දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ දේශපාලන විචාරකයන් අතර ප්‍රමුඛයා ලෙස හැඳින්වෙන්නේ මහාචාර්ය නලීන් ද සිල්වා මහතාය. මෙරට භෞතික විද්‍යාව සහ ගණිතය වෙනුවෙන් සිටිනා ඉහළම මහාචාර්යවරයා වුවද එතුමා ප්‍රසිද්ධ දේශීය දැනුම් පද්ධතියක් ශ්‍රී ලංකාවේ ගොඩ නැංවීම වෙනුවෙනි. දේශපාලන විචාරකයෙක් ලෙස ඉතාම නිවැරදිව දේශපාලන අනාවැකි කී එතුමා, කොටි ත්‍රස්තවාදී සංවිධානය යුධමය ක්‍රියාමාර්ග ඔස්සේ පරාජය කළ හැකි බව විශ්ලේෂණාත්මකව පෙන්වූ ප්‍රථම දේශපාලන විචාරකයා විය.

එවන් කීර්තියක් හිමි මහාචාර්ය නලීන් ද සිල්වා සිදු කළ දේශපාලන විචාරයක් දැඩි ලෙස කතාබහට ලක්ව තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනපතිවරණයට ඉදිරිපත් කළ ජාතික අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳ සඳහන් කරනා මහාචාර්යවරයා පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ ජාතිය ආරක්ෂා කිරීමේ වගකීම ඉටු කරනු ඇති බවත් එතෙක් ඔහු ආරක්ෂා කිරීම ජාතියට භාර බවත්ය.

මින්පෙර ගාමිණි දිසානායක වැනි නායකයන්ගේ දිවි අහිමි වූවේ දේශපාලන ප්‍රචාරක රැළී වලදී බවත් එම නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බවට මහාචාර්යවරයා පෙන්වා දෙනවා.

එම සටහන පහතින්,

කිව යුත්තක් තියෙනවා. ගෝඨාභය තම වුවමනාවෙන් දේශපාලනයට පැමිණි අයෙක් නො වෙයි. ඔහු අකමැත්තෙන් දේශපාලනයට පැමිණි අයෙක්. (ඉංගිරිසියෙන් කියනවා නම් reluctant politician.) මා ඔහුගේ කතාව ටිකක් දන්නවා. ඔහු දේශපාලනයට ගෙනෙනු ලැබුවේ වෙනත් අය විසින්. ඒ රට ජාතිය ගැන කල්පනා කරන්නන්. රාජ්‍යාරක්‍ෂාව, ජනතාවගේ ආරක්‍ෂාව, ත්‍රස්තවාදය කම්මුතු කිරීම, රටේ ස්වෛරිභාවය, විජාතික බලපෑම් ඉදිරියේ කොන්ද නොනැනීම ආදිය සම්බන්ධයෙන් එක සිතින් කටයුතු කළ හැකි පුද්ගලයා ඔහු. මහින්දට සෘජු තීරණ ගැනීමේ දී ගෝඨාභය ශක්තියක් වුණා. ගෝඨාභය නැත්නම් මහින්ද ජනාධිපති කෙසේ වෙතත් මහින්ද සේනාධිනායකයා නැහැ.

ගෝඨාභය තෝරාගනු ලැබුයේ දේශප්‍රේමී භික්‍ෂූන් වහන්සේ හා ජනතාව විසින්. ඔහු ජාතික අපේක්‍ෂකයා මිස පක්‍ෂයක අපේක්‍ෂකයකු නො වෙයි. කැලණියේ දී හා අනුරාධපුරයේ දී භික්‍ෂූන් වහන්සේගේ බලාපොරොත්තුව කියැවුණා. මා හිතන්නේ බොහෝ කතෝලික පූජකතුමන්ගේත් බලාපොරෙත්තුව එයයි. හින්දු පූජකතුමන්ලාත් එය අනුමත කරනවා කියා මා හිතනවා. මෞලවිතුමන්ලාත් යම් ප්‍රමාණයකට නමුත් ඒ බලාපොරොත්තුව ඇති.

අද කළ යුතු කාර්යයන් බොහෝමයක් තියෙනවා. පළමුව ගෝඨාභය ජාතික අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කිරීම. පොදුජන පෙරමුණ ඔහුගේ අපේක්‍ෂකත්වය අනුමත කර තිබෙනවා. ජාතික හා වාම කේන්ද්‍ර කඳවුරේ අනෙක් පක්‍ෂත් තනි තනිව හෝ සාමුහික ව හෝ ඒ අපේක්‍ෂකත්වය අනුමත කළ යුතුයි.

එමෙන්ම ඒ සියලු පක්‍ෂවල සංධානය වහාම ඇති කළ යුතුයි. අවශ්‍ය නම් එහි ව්‍යවස්ථාව වරුවකින් සකස් කර දෙන්න පුළුවන්. එහෙත් මට වඩා දක්‍ෂ නීතිඥයන් කඳවුරේ ඉන්නවා. මා නීතිඥයකුත් නො වෙයි. සංධානය නැතිව ජනාධිපතිවරණයට යා යුතු නැහැ. සංධානයට ශ්‍රී ල නි පක්‍ෂය ද ඇතුළත් විය යුතුයි. දයාසිරිගේ මතය ශ්‍රී ල නි ප මතය නො වෙයි. පක්‍ෂයක ලේකම් හැම විට ම පක්‍ෂයේ මතය නියෝජනය කරන්නේ නැහැ.

ජනාධිපති පළාත් සභා පිළිබඳ අධිකරණ මතය විමසා ඇති බවක් පේනවා. එය සුවාදීනයකුගේ වැරදි උපදෙසක් මත සිදු වූ බවයි කියැවෙන්නේ. ඒ මත විමසුමක් අවශ්‍ය නැහැ. කළ යුත්තේ මත විමසුම නතර කර ජනාධිපතිවරණය හැකි ඉක්මණින් පැවැත්වීමයි. එහි දී දේශපාලනයෙන් ඉවත් නොවන මෛත්‍රිපාලට මැතිවරණයෙන් පසු ගෞරවණිය තනතුරක් පිරිනැමීම වැදගත් වෙනවා.

ගෝඨාභයගේ දේශපාලන හැසිරීම මහින්දගේ හැසිරීමට වඩා වෙනස්. මහින්ද ජනප්‍රියවාදී දේශපාලනඥයෙක්. ගෝඨාභය විධිමත් දේශපාලනඥයෙක්. ජනතාවට මේ වෙනස හඳුනා ගැනීමට ටික කලක් ගත වේවි. අපේ කඳවුරේ අය මේ වෙනස තේරුම් කර දීමට කටයුතු කළ යුතුයි. එහෙත් ඒ චනයෙන් කළ හැක්කක් නො වෙයි. ජනතාව මහින්දගෙන් ලැබුණු සමීප බව ගෝඨාභයගෙන් අපේක්‍ෂා නොකළ යුතුයි. ඒ ගෝඨාභය හිතක් පපුවක් නැති මිනිසකු නිසා නො වෙයි. එහෙත් ඔහු ජනතාවට හා මල්ලි එන්න බත් ටිකක් කාලා යන්න යැයි කියන එකක් නැහැ.

ගෝඨාභය ජාතියට ආරක්‍ෂාව සපයනු ඇති. ඒ කාර්යය සඳහා හොඳ ම සුදුස්සා ඔහුයි. එහෙත් ඔහුගේ පෞද්ගලික ආරක්‍ෂාව ජනතාව සැපයිය යුතුයි. ආණ්ඩුව ඔහුට ආරක්‍ෂාව දෙන එකක් නැහැ. ජාතික අපේක්‍ෂකයා වූ ගෝඨාභයගේ ආරක්‍ෂාව සැපයීමට සංධානය අවශ්‍යයයි. සංධානය ඉක්මන් කරවීමට එය ද හේතුවක්. අමතක කරන්න එපා ගාමිණී දිසානායක ඝාතනය කෙරුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීමක දී. චන්ද්‍රිකාට බෝම්බ ප්‍රහාරයකට මුහුණ දෙන්න සිදු වුණා. ජනාධිපතිවරණ ව්‍යාපාරය යුද්ධයක්. අප ගෝඨාභයට ආරක්‍ෂාව නොසැපයුවහොත් රටට ජාතියට ආරක්‍ෂාවක් බොහෝ කලකට ලැබෙන එකක් නැහැ.

ගෝඨාභය දෙමළ කතා කරන හෝ මුස්ලිම් හෝ දේශපාලනඥයන් සමග ගණුදෙනු (ඩීල්) දේශපාලනයකට යා යුතු නැහැ. ඔහු එකී ජනතාවට ඒ නායකයන් හරහා නොගොස් කෙළින් ම ආමන්ත්‍රණය කරන්න ඕන. ඒ ජනතාවට අවශ්‍ය යම් සංවරධනයක් (development ) මිස බලය බෙදීමක් (devolution ) නොවන බව මට දැන ගන්න ලැබුණා. ඊනියා බලය බෙදීම අවශ්‍ය ජාතිවාදී දේශපාලනඥයන්ට, පඬියන්ට, පඬි පෝතකයන්ට හා පඬි නැට්ටන්ට පමණයි. ඒ ජනතාවට ඔවුන්ගේ ම ප්‍රශ්න ඇති. එහෙත් එය දෙමළ කතාකරන ජනයාට වූ අසාධාරණයක් නො වෙයි. මොණරාගල ජනතාවටත් ඔවුන්ගේ ම වූ ප්‍රශ්න තිබෙනවා. ඒ ප්‍රශ්න හඳුනා ගෙන විසඳුම් ලබා දෙන්න ඕන.

ජාතියේ ආරක්‍ෂාව සඳහා අප ජාතික අපේක්‍ෂකයා වූ ගෝඨාභය ආරක්‍ෂා කරන්න ඕන. එහි දී අපට දෙවි දේවතාවුන්ගේ සහාය ද අවශ්‍ය වෙනවා. ජනතාවට විවිධ පින්කම් මගින් ඒ සහාය ලබා දීමට කටයුතු කරන්න පුළුවන්. බෝධි පූජා පහන් පින්කම් ආදිය පමණක් නොව පල්ලියේ කෙරෙන යාඥා ද එහි දී වැදගත් වේවි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ඉස්ලාම් ත්‍රස්තවාදය අප අවසන් නොකළොත් එය කලාපයටම තර්ජනයක් : අගමැති මහින්ද

ඉස්ලාමිය ත්‍රස්තවාදය මැඩලිය හැක්කේ බුද්ධි මෙහෙයුම් දැඩි කිරීමෙන් පමණක් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. කොටි සංවිධානයට එරෙහිව යුද්...


Read More

” වසරකට රුපියල් ලක්‍ෂ 30,000ක්… රාජිත නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයේ මුදලෙන් නඩත්තු කරලා” – FCID යට පැමිණිල්ලක් (Video)

2017 වසරේදී නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නා බවට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර කැබිනට් මණ්ඩලය ද නොමග යවා එම පෞද්ගලික රෝහල වසරකට ර...


Read More

පුටුව ලකුණින් මහ මැතිවරණයට තරග කරන්න හැකි වෙයි – දයාසිරි

ජනාධිපතිවරණයට පෙර එකඟ වූ පරිදි ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ ලාංඡනය ලෙස පුටුව ලකුණින් ඉදිරි මහමැතිවරණයට තරග කරනු ඇතැයි විශ්වාස කරන බ...


Read More