විදේශ පුවත්

කැලිෆෝනියා ප්‍රාන්තයේ පැතිර යන ලැව්ගිනි නිවීම සඳහා මධ්‍යම රජයෙන් ලබාදෙන මුදල් කපාහරින බවට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාට තර්ජනය කර තිබේ.

පසුගිය සති කිහිපයේ ලැව්ගිනි හේතුවෙන් කැලිෆෝනියා ප්‍රාන්තයේ අක්කර 100000කට අධික ප්‍රමාණයක් විනාශ වූ අතර දහස්ගණන් පිරිස් නිවාස වලින් ඉවත් කරනු ලැබූහ.‍

ඩිමොක්‍රටික් පාක්ෂිකයකු වන කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම් මහතා වන කළමනාකරණයේ දී ඉතා අවලක්ෂණ කර්තව්‍යයක් ඉටුකළ බවට ඇමෙරිකානු ජනපතිවරයා චෝදනා කරයි.

“සෑම වසරකම කැලිෆෝනියාව ගින්නෙන් දැවෙන විට මධ්‍යම රජයෙන් උදව් ඉල්ලනවා. තවදුරටත් මුදල් ආධාර ලබා දෙන්නේ නැහැ. ආණ්ඩුකාරවරයා ලෙස ඔබේ වගකීම් ඉටුකරන්න.”යැයි ට්‍රම්ප් මහතා ට්විටර් පණිවුඩයකින් පවසා ඇත.

ඇමෙරිකානු ජනපතිවරයාගේ පාරිසරික ප්‍රතිපත්ති දැඩිලෙස විවේචනයට ලක්කරන නිව්සම් මහතා පවසා ඇත්තේ ට්‍රම්ප් දේශගුණික විපර්යාස විශ්වාස නොකරන බවයි.

කැලිෆෝනියා ලැව්ගිනි වලට ප්‍රධානම හේතුව වන්නේ ගෝලීය උණුසුම ඉහල යෑම බව පාරිසරික විද්‍යාඥයෝ පවසති.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

හදිසි පාර්ලිමේන්තුමැතිවරණයක්

හදිසි මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය තීරණය කර තිබේ. අග්‍රාමාත්‍යවරයාගේ...


Read More

මහින්දගේ අවධානය 19 වැනි සංශෝධනයට

නව ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කර තිබෙන අලුත් තත්ත්වය සම්බන්ධයෙන් සමාලෝචනය කර පවතින නීත...


Read More

ආණ්ඩුව ගැන තීරණයක් ගන්න මන්ත්‍රීවරු හෙට පාර්ලිමේන්තුවේදී රැස්වෙති

ආණ්ඩුව ලෙස ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් හෙට (18) පස්වරුවේ රැස්වී තීන්දුවක් ගැනීමට නියමිතය.
Read More