දේශීය පුවත්

කැබිනට් අමාත්‍ය පදවිවලට පුද්ගලයන් පත් කිරීමේදී රට තුළ පවතින තත්වය පිළිබඳ පමණක් නොව එම පදවිවලට පත්වන පුද්ගලයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් පවතින පිළිගැනීමත් සැලකිල්ලට ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ, පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම පිණිස ලන්ඩන් නුවරට පැමිණි අතරවාරයේ බීබීසී සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

ඕනෑම අමාත්‍යාංශයක් පිළිබඳව, ඒ ඒ විෂය පථය පිළිබඳව, ඒ වගකීම් දරන කෙනෙක් සම්බන්ධයෙන් රටෙනුත්, ජාත්‍යන්තර වශයෙනුත් පිළිගැනීමක් තියෙන්න ඕන
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
විශේෂයෙන්ම නීතිය හා සාමය වැනි අමාත්‍යාංශවලට පත් කළ යුත්තේ කවුරුන් දැයි රට තුළ පසුගියදා විවිධ මතවාද පැවති බව බීබීසී සිංහල සේවය පෙන්වා දුන් අවස්ථාවේ එයට ප්‍රතිචාරය දැක් වූ ජනාධිපතිවරයා සඳහන් කළේ, තමන්ට එහිදී ජාත්‍යන්තර වාතාවරණය ද සැලකිල්ලට ගැනීමට සිදු වූ බවය.

“ඕනෑම අමාත්‍යාංශයක් පිළිබඳව, ඒ ඒ විෂය පථය පිළිබඳව, ඒ වගකීම් දරන කෙනෙක් සම්බන්ධයෙන් රටෙනුත්, ජාත්‍යන්තර වශයෙනුත් පිළිගැනීමක් තියෙන්න ඕන,” ඔහු පැවසීය.

විශ්වාසභංගයට පක්ෂවූ ශ්‍රීලනිප 16 ඉවත්වෙති
ජනපති පාර්ලිමේන්තුව කල් තැබුවේ ඇයි?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ අමාත්‍යවරුන් පහළොස්දෙනෙකු සහ නියෝජ්‍ය කතානායකවරයා සිය පදවිවලින් ඉල්ලා අස්වීමෙන් අනතුරුව නව කැබිනට් සංශෝධනයක් සිදුකරන බව ආණ්ඩුව නිවේදනය කර තිබේ.

එය “කැබිනට් සංශෝධනයකට” වඩා සම්පූර්ණයෙන්ම “අලුත් කැබිනට් මණ්ඩලයක් පත්කිරීමක්” ලෙස සලකන බව පවසන ජනාධිපතිවරයා, සිය ලන්ඩන් සංචාරයෙන් අනතුරුව මුලින්ම සඳුදා (අප්‍රේල් 23) දැනට පවතින කැබිනට් මණ්ඩලය මුණ ගැසෙන බවත් සඳහන් කළේය.

Image copyrightGETTY IMAGES
ඉන් අනතුරුව නව කැබිනට් මණ්ඩලය ලබන සතියේ නිවේදනය කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා පවසයි.

එම “අලුත් කැබිනට් මණ්ඩලයට” කෙතරම් පිරිසක් ඇතුළත් වන්නේදැයි විමසූ අවස්ථාවේ එයට සිනහවකින් ප්‍රතිචාරය දැක්වූ ජනාධිපතිවරයා “ඒකට තව සතියක් තියෙනවනේ” යනුවෙන් සඳහන් කළේය.

නිවේදනය කිරීමට යෝජිත අලුත් කැබිනට් මණ්ඩලය “පැහැදිලිවම විද්‍යාත්මක පදනමක් අනුව විෂයයන් බෙදපු අමාත්‍යංශ” සහිත කැබිනට් මණ්ඩලයක් වන බව අවධාරණය කරමින්, චෝදනා ලැබ කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කෙරුණු පුද්ගලයන් යළිත් පත්කරන්නේ ද?නැද්ද? යන්න තීරණය කිරීම “දේශපාලන පක්ෂවල වගකීමක්” බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේය.

“මම ගාවට එන යෝජනාවලදී මම සොයල බලනවා ඕනෑම කෙනෙක් කැබිනට් මණ්ඩලයට පත්කිරීම සුදුසුද? නුසුදුසුද? කියන එක. ඒක මගේ වගකීමක්.”

එබැවින් “ජනතාවට විශ්වාස කළ හැකි” කැබිනට් මණ්ඩලයක් පත්කිරීම සිය වගකීම බව ඔහු සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මැලේසියාවේ හිටපු අගමැති ළඟ ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 28ක්

මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ට අයත් පෞද්ගලික නිවසක තිබී සොයාගන්නා ලද මුදල් අතර ‘ශ්‍රී ලංකා මුදල්’ රුපියල් මිලියන 2.87ක් (රුපියල් ලක...


Read More

ජුනි03 වැනිදායින් පසු මහින්ද ඉවතට.

ජුනි 03 වැනිදා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන ක්‍රියාවලියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ධූ...


Read More

ශ්‍රී.ල.නි.ප.ය කුණු වෙනවා කියා ‍මෛත්‍රී කියද්දී චන්ද්‍රිකා නැගිට යයි.

තවදුරටත් ශ්‍රීලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවේ සිටියහොත් පක්ෂය කුණුවී දියවී යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ.එම නිසා...


Read More