පුරවැසි කොලම

“අපට ශ්‍රී ලංකාව විශ්වාසයි” යන තේමාව යටතේ රටවල් 40 ක බෝරා මුස්‌ලිම් ප්‍රජාවගේ සහභාගිත්වයෙන් දින දහයක්‌ පුරා කොළඹ බම්බලපිටියේ බෝරා මස්‌ජිදයේ පැවති බෝරා සමුළුව අදින් අවසන් වේ. මෙය බෝරා මුස්‌ලිම් ජන ප්‍රජාවගේ ඉතිහාසය හා ශ්‍රී ලාංකේය බෝරාවරුන්ගේ උපත ගැන කෙරෙන විවරණයකි.

මුහම්මද් නබිතුමන්ගේ ඇවෑමෙන් පසු කලිµd නායකත්ව තනතුර සඳහා මතභේද හේතුවෙන් ඉස්‌ලාම් අදහන සමාජය සුන්නි හා ෂියා යන කොටස්‌ දෙකකට බෙදී වෙන්වී ගියේය.

බෝරාවරු පැවත එන්නේ ෂියා පාර්ශවයෙනි. ලොවපුරා වාසය කරන බෝරා ජනතාව මිලියන 1.3 පමණ වේ. ඔවුන්ගේ වාසභූමි ලෙස සැලකෙන්නේ උතුරු ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයයි. 13 වැනි සියවසේදී යේමනය, ඊජිප්තුව ආදී රටවලින් පැමිණි ෂියා නිකායට අයත් මුස්‌ලිම්වරු හින්දු ආගමික ඉන්දියානුවන් සමග මුසුවීම හේතුවෙන් බෝරා මානව කොට්‌ඨාසය නිර්මාණය වේ.

බෝරා ජාතිකයන්ගෙන් ශ්‍රී ලංකාව තුළ ජීවත්වන්නේ දාවුදී බෝරා පිරිසයි. බෝරා යන්නෙන් අදහස්‌ වන්නේ වෙළඳාමයි. බෝරා මුස්‌ලිම්වරුන්ගේ භාෂාව දවාත් නී සබාන් වේ. එය ලොව වෙනත් කිසිදු ජාතියකට සුවිශේෂී නොවූ බෝරාවරු අතර පමණක්‌ භාවිතා වන භාෂාවකි.

බෝරා ඉතිහාසය

බෝරා යන්නහි තේරුම වෙළඳ කටයුතු සඳහා වූ පාර්ශවය පිළිබඳවයි. දායි අල් මුලාක්‌ මධ්‍යස්‌ථානය ඉන්දියාවේ පිහිටුවීමත් සමග ඉන්දියාව පකිස්‌ථානය ආදී රටවල්වල ව්‍යාප්තවූ බෝරවරු පසුකාලීනව විවිධ ආගමික මත හා සමාජීය තත්ත්වයන් හේතුවෙන් කුඩා උප කොටස්‌වලට බෙදී වෙන්විය.

දායිවරයා යටතේ පාලනය වන බෝරා සමාජය වඩාත් ප්‍රචලිතව පවතින්නේ දාවුදී බෝරා සමාජයයි.

1588 දී දාවුදී ඉබ්නු කුතුබ්ශාන් දායි සමයේ හා සුලයිමානි වශයෙන් බෙදී වෙන්වූ බෝරාවරුන් වඩාත් දියුණු තත්ත්වයකට ළඟාවූ සමාජය ලෙස සැලකෙන්නේ දවුදී බෝරවරුන්ය.

බෝරා යන නාමය ලාංකික ජනතාව ඔවුන් හඳුනාගන්නේ බායි යන නාමයෙනි. සංස්‌කෘතික අමාත්‍යාංශය මගින් පළකළ සිංහල ශබ්දකෝෂයේ බෝරා යන හඳුන්වා ඇත්තේ අවංක මිනිසා, බෝරාකාරයා යනුවෙනි. එහෙත් බායි p8 2යන්නට ප්‍රායෝගික සිංහල ශබ්දකෝෂයේ ඇති අරුත වන්නේ අවංක ජාතිකයා බායි ආගම අදහන්නා ලෙස හෝ ඇµaගන් වැසියා යන අදහසිනි. එම හැඳින්වීමට අනුව බෝරවරු පිළිබඳව පුළුල් අර්ථකතනයක්‌ ගම්‍ය වන්නේ ද යන්න අවිනිශ්චිතය.

ශ්‍රී ලංකාවට උරුම වූ බොහෝ සංස්‌කෘතික දායාදයන් හිමිවන්නේ ඉන්දියානු ආභාශයෙනි. ආසන්නයේම පිහිටි රටක්‌ නිසාවෙන්දෝ ඉන්දියාවෙන් ලද උරුමයන් බොහොමයක්‌ අපරටේ ස්‌ථාපිත වූ අංගයන්ය.

බුද්ධ ධර්මය, කුල පරම්පරාව, කලා ශිල්ප හා කලා අංග ආදී දායාදයන් මෙන්ම විවිධ ජන කොටස්‌ද ඉන්දියාවෙන් මෙරටට පැමිණ මෙහි පදිංචිව සිටිති. බෝරවරුන්ද ඉන් එක ජන වර්ගයකි. ඉන්දියන් සාගරයේ ගමන් ගනිමින් තිබූ නෞකාවක්‌ කුණාටුවට අසුවීමෙන් අහම්බෙන් මෙරටට පැමිණි බෝරවරු අද වනවිට කුඩා ජන වර්ගයක්‌ ලෙස ලංකාවේ ව්‍යාප්තව සිටී.

ශ්‍රී ලංකාවේ ජීවත්වෙන මුස්‌ලිම් ආගමික ප්‍රජාව අතරින් ප්‍රධාන වශයෙන් මුවජී, මරක්‌කල, මැලේ, මෙමොන් හා බෝරා යනුවෙන් කොටස්‌ 5 කට වෙන්කර දැක්‌වේ.

මුර් ජාතික මුස්‌ලිම්වරුන්ගේ සම්භ්‍යය පෘතුගීසි හෝ බ්‍රිතාන්‍ය පාලන සමයේ සිදු වූ බවට සාක්‌ෂි පවතී. මෙමොන් ලෙස හදුන්වන ජනවර්ගය බ්‍රිතාන්‍ය පාලන සමයේ වර්තමාන පකිස්‌තාන සින්ද් ප්‍රාන්තයේ සිට ලංකාවට සංක්‍රමණය වූ ජන වර්ගයකි. ඔවුන් පිළිබඳව මුල්වරට තොරතුරු හමුවන්නේ 1970 දීය. 1980 වනවිට මෙමොන් ජාතික මුස්‌ලිම් පිරිස 3000 දක්‌වා වර්ධනය වී පැවතිනි. මෙහා සමගාමිව උතුරු ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ සිට 1880 න් පසු ලංකාවට සංක්‍රමණය වුවා යෑයි සැලකෙන බෝරවරු සහ කොජාවරු 1980 වනවිට ජනගහනය ප්‍රමාණයෙන් 2000 පමණ විය. මරක්‌කල ඉතිහාසය වසර 1000 ඉක්‌මවයි. මෙම ජන කොටස්‌ තමන්ට අවේනික වූ මුස්‌ලිම් ආගමික සිද්ධස්‌ථානයන් ඉදිකර ගනිමින් ඔවුන්ට අවේනික භාෂාවෙන් ව්‍යවහාර කරමින් සිය වාසභූමි පිහිටුවා ගත්හ.

කොජාවරු

බෝරාවරුන්ට සමාන්තරව මෙරටට පැමිණි බෝරා යන වචනය සමග එකට ඇදුනු අනෙක්‌ නාමය කොජාවරුන්ය. (නයදව්යි) 13 වැනි සියවසේදී ඉස්‌මයිල් පිරිස ප්‍රධාන වශයෙන් කොටස්‌ දෙකකට බෙදීමෙන් නිර්මාණය වූ නැගෙනහිර හා බටහිර ඉස්‌මයිල්වරුන්ගේ කොජවරු නැගෙනහිර පාර්ශවය නියෝජනය කළ හින්දු ආගමිකයන්ගෙන් ඉස්‌ලාම් ආගම වැළදගත් පිරිස වේ.

p8 3බටහිර නියෝජනය කළ බෝරාවරු නැවතත් සුලයිමානි හා දාවුදී බෝරා වශයෙන් වෙන්වී මෝහමදියානු නිතිය යටතේ පැවත එති. මීට අමතරව දාවුදී බෝරා පිළිබඳව අධ්‍යනයේදී සුන්නි බෝරා නමින් ඉස්‌ලාම් ආගමට කැපවූ ගුජරාටි ප්‍රන්තයේම ජීවත්වූ පිරිසක්‌ පිළිබඳව තතු හෙළිවේ. ඔවුහු තවමත් හින්දු චාරිත්‍ර හා සම්ප්‍රදායන් අනුගමනය කරමින් රාජපුත්‍ර ප්‍රදේශයේ වාසය කරති.

බෝරාවරුන්ගේ ආගමනයත් සමග හමුවන අනෙක්‌ ජනවර්ගය නම් ගුජරාටිහුය. බෝරාවරුන් සමග වෙළෙඳ කටයුතුවල සහයට මෙම ගුජරාටි ප්‍රජාව පැමිණ බව සදහන් වේ.

ශ්‍රී ලංකාවට හින්දු භක්‌තික ගුජරාටින්ගේ පැමිණීම සිදුවන්නේ බෝරාවරුන්ගේ පැමිණීමට සමාන්තරවය. ගුජරාටින් ලංකාවට පැමිණියේ බෝරාවර්න්ගේ වෙළද ව්‍යාපාරවල කළමනාකරුවන්, ගණකාධිකාරී හා වාර්තා තබන්නන් වශයෙනි.

බෝරා ජාතික මුස්‌ලිම්වරු අනෙකුත් මුස්‌ලිම් ජනවර්ග සමග කොයි ආකාරයකින්වත් මුහුවීමක්‌ පෙනෙන්නට නැත. බෝරාවරු ලේ උරුමයෙන් පැවත එන පරම්පරාවක ශේ්‍රෂ්ඨත්වය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ ජීවත්වන බෝරාවරුන් මෙරට පදිංචි වීමට සිත් දුන් හේතු කිහිපයකි. තම වෙළෙඳ ව්‍යාපාර කටයුතු මැනවින් පවත්වාගෙන යාමත්, මෙරට සුන්දරත්වයට ඇති ප්‍රියතාවයත්, පකිස්‌ථානය ආදී අනෙකුත් රටවල්වල පවතින ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් ඔවුහු මෙරට පදිංචිව සිටිති.

මෙරට ජීවත්වන බෝරාවරුන්ගේ ප්‍රතිශතය හා ව්‍යාප්තිය කොළඹ දිස්‌ත්‍රික්‌කයට ප්‍රධාන වශයෙන් සීමාවී තිබේ. කොළඹ, පිටකොටුව, කිරුලපන, බම්බලපිටිය, දෙහිවල හා ගල්කිස්‌ස යන ප්‍රදේශ වල බෝරා ජාතික මුස්‌ලිම්වරු වාසය කරයි. ඔවුන්ගේ ආගමික මෙහෙයවීම මත මස්‌ජීදය ආසන්නයේම සිය වාසස්‌ථාන පිහිටා තිබීම ඊට හේතුවයි. මුස්‌ලිම් පල්ලිය සමග නිරන්තර සම්බන්ධතා පැවැත්වීම බෝරා සමාජයේ වැදගත් ලක්‌ෂණයකි.

බෝරාවරුන්ගේ ජීවන රටාව සැකසී ඇත්තේ ඉහළ ධනපති පන්තියට සරිලන සේය. ඔවුහු අනෙකුත් මුස්‌ලිම් ජන සමාජයන්ට වඩා සුඛෝපභෝගී ජීවිත ගත කරති. බෝරා නිවාස දෙමහල් හෝ තෙමහල් ලෙස ඇති නවීන පන්නයට සරිලන සේ තැනු ඒවාය. ඔවුහු මහා ව්‍යාපාරිකයෝය. අතීතයේ පටන් දැවැන්ත වෙළෙඳ ව්‍යාපාරයන් උසුලන ලද හිමිකරුවෝය.

බෝරා සංස්‌කෘතිය හා සම්ප්‍රදායන්

බෝරා සංස්‌කෘතියට විශිෂ්ට අංගවලින් පිරිපුන් ඔවුන්ටම ආවේනික වූ ඒවාය. ඇඳුම් – පැළඳුම්, කතාබහ, සමාජ රටාව, ආගමික භාවය ආදී සියල්ලම විදහා පාන්නේ ඔවුන්ටම ආවේනික වූ බෝරා සංස්‌කෘතික ගති ලක්‌ෂණයන්ය. ලොව අන් කොතනකදී වුවද බෝරා ජාතිකයා හඳුනා ගැනීමට තරම් අනන්‍යතාවක්‌ සතුවේ.

දාවුදී බෝරාවරුන්ගේ භාෂාව ලීසාන් උද් දවාන් නම් වූ ගුජරාටි උප භාෂාවකි.

ඔවුන්ගේ ජාතික වස්‌ත්‍රය zzකොමිලිබාස්‌ZZ නමින් හඳුන්වයි. බෝරා කාන්තාව අඳින zzරිදාවZZ ඔවුන්ගේ සමාජයට පමණක්‌ සුවිශේෂී වුවකි. බෝරා පිරිමියා zzටෝපිZZ ලෙස හදුන්වන හිස්‌ පලඳනාව ඔවුනටම ආවේනික වුවකි.

කෙසේ වුවද බෝරා මුස්‌ලිම්වරු අරාබි හෝ ඉස්‌ලාමිය වත්පිළිවෙත් සමග ඉන්දීය හින්දු චාරිත්‍ර මිශ්‍ර වූ සංස්‌කෘතික රටාවක්‌ අනුගමනය කරයි.

බෝරා කාන්තාව

ලොව අන් මුස්‌ලිම් කාන්තාවන්ට වඩා සුවිශේෂී බවත් බෝරා කාන්තාවන්ගේ ඇඳුමෙන් කැපී පෙනෙයි. එය රීදාව නමින් හදුන්වයි. මුස්‌ලිම් කාන්තාවන්ගේ සම්ප්‍රදායික අබාය – හිජාව වඩා වෙනස්‌ ආකාරයකින් රිදාව කොටස්‌ දෙකකින් සමත්විත වේ.

ඉන්දීය ගගාරි චෝලි මෝස්‌තරයට සමානව නිර්මාණය වී ඇති රිදාව පහල කොටස ඉන සිට වළලුකර දක්‌වා දිගු ලිහිල් සායකි. එවැනිම ලිහිල්වූ අත් රහිත සායකින් යුක්‌ත උඩුකයට වෙලයක්‌ ආකාර පිටුපසට යොමුකරන ලද රෙදි කොටසකි. සාමාන්‍යයෙන් රිදාවක්‌ සඳහා රෙදි යාර පහ හමාරක්‌ පමණ අවශ්‍ය වේ. ටොපි නම් වූ හිස්‌ පලඳනාවේ රන් පැහැය බෝරා සමාජයේ උදාරත්වය ප්‍රකට කරන්නක්‌ මෙන්ම රිදාවේ යොදාගන්නා වටිනා රේන්ද හා විසිතුරු මැහුම් රටා ඔවුන්ගේ සමාජයේ ප්‍රභලත්වය විහිදා පායි. රිදාවේ ඉහල කොටසට සම්බන්ධ හිස ආවරණය කරන කොටස ඔවුන්ගේ සමාජයට ආගමික සම්ප්‍රදායක්‌ එක්‌කොට ඇත. විවිධ මෝස්‌තර රටාවලින් අලංකාර කළ රිදාව බෝරා කාන්තාවන්ට පමණක්‌ සුවිශේෂ වූ ඇයගේ හැකියාවන් ඉස්‌මතු කරන සංස්‌කෘතිකාංගයකි. කාන්තාවන්ට රීදාව ඇඳීම ආරම්භ කරන්නේ මිසාක්‌ උත්සවයෙනි. බෝරා සමාජයේ දැරියක්‌ වැඩිවියට පත්වීමත් සමග ආගමනුකූල ජීවන රටාවන පුහුණු කිරීම සඳහා පවත්වන මිසාක්‌ උත්සවයේ රිදාව ඇඳීම අනිවාර්ය කෙරේ.

බෝරා කාන්තාවන් අඳින රිදාව හා බැඳී පවතින විශේෂ ලක්‌ෂණය නම් ඔවුන් මස්‌ජීදය වෙත යාමේදී තමන් ඇඳ සිටින රිදාවට ගැලපෙන යාඥා ඇතිරිල්ල හෙවත් zzමුසල්ලාZZ භාවිතා කිරීමයි. රිදාව නිර්මාණයේදී ඊට ගැලපෙන යාඥා කලාලය බහාලීමට එම අමුද්‍රවයෙන්ම නිම වූ අත්බෑගයක්‌ද සකසා ගැනීම බෝරා කාන්තාවන්ගේ සුවිශේෂී පුරුද්දකි. මව අනුගමනය කරන කුඩා බෝරා දැරියන් ද එවැනිම වූ අත්බෑගයක්‌ රැගෙන යති.

බෝරා මනාල යුවලකගේ ඇඳුම්

මනාලයා ශ්වේත වර්ණ කුර්තාවෙන් හා පිජාමාවෙන් සැරසේ. ශරීරයේ උඩුකයට සායා නමින් හඳුන්වන දිගු කබාය කුර්තාවට ඉහළින් ඇඳගනී. මනාකොට වැඩදමා මසන ලද සාµd නම් වූ සම්ප්‍රදායික තලප්පාව මනාලයාගේ හිසේ පලඳවයි. තලප්පාවේ ඉදිරිපස පෙදෙස මුදුනේ සාජීපෙච් නමින් හදුන්වන හැඩ කළ කුරුළු පිහාටු කිහිපයකි. තකත් නැතහොත් තක්‌ති මාල පෙත්ත මනාලයාගේ ගෙලෙහි පළඳවන ආගමික පලඳනාවකි. මනාලියගේ සම්ප්‍රදායික ඇඳුම ලෙන්ගා-ඔදනී නම් වේ. ඇයගේ හිසට තැල්ලකින් හා රන් ආභරණවලින් හැඩවේ.

බෝරා විවාහය

ඉස්‌ලාම් ප්‍රජාවක්‌ ලෙස පිළිගැනෙන දවුදී බෝරාවරුන්ගේ විවාහ අවස්‌ථාව ඔවුනට ආවේනික චාරිත්‍ර රැසකින් පරිපූර්ණ වේ. ජීවිතයේ ඉතා වැදගත් අවස්‌ථාවක්‌ ලෙස සලකන විවාහය සඳහා ඔවුන්ගේ සමාජයේ අධිකාරී බලය හිමි ආගමික නායකයාගේ අනුමැතිය හා අවසරය ලබා තිබීම අත්‍යවශ්‍ය අංගයකි. සිරිත් ප්‍රකාර මංගල උත්සවය සිදුවන්නේ සමාන කුලයේ සමීප ඥාති හෝ හිත මිතුරන් අතර පමණි.

කුටුම්භයේ ප්‍රධානියා පුරුෂයා වේ. මව්පියන් හා බිරිඳ, දරුවන් රැකබලා ගැනීමේ වගකීම පුරුෂයාට පැවරෙන අතර එම යුතුකම් ඉටුකිරීම උදෙසා පුරුෂයා සතුව නිවසක්‌ තිබීම වඩා වැදගත් වේ.

බෝරා සමාජය තුළ සෙසු ඉස්‌ලාමීය සමාජ මෙන්ම පුරුෂයාට දෑවැදී දීමේ චාරිත්‍රයක්‌ නැත. දැවැද්ද ලබා ගැනීම හෝ දීම ආගමික වශයෙන් විරුද්ධ වූ ක්‍රියාවකි.

Traditional Muslims – Sri Lanka
ෆේස්‌ බුක්‌ පිටුවෙන් උපුටා ගැනිණි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මහා වැස්සෙත් ආබාධිත රණවිරුවන් උපවාසයේ.. ජාත්‍යන්තර බලපෑම් නිසා ආණ්ඩුව මුණිවත රකින බවට චෝදනා

තම විශ්‍රාම වැටුපට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා අධික වර්ෂාව නොතකා ආබාධිත රණවිරුවන් කොටුවේ දුම්රිය ස්ථානය අසල අද හත්වන දිනටත් සිය උපවාසය පව...


Read More

ජවිපෙ ගෙන එන බවට රාජිතගෙන් සහතිකයක්: ජවිපෙ ‘සීනුව’ ලකුණ අතහරී!

ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ඉදිරිපත් නොකර කතානායක කරු ජයසුරියව ඉදිරිපත් කරන්නේ නම්, ජනතා විමුක්ති පෙරමුණේ සහය ඔහුවෙත ලබා ගැ...


Read More

පොහොට්ටුවේ කණ්ඩායම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට තියන් ඉන්නේ අපි-ජනපති

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධූරයන් තවමත් ආරක්ෂා වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණය...


Read More