දේශීය පුවත්

එක්සත් ජාතික පක්‍ෂය විසින් කතානායකවරයාට ලබාදුන් අත්සන් ලේඛනයට මන්ත‍්‍රීවරුන් අත්සන් තබා ඇත්තේ පාර්ලිමේන්තුව කැඳවීමේ යෝජනාවකට සහය පළකරමින් මිස හිටපු අගමැතිවරයාට සහය පළකරමින් නොවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද (2) පැවැසීය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ බලය ස්ථාවරව පවතින්නේ කුමන පාර්ශ්වකටදැයි යන්න හෙට අනිද්දා වනවිට පැහැදිලිව දැක බලාගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ද මන්ත‍්‍රීවරයා කීය.

තමන්ගෙන් ගිලිහෙන බලය ආරක්‍ෂාකර ගැනීමට එක්සත් ජාතික පක්‍ෂය නාඩගම් නටන බව කී මන්ත‍්‍රීවරයා ඒ සඳහා කතානායකවරයා හා ජනතා විමුක්ති පෙරමුණද සම්බන්ධ යැයිද පැවසීය.

කොළඹ, මල් පාරේ පිහිටි අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (2) පැවැති මාධ්‍ය හමුවකදී මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

රට නොබෙදා බලය බෙදා හරින හැටි රනිල් රටට හෙළි කළ යුතුයි

ව්‍යවස්ථා කෙටුම්පතට අදාළ දෙවැනි අතුරු වාර්තාවට අනුව බලය බෙදාහරින ආකාරය එජාපය රටට හෙළි කළ යුතුව ඇතැයි නීතිඥ කල්‍යානන්ද තිරාණගම පැවැසයි. ...


Read More

බි‍්‍රගේඩියර් පි‍්‍රයංකට වෙස්ට්මිනිස්ටර් අධිකරණයේ නඩු පවරයි

මරණීය තර්ජන එල්ල කිරීම සහ යුද අපරාධ චෝදනා මත ලන්ඩන් නුවර ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්‍ෂක උපදේශක බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ...


Read More

උතුර ෆෙඩරල් කරන්න කියන කිසිම දෙමළ දේශපාලඥයෙකුට දකුණේ ජීවත් වෙන්න අයිතියක් නෑ (Video)

ලංකාව "ඔරුමිත්තනාඩු" කිරීමට සහ උතුර ෆෙඩරල් කිරීම සම්බන්ධයෙන් පවසන කිසිදු දෙමළ දේශපාලඥයෙකුට දකුණේ සිංහලයින් සමඟ ජීවත් වීමට කිසිදු අයිතියක්...


Read More