ප‍්‍රධාන පුවත්

ඊළාම් යුද්ධයේදී කොටි ත්‍රස්තවාදයට එරෙහිව සුවිශේෂි බුද්ධි මෙහෙයුම් රැසක් සිදුකළ යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ මේජර් ඩික්සන් රාජමන්ත්‍රී හා එහි කෝප්‍රල් රාජකරුණා යන අයට ත්‍රිකුණාමලයේ මහාධිකරණයේ දී අද (08) මරණ දණ්ඩනය නියම කර තිබේ.

1998 දී යාපනයේ තිරුනල්වේලිහිදී කොටි බුද්ධි අංශබලකායේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු අත්අඩංගුයට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු අසනීප තත්වකට පත්වීමේන් රෝහල් ගත කිරීමෙන් පසු එම කොටි සාමාජිකයා මරණයට පත්වීම සම්බන්ධව පැවැති නඩු විභාගයෙන් පසුව මෙම තීන්දුව ලබාදී ඇත.
එම කොටි සාමාජිකයා යාපනයේ ක්ලේමෝ බෝම්බ ඇටවීමේ නිරත වූ ප්‍රභල චරිතයක් බවට අනාවරණය වීමෙන් පසු එවකට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අසනීප වීමෙන් පසු රෝහල් ගත කර ඇත්තේ මේජර් රාජමන්ත්‍රී හා කෝප්‍රල් රාජකරුණා විසිනි.

එවකට පැවැති පොලිස් පරීක්ෂනවලදී යාපනය පොලීසිය මගින් මෙම කොටි සාමාජිකා මරණයට පත්වීම සම්බන්ධව විමර්ශනයේදී ඩික්සන් රාජමන්ත්‍රී, රොනී බර්තලමියුස් යන බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනා සහ අදාල කෝප්‍රල් වරයා එවකට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාස 10කට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ.
ඉන්පසු ඇප මත නිදහස්ව පැමිණි මෙම නිලධාරීන් යළීත් සක්‍රීය සේවයට එක්වී ඇති අතර මේ දක්වා නඩු විභාගය ත්‍රීකුණාමලය මහාධිකරණයේ විභාගවිය.

මරණ දණ්ඩනය නියම වූ මේජර් ඩික්සන් රාජමන්ත්‍රී යානපය අර්දධීපයේ වසර 11ක පමණ කාලයක් බුද්ධි රාජකාරීවල නිරතවෙමින් සිටි කොටි ත්‍රස්තවාදීන්ගේ රහස් මෙහෙයුම් හා ජාත්‍යන්තර වශයෙන් ලැබෙන සැපයුම් මාර්ග සොයා ගැනීමට සුවිශේෂි රාජකාරියක නිරත වූ නිලධාරියකු ලෙස ප්‍රකටය.

ඊට අමතරව සිව් වන ඊළාම් යුද්ධයේදී මුලතිව් අල්ලන මෙහෙයුම් සදහා වැලිඔය සිට ඇරඹි ක්‍රියාන්විතයේදී 55 වැනි සේනාංකයේ සන්නද්ධ බුද්ධි නිලධාරියා ලෙස කොටි නායක ප්‍රභාකරන්ගේ හදවත ලෙස පැවති මුලතිව් වන් – ෆෝ බේස් බලකොටුවේ කොටි මෙහෙයුම් අඩාල කරන්නට සුවිශේෂි බුද්ධි මෙහෙවරක් සිදුකළ නිලධාරියෙකි.

මෙම නිලධාරින් දෙදෙනාට මරණ දඩුවම ක්‍රියාත්මක කරන තෙක් මහනුවර බණ්ධනාගාරයේ රදවා තබා ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

අපි නැතිව කැබිනට් තීරණ ගන්න බෑ.. TNA ආණ්ඩුවට තග දමයි

ආණ්ඩුව කැබිනට් තීරණයක් ගන්නා විට දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම තීරණය ගත යුතු බවට වන ඒකාබද්ධ යාන්ත්‍රණයක් මේ වන විට ක...


Read More

”සමතා බලවේගය” නව ව්‍යවස්ථාව හකුලා ගන්න බලකරමින් දළදා මාළිගාව අභියස සත්‍යයක් ක්‍රියාවක ( Video/ Photos)

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලිය වහාම නැවැත්වීමට ජනාධිපතිවරයාටත් අග්‍රාමාත්‍යවරයාටත් උපදෙස් ලබා දෙන්නැයි ජාතික සමතා බලවේගය සංවිධ...


Read More

සුමන්තිරන් සිංහල – දමිළ ජනතාව රවටනවා…විශේෂඥ කමිටු වාර්තාව අපි පිළිගන්නෑ

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මෙහෙයුම් මණ්ඩල විශේෂඥ කමිටු වාර්තාවෙන් සිංහල, දෙමළ ජනතව රවටමින් ෆෙඩරල් විසඳුමකට...


Read More