විදේශ පුවත්

කරුණානිධි සමු ගනී (Update)

August 7, 2018 12:37 pm | Lanka Lead News

පස්වතාවක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ අමාත්‍ය ධුරය සහ ද්‍රවිඩ මුනේත්‍ර කලහම් පක්ෂයේ නායකත්වය හෙබ වූ එම්. කරුණානිධි මහතා අද (7) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

අසනීප තත්ත්වය නිසා රෝහල් ගත කර සිටි හෙතෙම මිය යනවිට 94 වැනි වියේ පසුවිය. එම්. කරුණානිධි මහතා තමිල්නාඩු ප්‍රාන්තයේ කාවේරි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහුගේ තත්ත්වය බරපතළ යැයි එම රෝහල අද (7) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඉන් පැය කිහිපයකට පසු පස්වරු 6 45ට නිවේදනයක් නිකුත් කරමින් එම්. කරුණානිධි මහතා අභාවප්‍රාප්ත වූ බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

————————————————————
කරුණානිධිගේ තත්වය බරපතලයි

ජූලි 29 සිට කෞවේරි රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි කරුණානිධි මහතාගේ තත්වය නැවතත් බරපතල වී ඇති බවට ඊයේ (06) සවස එම රෝහලෙන් ලත් නිල නිවේදනයේ දැක්වේ.

ඊයේ රාත‍්‍රියේ සිට ඩී.එම්.කේ පක්ෂ සාමාජිකයන් රැසක් හා විශාල ජනකායක් කෞවේරි රෝහල් පරිශ‍්‍රයේ ම රැඳී සිටි අතර රෝහලේ ආරක්ෂාව වෙනුවෙන් 500 ත් 600කටත් ආසන්න විශාල පොලිස් ආරක්ෂාවක් මේ වන විටත් රඳවා ඇත.

එමෙන් ම ඉදිරි පැය 24 අවදානම් සහගත යැයි ඉන්දීය ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කොකේන් භාවිත කරන මැති ඇමැති 24කගේ නම් රන්ජන් දුරකථනයෙන් පැවසුවා – කථානායක

කොකේන් භාවිත කරන මැති ඇමැතිවරුන් විසි හතර දෙනකු පාර්ලිමේන්තුවේ සිටී නම් ඒ පිළිබඳව තමන්ට ලිඛිතව දැනුම් දෙන ලෙස රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක...


Read More

පොදුජන පෙරමුණේ ගිණුම් වාර්තා හෙළිදරව් කිරීම් හොඳ දෙයක්.. ඒ සමග කළ දේ කුමක්දැයි රටට කියනවා නම් ඉතා වැදගත් – නියෝජ්‍ය ඇමතිවරයෙක්

පසුගිය දිනවල පොදුජන පෙරමුණ විසින් පක්ෂයේ ගිණුම් වාර්තා රටට හෙළිදරව් කිරීම දේශපාලන ක්ෂේත්‍රයේ ඇගයීමට ලක් විය. ඒ පිළිබඳව අප වෙත අදහස් ද...


Read More

ජනපති – විපක්ෂ නායක, ව්‍යවස්ථාදායක සභාව පතුරු ගහයි – සුදු රෙදි ඇඳගෙන ඉන්න මහත්වරුන්ගේ රෙදි ගැලවෙයි..

ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ එක්දින කල්තැබීමේ විවාද යෝජනාව එළැඹෙන බ්‍රහස්පතින්දා විවාදයට ගත් පසු ව්‍යවස්ථාදායක සභාවේ සුදු ඇඳගෙන සිටින මහත්වර...


Read More