දේශීය පුවත්

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන මන්ත්‍රීවරුන් වීමේ තත්වයක් ඇතිව තිබෙන බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමගින් එළඹෙන අඟහරුවාදා දින පවත්වන තීරණාත්මක සාකච්ඡාවේදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නා බව ද ඔහු සඳහන් කරයි.

ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ලබා දීමට හැකියාවක් ව්‍යවස්ථාව අනුව නැති බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට කළ දැනුම් දීම සලකා බලමින් මෙම තීරණය ගැනීමට සාකච්ඡා කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතාද ඊයේ (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීම ගැන තීරණයක් ගන්නා බවත් ඒ සම්බන්ධව මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කරමින් සිටින බවය.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් දැනට පාර්ලිමේන්තුවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් 70ක් නියෝජනය කරයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ජනාධිපතිගෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට යෝජනාවලියක්

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හමුවට රටට එල්ල වී ඇති චොදනා සම්බන්ධයෙන් විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට බලාපොරොත් වන බව ජනාධිපති මත්‍රීපාල...


Read More

අපි ආණ්ඩුවක් ඉක්මනින් ගොඩනගනවා. ඉන්දියාවත් – ශ්‍රී ලංකාවත් අතර සමීප මිත්‍රත්වයක් ගොඩ නැගීම මගේ බලාපොරොත්තුවයි. හිටපු ජනපති ඉන්දියාවේදි කියයි.

ඉන්දියාවත්, ශ්‍රී ලංකාවත් අතර විදේශ ප්‍රතිපත්තියේ බළකණුව වන්නේ එම රටවල් දෙකේ අනේ‍යාන්‍ය අවබෝධය බවත් ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර සමීප මි...


Read More

ජවිපෙ 20 එජාපයේ කොන්ත්‍රාත්තුවක් – ලක්ෂ්මන් යාපා

ජනතා විමුක්ති පෙරමුණ 20වැනි සංශෝධනය ඉදිරිපත් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත්තුවක් ඉටු කිරීම සඳහා යැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ...


Read More