ප‍්‍රධාන පුවත්

‘දිනන සටන ඇරඹුම’ නමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ආණ්ඩු විරෝධී බලවේග එක්කර ගනිමින් ඒකාබද්ධ පොදුජන පෙරමුණ සන්ධානගත වීමෙන් අනතුරුව පවත්වනු ලබන මංගල ජන රැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) සවස 2.00ට බදුල්ල විල්ස් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ආණ්ඩුවට එරෙහි සියලු බලවේග එක් වේදිකාවකට ගෙනැවිත් මෙම ආණ්ඩුව පරාජය කිරීමට හා ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් ‘පොහොට්ටුව’ යටතේ තරග කරන ඒකාබද්ධ පොදුජන පෙරමුණට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාදීමේ අරමුණෙන් මෙම ජනරැලිය සංවිධාන කරන බව ඒකාබද්ධ පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම ජන රැලියේදී වත්මන් ආණ්ඩුවට යම් අනතුරු ඇඟවීමක් සිදුකිරීමට නියමිත බවද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පොහොට්ටුවට සහය දෙන අයගේ මන්ත‍්‍රී ධුර අහෝසියි…

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කිසියම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සෘජුව හෝ වක‍්‍රව...

93 ක නාම යෝජනා අදින් අවසන්.. ඉතිරි 248 සදහා 18 සිට 21 දක්වා නම් කැදවයි..

පළාත් පාලන ආයතන 93ට අදාළ නාමයෝජනා භාරගැනීම අද (14) දහවල් 12.00 න් අවසන් වේ. මෙම පළාත් පාලන ආයතන 93 ට මහනගර සභා 7 ක් නගර සභා 18 ක් සහ ප‍්...

ජානිපෙන් ඉවත් වූ වීරකුමාර, පියසිරි සහ කුමාර ශ්‍රීලනිපයට

පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විඡේනායක සහ උතුරු මැද පළාත් සභා හිටපු මන්ත්‍රී පී. බී, කුමාර ...