ව්‍යාපාරික පුවත්

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (28) දින ගනුදෙනු අවසානයේ දී ඒකක 6,201.12 ක් ලෙසින් වාර්තා විය. මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 82.25ක හෙවත් 1.34%ක ඉහළ යාමකි.

මේ අතර අද දින රුපියල් බිලියන 2.78 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වූ අතර එහිදී දේශීය ආයෝජකයින්ගේ සක්‍රීය සහභාගීත්වය තවදුරටත් පිළිබිඹු කරමින් රුපියල් බිලියන 2.41 ක් දේශීය මිල දී ගැනීම් වශයෙන් සටහන්ව තිබුණි. එහිදී විදේශීය මිල දී ගැනීම් වාර්තා වූයේ රුපියල් මිලියන 373 ක් ලෙසිනි.

අද දින දේශීය විකිණුම් රු. බිලියන 1.58 ක් හා විදේශීය විකිණුම් රු. බිලියන 1.19 ක් ලෙසින් වාර්තා විය.

අද දින ඒකක 6,201.12 ක් ලෙසින් සටහන් වූ සියලු කොටස් මිල දර්ශක අගය මෙම වසර තුළ වාර්තා වූ ඉහළම සියලු කොටස් මිල දර්ශක වටිනාකම ලෙසින් දැක්විය හැකිය.

නව රජය බලයට පත්වීමෙන් පසු සුවිශේෂී බදු සහන රැසක් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති අතර මෙයින් බදු වර්ග රැසක් සංශෝධන ව්‍යාපාරික සමාගම්වලට සෘජුව බලපාන ඒවා වේ. විශේෂයෙන්ම වැට් බදු අනුපාතිකය 8% ක් දක්වා පහත හෙළීම, ජාතිය ගොඩනැගීමේ බදු ඉවත් කිරීම, වැට් බදු සඳහා අදාළ වන ආයතනික පිරිවැටුම වර්ෂයකට රුපියල් මිලියන 300 ක් දක්වා ඉහළ දැමීම, විදුලිසංදේශ බදු 25%කින් පහළ දැමීම වැනි දෑ සමාගම්වල බදු බර අඩු කර ලාභදායීත්වය ඉහළ නැංවීමට සෘජුව උපකාරී වනු ඇත.

අද දින සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යෑම සඳමා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, ලංකා දුම්කොළ සමාගම, ඩයලොග්, ඩිංස්ටිලරීස් සහ නෙස්ලේ යන සමාගම් වැඩි දායකත්වයක් දෙන ලදී.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

හිතවත්කමට පත් කළ තානාපතිවරු 30 ක් ඉවතට

පසුගිය රජය විසින් තම පෞද්ගලික හිතවත්කම මත රටවල් කිහිපයකට පත් කළ තානාපතිවරුන්, මහකොමසාරිස් වරුන් සහ විදේශ සේවා නිළධාරීන් රැසක් එම ධූරවලින්...


Read More

ස්විස් වැඩේ රහස් එළියට

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සුදුවෑන් සිද්ධිය ගැන පරීක්ෂණ සිදුකරන පරීක්ෂකයන් එහි සුලමුල අනාවරණය කරගෙන ඇතැයි ඉහළ පෙළේ ආරක්ෂක ආරංචි මාර්...


Read More

ගොවි බිම් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ආපදාවට ලක් වෙලා… වන්දි ලබාදීමට වහාම කටයුතු කරන්න…

දිවයිනට බලපා තිබෙන අධික වර්ෂාවත් සමග ගොවි ජනතාවගේ ගොවි බිම් අක්කර ලක්ෂයකට අධික ප්‍රමාණයක් ජලයෙන් යටවීමෙන් හා වී, එළවලු, පලතුරු, සුළු අපනය...


Read More