ක්‍රීඩා පුවත්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හා කිංග්ස් XI පන්ජාබ් කන්ඩායම් අතර පැවති තරගයෙන් ලකුණු 4ක තියුණු ජයක් ලැබීමට කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම ඊයේ (15) සමත් විය.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කිංග්ස් XI පන්ජාබ් කන්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 197 ලබා ගැනීමට සමත් විය. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ක්‍රිස්ගේල් පන්දු 22කින් සිය අර්ධ ශතකය සපුරා ගත්තේය. එය මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ගේල් ලබාගත් පළමු අර්ධ ශතකය ලෙස ද වාර්ථා විය.

ෂේන් බොට්සන්ගේ පන්දුවක් හමුවේ ගේල් දැවී යන විට පන්දු 33ක් තුළ හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 63ක් ලබා සිටියේය. ගේල්ට මනා සහයක් ලබාදුන් ලෝකේෂ් රාහුල් පන්දු 22ක් තුළ හතරේ පහර 7ක් සමඟින් ලකුණු 37ක් ලබා ගනිමින් පන්ජාබ් ඉණිම ශක්තිමත් කළේය.

ලකුණු 198ක ඉලක්කය හඹායාමට පිටියට පිවිසි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් පළමු ඕවර 6 අවසානයේ ලබා තිබුණේ ලකුණු 53ක් පමණි. ආරම්භය එතරම් සුභදායක නොවීය. එහෙත් තරගය සම්පූර්ණයෙන් කනපිට හැරවූ මහේන්ද්‍ර සිං දෝනි ප්‍රහාරාත්මක ඉණිමක් දියත් කරමින් චෙන්නායි කණ්ඩායමට නව බලාපොරොත්තුවක් ගෙන දුන්නේය.

ජයග්‍රහණය සඳහා අවසාන පන්දුවාරය සඳහා ලකුණු 17ක් අවශ්‍ය වුවත් රෝහිත් ෂර්මාගේ ආක්‍රමණශීලී පන්දු රටාව නිසා චෙන්නායි කණ්ඩායමට සිය ඉලක්කයට ලඟා වීමට පහසු කරුණක් නොවීය. කෙසේ වෙතත් ප්‍රහාරාත්මක ඉණිමක් දියත් කළ මහේන්ද්‍ර සිං දෝනි පන්දු 44 ක් තුළදී හතරේ පහර 6ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 79 ලබා ගැනීමට සමත් විය.

කිංග්ස් XI පන්ජාබ් – ඕවර 20කදී කඩුලු 7ට 197
(ලෝකේෂ් රාහුල් 37, ක්‍රිස් ගේල් 63, මායන්ක් අගර්වල් 30, යුවරාජ් සිං 20, කරුන් නයිර් 29, රවිචන්ද්‍රන් අශ්වින් 14, ශර්දුල් ඨාකූර් 33/2, ඉම්රාන් තහීර් 34/2)

චෙන්නායි සුපර් කිංග්ස් – ඕවර 20කදී කඩුලු 5ට 193

(ෂේන් වොට්සන් 11, මුරලි විජේ 12, අම්බති රයිදු 49, මහේන්ද්‍ර සිං දෝනි 79, රවීන්ද්‍ර ජදේජා 19, ඇන්ඩෲ ටේ 47/7)



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට

ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා මීට ස්වල්ප වේලාවකට පෙර මුල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය මගි...


Read More

උතුරේ මහඇමති විග්නේෂ්වරන් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකා රජයට චෝදනා පත්‍රයක් එල්ලකරයි.

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් ජනමත විචාරණයක් ලබාගැනීම සඳහා ටී.ජී.ටී.ඊ. හෙවත් දෙමළ ඊළාම් සංක්‍රාන්ති රජය කැනඩාවේදී අද (1...


Read More

රනිලුත් කඩුව අතට ගනී

අලුත් අවුරුදු සමයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කාලය ගත කරන ලද්දේ නුවරඑලිය ප‍්‍රදේශයේයි. ලොව දිගම අර්තාපල් කේක් ගෙඩිය නුවරඑලියේ සං...


Read More