකකාර සැමියා ඊයේ(09) උදෑසන පානදුර දුම්රියපොළ අසලදී පොලිස් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු අද(10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසීය ප්‍රකාශ කළේය.

මේ අතර ප්‍රියානි ජයසිංහ මහත්මියගේ දේහය පෞද්ගලික මල්ශාලාවක සිට අද පෙරවරුවේ පානදුර පිහිටි ඇගේ නිවස වෙත රැගෙන විත් තිබේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

රණවිරු අභිමානය කෙළෙසන අයුරින් අත්අඩංගුවට ගැනීම් වළක්වන්න හිටපු හමුදාපතිවරු 3 ක් ජනපතිගෙන් ඉල්ලති

රණවිරුවාට වටින්නේ ජීවිතය නොව ඔහුගේ අභිමානය ඔබත්, එම අභිමානය කෙළෙසන ආකාරයට සිදු කරන අත්අඩංගුවට ගැනීම් වළක්වන ලෙසත් හිටපු හමුදාපතිවරු තිදෙන...


Read More

ඡන්ද දිනන්න පොදුජන පෙරමුණට හවුල් අවශ්‍ය නෑ…මහින්ද – මෛත්‍රී එකතුව දේශප්‍රේමී පොදු සන්ධානයට ප්‍රසන්නගෙන් පොල්ලක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධාන ගත නොවුණහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජයග්‍රහණය කළ නොහැකි යැයි කියන්නේ කිසි දිනෙක මැතිවරණයකට තනිව තරග...


Read More

ජාතික ආණ්ඩු යෝජනා විවාදය අදත් නෑ

ජාතික ආණ්ඩුව පිහිටුවීමේ යෝජනාව අද (20) පාර්ලිමේන්තුවේ විවාදයට නොගන්නා බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. විවාදය පවත්වන දිනය...


Read More