මුහුණු පොතෙන්

එන්න අපි නයි මරමු.😀

September 10, 2019 7:45 am | Lanka Lead News

අපේ අද ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න සමහර නායකයෝ ඉල ඇදෙන හිනා යන නයි දිග.අරිනවා.

අනුර කුමාර කියනවා එයා ජනාධිපති වුනොත් බාර් හිමියන් කාටවත් දේශපාලනය කරන්න බැරි වෙන්න නීති හදනවලු.( මෙතැන දේශපාලනය කියලා අදහස් කරන්නේ ජන්දයට ඉදිරිපත් වීම වෙන්න ඇති. නැත්නමි හිර කාරයෙකුට නැති මානව ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බාර් එකක් අයිති වුනාට වලක්වන්න බෑනේ)

දැං මෙතැන අනුරලා උපකල්පනය කරන විදිහට ලංකාවේ බාර් අයිතිකාර දේශපාලඥයන් ඉන්නවද?

නෑ හලෝ ලංකාවේ බාර් තියෙන දේශපාලඥයන්ගෙන් 99.99% බාර් ලයිසන් එක තියෙන්නේ පවුලේ වෙනත් එකෙකුට.

ඉතිං පවුලේ එකෙකුට බාර් ලයිසන් එකක් තිබ්බා කියලා ජන්දය ඉල්ලන්න බෑ කියලා නීති දාන්න බෑ.

එතකොට අපි හිතමු ජවිපයේ අනුරලා එම නීතිය පවුලේ කෙනෙකුට බාර් ගයිසන් එකක් තිබ්බොත් ජන්දය ඉල්ලන්න බෑ කියලා නීති ගේනවා කියලා

එතකොට ඒක ශ්‍රේෂ්ථාධිකරණය තුළ අභියෝගයට ලක්වෙනවා මොකද කුටුම්භයක හෝ පරපුරක යම් අක්‍රමිකතාවයක් තව කෙනෙකුගේ පුද්ගල මානව හිමිකම් අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න බෑ කියලා.

අනුරලා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන සමහර ජන්ද පොරොන්දු වලට ප්‍රායෝගිකව ජනතාව හිනා වෙනවා. මොකද අනුරලා අරින නයි අද ජනතාවට තේරෙනවා.

අනික අනුරලාගේ දේශපාලන මතවාදය දැක්ම හා දර්ශණයට මත්පැන් කිෂ්පාදනය බෙදා හැරීම අලවිය රාජ්‍ය ව්‍යාපාර.

ඉතිං අනුර ජනාධිපති වුනාම ලංකාවේ බාර් ලයිසන් පෞද්ගලික අරක්කු නිෂ්පාදනාගාර රජයට පවරා ගත්තා කියමු.

එතකොට ඔය ජන්ද පොරොන්දුව වලංගුද

ජවිපය අද අරින නයි අපිට මරන්න වෙන්නේ එහෙම .

ජවිපය දෙන අද ජන්ද පොරොන්දු ප්‍රායෝගික ලෝකයේ කරන්නත් බෑ

අනර ජනාධිපති වෙන්නෙත් නෑ ඒ හංදා අරින නයි දියබරි වගේ 😀

අනේ මංදා අද ජවිපය.

………..නුවන් මොණරවිළ ……………….



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

”මම ජීවිතයේ කරපු ලොකුම පිංකම මේක – ආයෙ කවදාවත් සත්ව මාංශ අනුභව කරන්නේ නෑ” ආදිවාසී නායකයාගේ බෞද්ධ ප්‍රතිපත්තිය (Video))

දඹාන ගුරුකුඹුර ආදිවාසී ගම්මානයේ විහාරස්ථානයක චෛත්‍යක් ඉදිකිරීම සඳහා මංගල ශිලා ප්‍රතිස්ඨාපනය කිරීම පසුගියදා සිදුවුණි. එහිදී සතුටු කඳුලු...


Read More

චීනයේ සිටි සිසුන් 50ක් මව්බිමට

චීනයේ අධ්‍යාපනය ලැබීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 50 දෙනෙකු අද සවස කටුනායක ගුවන් තොටුපළට චීනයට අයත් ගුවන් යානා දෙකකින් පැමිණියේය. මෙය...


Read More

ගුණරුවන් කමිටුව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයට කන් දෙයි… MCC ගිවිසුම පිළිබද මහජන අදහස් විමසීමට තීරණය කරයි

M.C.C ගිවිසුම පිළිබඳව අධ්‍යනය කොට වාර්තා කිරිම සඳහා ජනාධිපතිතුමා විසින් පත් කරන ලද ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්ම...


Read More