ව්‍යාපාරික පුවත්

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.,2013=100) විචලනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2018 මාර්තු මාසයේ දී පැවැති සියයට 2.8 ට සාපේක්ෂව 2016 පෙබරවාරි මස සිට වාර්තා වූ අඩුම අගය වන සියයට 1.6 ක් දක්වා 2018 අප්‍රේල් මාසයේ දී පහළ ගියේය. 2018 අප්‍රේල් මස ලක්ෂ්‍යමය උද්ධමනයෙහි සිදු වූ මෙම පහළ යෑමට, 2017 වසරේ අප්‍රේල් මාසය තුලදී, විශේෂයෙන්ම ආහාර කාණ්ඩයේ මිල ගණන්වල ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙස පැවැති ඉහළ පදනම් අගය දායක විය. වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි දර්ශකයෙහි වෙනස 2018 මාර්තු මාසයේ දී වාර්තා වූ සියයට 6.7 සිට 2018 අප්‍රේල් මාසයේ දී සියයට 6.1 දක්වා පහළ ගියේය.

මාසික වෙනස්වීම් සැලකූ විට, ආහාර නොවන කාණ්ඩයට අයත් අයිතමවල, විශේෂයෙන් ප්‍රවාහන (ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන මිල වැඩි වීම); සහ මධ්‍යසාර සහ දුම්කොළ මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ජා.පා.මි දර්ශකය 2018 මාර්තු මාසයේ වාර්තා වූ දර්ශක අංක 122.8 සිට 2018 අප්‍රේල් මාසයේ දී දර්ශක අංක 122.9 දක්වා ඉහළ ගියේය. මේ අතර, සැපයුම් තත්ත්වයන්හි සිදු වූ වර්ධනයෙහි ප්‍රතිඵලයක් ලෙස ආහාර කාණ්ඩයෙහි විශේෂයෙන්ම එළවළු, ලොකු ළූණු සහ පොල් යන අයිතමවල මිල ගණන්හි අඩුවීමක් දක්නට ලැබිණි.

ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජා.පා.මි දර්ශකයෙහි මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2018 අප්‍රේල් මාසයේ දී සියයට 1.9 හි නොවෙනස්ව පැවතිණි. මේ අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2018 මාර්තු මාසයේ දී වාර්තා වූ සියයට 3.6 සිට 2018 අප්‍රේල් මාසයේ දී සියයට 3.3 දක්වා පහළ ගියේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

නව වෙළෙඳ ප්‍රතිපත්තිය හැදුවෙ කාගෙ උවමනාවටද? – ජයන්ත කථානායකගෙන් ප්‍රශ්න කරයි

පාර්ලිමේන්තුවේ මේ වනවිට සභාගත කර ඇති නව වෙළෙඳ ප‍්‍රතිපත්තිය නමැති ලේඛනය සකස් කළ ආකාරය හෝ ඒ සඳහා යොදා ගත් ක‍්‍රම වේදයන් හා ඊට දායක වූ පුද...


Read More

ඥාණසාර හිමිට ඇප නොලැබෙයි…

ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිදට බැණ තර්ජණය කළේයැයි බරපතල වැඩ සහිතව හය මසක සිර දඩුවමක් නියමව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් එම...


Read More

16 කණ්ඩායමට එරෙහි වෙන්නෙ දේශපාලන ළදරුවෝ – ගම්මන්පිල

ඒකාබද්ධ විපක්ෂයට 16 දෙනාගේ කණ්ඩායම වැදගත් නැතැයි කවුරුන් හෝ ප්‍රකාශ කරන්නේ නම් ඔවුන්ට දේශපාලනය තවම හරි හැටි නොතේරෙන බවත් මේ දහසය දෙනා මවු...


Read More