දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ බවට ප්‍රකාශ කරමින් එක්සත් ජාතික පක්ෂය විසින් ව්‍යාජ විඩීයෝ පටයක් නිර්මාණය කරමින් සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

අද(29) ජරාජගිරියේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බන්ඩාර මහතා පවසා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය අඩපණ කිරීමේ අරමුණින් මෙලෙස එක්සත් ජාතික පක්ෂය අදාළ ව්‍යාජ විඩීයෝ පටය නිර්මාණය කරන බවය.

වීඩියෝ පටය ප්‍රචාරය කිරීමෙන් අනතුරුව ජනතාව කුපිත කරවමින් උද්ඝෝශන සහ විරෝධතා සංවිධානය කිරීමටත් පසුව එක්සත් ජාතික පක්ෂයේ කටමැත දොඩවන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ලවා මාධ්‍ය හමු පවත්වමින් ගොඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට බල කරන ලෙසටද කටයුතු කිරීමද සැලසුම් කරමින් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

නව ජනවරමට නව ආණ්ඩුවක් හදන්න පුළුවන් – හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා

රටක සමස්ථ ජනතාවක් නියෝජනය කරමින් ප්‍රජාතන්ත්‍රිකව තෝරා පත්කරගන්නා එකම පුද්ගලයා  ජනාධිපතිවරයා වන බැවින් ඔහුට පූර්ණ විධායක බලය ලැබෙන බවත් ග...


Read More

හදිසි පාර්ලිමේන්තුමැතිවරණයක්

හදිසි මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය තීරණය කර තිබේ. අග්‍රාමාත්‍යවරයාගේ...


Read More

මහින්දගේ අවධානය 19 වැනි සංශෝධනයට

නව ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කර තිබෙන අලුත් තත්ත්වය සම්බන්ධයෙන් සමාලෝචනය කර පවතින නීත...


Read More