දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ මෙතෙක් නිකුත් කර තිබෙන නිල ඡන්ද ප්‍රතිඵලවලට අනුව 52.25%ක ඡන්ද ප්‍රතිශතයකට හිමිකම් කියමින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමත්ව සිටී.

පස්වරු 3.00 වනවිට නිකුත් කර තිබූ නිල ඡන්ද ප්‍රතිඵවලට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිව තිබූ ඡන්ද සංඛ්‍යාව 6,924,255 ක් විය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා 41.99 %ක ඡන්ද ප්‍රතිශතයකට හිමිකම් කියමින් ඡන්ද 5,564,239  ක් ලබාගැනීමට සමත්ව සිටී.

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 418,553 ක් ලබා ගනිමින් තෙවැනි තැනට පත්ව ඇති අතර ඔහු ලබාගෙන ඇති ප්‍රතිශතය 3.16 % කි.

ඡන්දය ප්‍රකාශ කිරීම 13387953

ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 83.72%

සෙසු අපේක්ෂකයන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව පහතින් –

ආරියවංශ දිශානායක 34537

සිරිතුංග ජයසූරිය – 3944

දුමින්ද නවගමුව 8291

රොහාන් පල්ලෙවත්ත 25173

ජයන්ත කැටගොඩ 9467

සීලරතන හිමි 11879

සරත් මනමේන්ද 3380

සිවාජිලිංගම් 12256



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

හිතවත්කමට පත් කළ තානාපතිවරු 30 ක් ඉවතට

පසුගිය රජය විසින් තම පෞද්ගලික හිතවත්කම මත රටවල් කිහිපයකට පත් කළ තානාපතිවරුන්, මහකොමසාරිස් වරුන් සහ විදේශ සේවා නිළධාරීන් රැසක් එම ධූරවලින්...


Read More

ස්විස් වැඩේ රහස් එළියට

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සුදුවෑන් සිද්ධිය ගැන පරීක්ෂණ සිදුකරන පරීක්ෂකයන් එහි සුලමුල අනාවරණය කරගෙන ඇතැයි ඉහළ පෙළේ ආරක්ෂක ආරංචි මාර්...


Read More

ගොවි බිම් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ආපදාවට ලක් වෙලා… වන්දි ලබාදීමට වහාම කටයුතු කරන්න…

දිවයිනට බලපා තිබෙන අධික වර්ෂාවත් සමග ගොවි ජනතාවගේ ගොවි බිම් අක්කර ලක්ෂයකට අධික ප්‍රමාණයක් ජලයෙන් යටවීමෙන් හා වී, එළවලු, පලතුරු, සුළු අපනය...


Read More