මුහුණු පොතෙන්

කුමක් තීරණය කළ යුතුද?

December 6, 2018 3:07 pm | Lanka Lead News

2015 න් පසු අපේ ආණ්ඩු ක්‍රමය – ජනාධිපති ක්‍රමය – ව්‍යුහාත්මකව වෙනසකට ලක්වෙලා නැති නිසා ජනාධිපති ධුරයට මුල් තිබුණු බල අධිකාරය තිබෙන බව මෙතන ඇති ප්‍රධාන කාරණයයි.

ජනාධිපති වරයාට දැන් එවැනි බලයක් නැහැ කියනවානම් ඒ කියන කණ්ඩායම් පිළිගත යුතු වෙනවා වත්මන් ආණ්ඩු ක්‍රමය ආකෘතිමය වෙනසකට භාජනය උනා කියන එක.

එසේ උනා කියන්නේ 19 වන සංශෝධනයෙන්.

ව්‍යවස්ථා ආකෘතියේ වෙනසක් කිරීම යනු නව ආණ්ඩු ක්‍රමයක් බිහි කිරීමයි.
19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝදනයට එවැනි ආකෘතිමය වෙනසක් ඇති කල හැකිද?
එනම් 19 වන සංශෝධනයට නව ආණ්ඩු ක්‍රමයක් ඇති කල හැකිද?

එහෙම කරන්ට බැහැ. බැරි ඇයි? ව්‍යවස්ථා සංශෝධනයකට ආණ්ඩුක්‍රම කෘතිමය වෙනසක් – ආණ්ඩු ක්‍රමය වෙනස් කිරීමක් – කල නොහැකියි.
එසේ කොට ඇත්නම් එය නීති විරෝධී වන අතර ම එය කල හැකි විශාලතම ව්‍යවස්ථා උල්ලංඝනය ද වෙයි..

නව ආණ්ඩු ක්‍රමයක් ඇති කිරීම යනු මීට සපුරා වෙනස් මහජන ස්වාධිපත්‍ය ය තුලින් මතු විය යුතු එකකි. එවැන්නක් මහා මැතිවරණ සම්බන්දය, පුර්වා මැතිවරණ පසුබිමේ විවිධ අංශ අතර සාකච්චාව, මහ ජනයා සාකච්චාව තුල සිටීම ඔවුන් ට එම වෙනස ගැන ඇති අවබෝධය ගැන වන තහවුරුව, සහ මහජනයාගේ අදහස් මත පදනම් වීම යන කරුණු මෙන්ම ඊට ජනමත විචාරන ද සම්බන්ද වීම යන ව්‍යවස්ථා ගොඩ නැගීමේ ක්‍රියාවලිය ක් අවශ්‍ය යි.

දැන් 19 වන සංශෝදනයෙන් එසේ නව අනක්රුතිමය වෙනසක් කරන්ට බැහැ සහ බැරි නිසා එසේ කර නැහැ. ඒ නිසා ජනාධිපති ධුරයට මුල් බලතල සතුයි.

දැන් මේ මාතෘකාව තව ටිකක් දුරට ගෙන ගියගිය හොත්, ව්‍යවස්ථා විරෝදීයි කියන කණ්ඩායම තම ආණ්ඩුව ගෙන ගොස් ඇත්තේ එවැනි ආණ්ඩු ක්‍රමයේ වෙනසක් ඇති වූ බවට වන විශ්වාශයකින්.

මේ කණ්ඩායම, 19 ව්‍යවස්ථා සංශෝධනය අනුසාරයෙන්, ඍජුව සහ වක්‍රව, කියනවා, දැන් ජනාධිපතිවරයා ට පැරණි බලතල නැහැ ඒ අනුව ආණ්ඩු ක්‍රමයේ මුලික නව බල-තුළන සංස්ථාපනයක් සහිත නව ආයතනික ව්‍යුහයක් ඇතිවෙලා තියෙනවා කියල.

මෙම ආකෘතිමය ඇඟවුම තිබුණු ආණ්දඩුවේ ආණ්ඩු-මය බලතල භාවිත කිරීමේදීද පෙනෙමින් තිබුනා. විශේෂයෙන් ආර්ථික තලයේ මූල බලය සහිත මුලික කාර්යාත්මක බලය ගෙන ක්‍රියාත්මක වී ඇති ආකාරය නව බල ආයතනික ව්‍යුහයක් ගොඩ නැගී ඇත, සහ එම ආයතන අතර බල සම්බන්දතවයේ මුලික වෙනසක් ඇතිව තිබේ ය යන විශ්වාශයෙන් කටයුතු කල බව පෙනුනා.

ව්‍යවස්ථා සංශෝධනයක හැකි පරාසයෙන් පිට ගොස් භාවිතත්මක ව ආණ්ඩු ක්‍රම ආකෘතිමය වෙනසක හිටියා.

එවැනි ආකෘතියක් සැබෑ නම් එය පවතින ආණ්ඩුක්‍රම ආකෘති වර්ග අතර බලන්න. සිදුවිය හැක්කේ ජනාධිපති ක්‍රමයකුත් නොවන පාර්ලිමේන්තු ක්‍රමයකුත් නොවන තත්ත්වයකුයි. එනම් මැද වන තුන්වැන්නයි. මිශ්‍ර ජනාධිපති ආණ්ඩු ක්‍රමයකුයි. එය මැද යයි පෙනුනාට මැදක් නොවන සම්පුර්ණයෙන් වෙනම ආණ්ඩු ක්‍රමයක්. එවැන්නක් ව්‍යවස්ථා සංශෝදනයකින් කල නොහැකියි.

එසේ කර නැති බව ඔවුන් කියන්නේනම්, සංශෝදනයකට කල හැකි ප්‍රමාණය පමණය ය කර ඇත්තේ කියන්නේ නම්, එම කණ්ඩායමේ ප්‍රයෝගික බල භාවිතාව අනුව පෙනෙන විදිහ වෙනස් නිසා, දැන් පැමිණිය හැකි අවමය වන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ විශාල වියවුලක් ඇති බවත් එම වියවුල ව්‍යවස්ථා මුලික රාමුවේ අවශේෂ වගන්ති සමග ද ගැටෙන බවත් ය.

එය විසඳිය හැක්කා සහ කල යුත්ත ජනයායි. හේතුව එය ව්‍යවස්ථා ආකෘතියට එනම් ආණ්ඩු ක්‍රම වෙනසකට සම්බන්ද ප්‍රශ්නයක් වීමයි.

යලි පැරණි ආණ්ඩුව තැබිය නොහැක්කේ ඉන් – විය නොහැකි සහ සිදු කල නොහැකි – ආකෘතිම වෙනසක ව්‍යාජ ලෙස පිහිටා තිබූ ආණ්ඩුව යලි එතනම තැන්පත් කිරීමක් ඉන් සිදු වන නිසයි.

මේ නිසා ව්‍යවස්ථා ආකෘතිමය වෙනසක් ඇතිව තිබේ නම් මැතිවරණයකට යා යුතුය. ව්‍යවස්ථා ආකෘතිමය වෙනසක් ඇතිව නැත්තේනම් ව්‍යවස්ථා අවුලක් ඇතිව තිබේ. එසේ නම් – යලිත් – මැතිවරණයකට යා යුතුයි.

මැතිවරණයකට ගියද, 19 එන ආණ්ඩුක්‍රම සංශෝදනයෙන් ආණ්ඩුක්‍රම මය වෙනසක් ව්‍යවස්ථා ගත කර ඇතිද, නැති එවැන්නක් භාවිත කර ඇතිද යන කාරණය අධිකරණ විභාගයකට ලක් විය යුතු ය. එය විශාලතම ව්‍යවස්ථා උල්ලංගනය වන බැවිනි.

Nawarathna Rambukwella



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

එජාප නායකත්වයෙන් නව සන්ධානයක්… ලකුණ දියමන්තිය

එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ පක්‍ෂ ගණනාවක නියෝජනයක් සහිතව ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා සන්ධානය’ නමින් නව පුළුල් දේශපාලන සන්ධානයක් ඉදිරියේදී ...


Read More

TNA එක රනිල්ව ප්‍රාණ ඇපයට අරගෙන – මහින්ද (Video)

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව පාලනය කිරීමේ ‘රිමෝට් එක‘ දෙමළ ජාතික සන්ධානය අතට පත්ව ඇති බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවස...


Read More

මෛත්‍රී – මහින්ද සමගියට ගැහුවොත් අපිත් ගහනවා – ජාතික සංවිධාන

ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් දිවයින පුවත්පතට සහපාය තිබූ ලිපියක් පිළිබඳ අදහස් විමසීමේදී ඒ මහතා එසේ සදහන් ක...


Read More