පුරවැසි කොලම

ආරක්‍ෂාව සපයන මුවාවෙන් යුද හමුදාව පාසල් වෙතට බෝම්බ රැුගෙන ඒමේ අවධානමක් පවතින බවද එහිදී ප‍්‍රකාශ කර ඇති ශ‍්‍රීධරන් මෙවන් හමුදා ආරක්‍ෂාවක් උතුරේ පාසල්වලට අවශ්‍ය නොවන බවද ස`දහන් කර තිබේ.

එසේම වහාම ආරක්‍ෂක හමුදාවන් උතුරෙන් ඉවත් කළ යුතු බවද එහිදී පවසා ඇති ශ‍්‍රීධරන් ඊට පසුදා එනම් පසුගිය 5 වැනිදා කිලිනොච්චියේ පිහිටි දෙමළ ජාතික සන්ධනාන කාර්යාලය තුළදී පළමුවෙන්ම මියගිය එල්ටීටීඊ කළු කොටි සාමාජිකාව වූ කන්ගෙයි කන්නි නමැති කොටි සාමාජිකාව සහිකරමින් රහසේ උත්සවයක්ද පවත්වා ඇත.

ඉකුත් 1996 වසරේදී යාපනය කන්කසන්තුරය ප‍්‍රදේශයේදී මියගිය අන්ගෙයි කන්නි සිහිකරමින් සිවඥාණම් ශී‍්‍රධරන් මේ සිදු කර ඇත්තේ මෙවර කළු කොටි දිනය සැමරීමේ අරම්භය ගැනීමකි.

ගෙවී ගිය වසර හතරහමාරක කාලය තුළ වත්මන් ආණ්ඩුව මෙන්ම එජාප ශී‍්‍රලනිප දීගයෙන් බිහි කෙරුණු යහපාලනයද හැමදාමත් හ`ඩ න`ගා රටට කීවේ ජාතීන් අතර සම`ගිය සම`ග සහජීවනය සහ සංහි`දියාව තුළින් සංවර්ධිත රාජ්‍යයක් බවට රට පත් කිරීම තමන්ගේ ඒකායන අරමුණ බවය.

එකී අරමුණු තුළ සිරවී සිටි පාලකයෝ බලය ලැබුණු දා සිට සහජීවනය සහ සංහි`දියාව කබල්ගාමින් සිදුකළ දේද බොහෝ වූහ. ඒ බොහෝ දේ අතර බොහෝ විට තිබුණේ ඇස්පනාපිට සිදුවූ පාවාදීම්ය. එකී පාවා දීම් හමුවේ රටේ ජාතික ආරක්‍ෂාව බිංදුවටම ඇදවැටෙද්දීත් පාලකයෝ නිහ`ඩවම සිටියහ.

අවසානයේ සියලූ දෙනාගේ ඇස් ඇරුනේ සහරාන් හෂීම්ගේ මරාගෙන මැරෙන බෝම්බ ජාතිය ඉදිරියේ පුපුරා යෑමත් සමගිනි. එය අද මුළු ලෝකයම දැන සිටින කරුණක් බවට පත්ව ඇත.

ආණ්ඩුවේ ඇත්තන් සංහි`දියාව සහ සහජීවනය තුළ සිරවී ජාත්‍යන්තරය දිනා ගනුවස් සියල්ල බන්දේසියක තබා පුදමින් සිටියදී රට ඇදී ගියේ එකී ජාත්‍යන්තරයටද වුවමනා වූ පරිදි බෙදුම්වාදය දෙසටය.

එසේ අලජ්ජී වූ පාලනයක් හමුවේ නව මානයකින් බෙදුම්වාදයට උප්පැන්න සහතික ලියැවෙන අතරේ එහි අතුරු ඵලයක් ලෙසින් මතුවූයේ සහරාන් හෂීම්ය. එසේ කාටත් නොදැනීම තව්හිද් ජමාත් ත‍්‍රස්තවාදය රට ඉදිරියට පැමිණෙන මොහොත දක්වාම ආණ්ඩුවේ නිල නොවන කොටස්කරුවන් ලෙස කි‍්‍රයාත්මක වෙමින් සිටි දමළ ජාතික සන්ධානය ඇතුළු බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයෝ සිටියේ කොතැනකද?

ඔවුහු එදා ප‍්‍රභාකරන්ට බැරි වූ දේ වෙනත් අකාරයකින් කරගැනීම ස`දහා ආණ්ඩුවද රැුගෙන ඊළම දෙසට යමින් සිටියහ. පැහැදිලිවම සහරාන් හෂීම්ගේ බෝම්බ ප‍්‍රහාරය රටට එල්ල වන්නේ මෙවන් වටපිටාවක් නිර්මාණය වී තිබියදීය.

දැන් සහරාන් හෂීම්ගේ ප‍්‍රහාරය හමුවේ පාස්කු මංගල්‍යය සමරමින් සිටි මේ රටේ අහිංසක කිතුණු බැතිමතුන් පිරිසක් නොවිය යුතු ජීවිත පූජාවක් සිදුකර අවසන්ය. ඒ මතකය අදටත් ජනතා හදවත් හිරිවට්ටමින් තිබියදී මේ හමුවේ ආණ්ඩුව ජාතික ආරජෂාව වෙනුවෙන් ගනු ලැබූ පියවර රාශියක්ම ඇත.

එල්ටීටීඊ ත‍්‍රස්තවාදය අතුගා දමා දසවරක් ගතවූ මොහොතේ රටම මුහුණ දුන් ඛේදනීය ඉරණම එසේ වෙද්දී මේ දැනුත් බෙදුම්වාදී දෙමළ දේශපාලනය ඇත්තේ කොතැනකද? ඔවුහු තවමත් උතුරේ ජනමනස විකෘති කරමින් දෙමළ ජනහදවත් තුළ සිංහල වෛරය රෝපණය කරමින් නොසිටිතිද?

ඊළමක සිහින මවමින් එල්ටීටීඊ ත‍්‍රස්තවාදය දේවත්වයේ තබා වෛරය රෝපණය කර ඇතිකරනු ලබන ජාතික අසමගිය තුළින් තමන්ගේ බලය රැුක ගැනීමට මේ බෙදුම්වාදීහූ කටයුතු කරමින් සිටින්නාහ.

මේ මොහොතේ ඊට හො`දම උදාහරණය සපයමින් සිටින්නේ දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර සිවඥාණම් ශී‍්‍රධරන් හෙවත් එස්. ශී‍්‍රධරන්ය. මේ ශී‍්‍රධරන් යනු කවරෙක්ද? මෙය ඒ ඉතිහාසය මතකයට නැගිය යුතුම මොහොතකි.

හඞ්සන් වීදිය, මායාවනුර්, වට්ටකච්චි, කිලිනොච්චිය යන ස්ථිර ලිපිනයේ පදිංචි 1968-11-08 යාපනයේදී උපන් එස්. ශී‍්‍රධරන් යනු මේ වන විට කොළඹද ඇතුළුව යාපනය සහ කිලිනොච්චියේ තවත් ලිපිනයන් තුනක් භාවිතයට ගෙන සිටින්නෙකි.

වට්ටකච්චි මුරුගානන්දා මහ විද්‍යාලය සහ උරතිපුරම් හින්දු මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ හේ එල්ටීටීඊ ත‍්‍රස්තවාදයට එරෙහිව රජයේ හමුදා අවසන් සටන ආරම්භ කළ කාලසීමාවේ (2009* දී කණ්ඩාවලයෙි මහා විද්‍යාලයේ සහ 2006 අග සිට 2009 අවසන් සටන වන විට කිලිනොච්චි මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙසද කටයුතු කෙරූවකි.

අද දෙමළ ජාතික සන්ධනයේ කිලිනොච්චිය දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලෙස කටයුතු කරන්නේ මේ වන විට 51 හැවිරිදි වියේ සිටින ඒ ශී‍්‍රධරන්ය. එල්ටීටීඊයේ හිටපු ප‍්‍රධාන පෙළේ නායකයකු වූ කර්නල් තීපන්ගේ නැගණිය ශී‍්‍රධරන්ගේ බිරි`දය.

අතීතයේදී එල්ටීටීඊ සංවිධානයට උතුරේ ගුරුවරුන් බ`දවා ගැනීමේදී කෙටි කලක් එල්ටීටීඊය එක්වී ඇති මොහු එහි වෛද්‍ය බලකායේ කටයුතු කර පසුව සංවිධානය අතහැර පැන යන ශී‍්‍රධරන්ට සිය බිරි`ද වූ කොටි නායක තීපන්ගේ නැගණිය වන ඥාණකුමාරි හමුවී ඇත්තේ 1994 වසරේදී පමණ කෝනාවිල් විදුහලේ ගුරුවරයකුව සිටියදීය.

විවාහයෙන් පසුව පරන්තන් විදුහලේ විදුහල්පති වශයෙන් සිටියදී එල්ටීටීඊ්‍ය විසින් රතුකුරුස සංවිධනය සම`ග කටයුතු කරන ලේකම්වරයා ලෙස ශී‍්‍රධරන්ව පත්කර ඇති අතර පසුව ඒ වන විට එල්ටීටීඊයේ ප‍්‍රබල හතිවාදියකුව සිටි ශී‍්‍රධරන්ව 2006 වසරේදී කිලිනොච්චිය මහ විදුහලේ විදුහල්පති වශයෙන් පත්කිරීමට එල්ටීටීඊ සංවිධානය කටයුතු කර ඇත. එයට හේතුවී ඇත්තේද ඒ වන විට එල්ටීටීඊ නායක ප‍්‍රභාකරන්ගේ බාල පුත් බාලචන්ද්‍රන්, එල්ටීටීඊ පොලිස් ප‍්‍රධානී නඬේෂන්ගේ පුතා වූ ජනගන්, කොටි දේශපාලන අංශ නායක තමිල් චෙල්වම්ගේ දියණිය වූ අලේමගල් ඇතුළු කොටි නායකයන් රැුසකගේ දරුවන් කිලිනොච්චිය මහ විදුහලේ අධ්‍යාපනය හදාරමින් සිටීමය.

රජයේ හමුදා එල්ටීටීඊයට එරෙහි අවසන් සටනේ පෙරට යද්දී ඉකුත් 2008 වසර වන විට එල්ටීටීඊය සමග වන්නි ප‍්‍රදේශයේ සිරවන ශී‍්‍රධරන් අවසානයේ රතුකුරුස සංවිධානයේ ලිපි ගෙනයන්නකු ලෙසින් හමුදා පාලන ප‍්‍රදේශයට පවුලේ අයද සම`ග පැමිණ සෙට්ටිකුලම අවතැන් ක`දවුරේ දින තුනක පමණ කාලයක් රැදී සිටීමෙන් පසු යාපනය ප‍්‍රදේශයට පිටව ගොස් ඇත.

දෙමළ පුනරුත්ථාපන අංශයේ ඉලංවේරන් සම`ග කොටි පුහුණුව ලබා ඇති ශී‍්‍රධරන් එල්ටීටීඊයේ ප‍්‍රචාරක කටයුතුවලදී මුල්තැනක් ගත් එල්ටීටීඊයේ දේශපාලන අංශ නායක තමිල් චෙල්වම් සම`ග සමිප ඇසුරක් පවත්වාගෙන ගිය අයකු බවද එකල ආරක්‍ෂ අංශ අනාවරණය කරගෙන තිබිණි.

එසේම යුද්ධයේදී මියගිය එල්ටීටීඊ නායකයන්ගේ අවසන් කටයුතුවලට පාසල් දරුවන් සහභාගි කිරීමට තරම් හිතවාදී වූ කිලිනොච්චි විදුහලේ විදුහල්පතිව සිටි ශී‍්‍රධරන් පාසල් දරුවන්ට පාසල් භූමිය තුළ එල්ටීටීඊ පුහුණුව ලැබීමට අවස්ථාව සැලසූවකු බවද ආරක්‍ෂක අංශ හෙළිකර ගනු ලැබීය.

එවන් අතීතයකට උරුමකම් කියන ශී‍්‍ර ධරන් අවසන් සටනින් එල්ටීටීඊය පරාජයට පත්වීමෙන් පසු රජයේ හමුදාවන්ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කෙරුවන් අතරේද පෙරමුණේම සිටියකු විය. ඔහු එකී චෝදනා ජිනීවා මානව හිමිකම් කවුන්සලය දක්වා රැුගෙන යෑමටද කටයුතු කළේය.

එසේ එල්ටීටීඊයේ සමීපතමයකුව සිට රජයේ හමුදාවන්ට යුද අපරාධ චෝදනා එල්ල කළ ශී‍්‍රධරන් අද සිදුකරමින් සිටින්නේ කුමක්ද?

තව්හිද් ජමාත් ත‍්‍රස්තවාදීන් එල්ල කළ ප‍්‍රහාරයත් සම`ග රටපුරා සියලූ පාසල් දරුවන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් යුද හමුදා ආරක්‍ෂාව ලබාදීමට ආණ්ඩුව කටයුතු කරනු ලැබුවේ එල්ල වූ ප‍්‍රහාරය එතරම්ම භිහිසුණු එකක් වූ නිසාය.

ඒ අනුව කිලිනොච්චිය දිස්ති‍්‍රක්කයේ පාසල්වලටද හමුදා ආරජෂාව ලබා දී තිබිණි. මෙසේ හමුදාව පාසල් ආරක්‍ෂාවට පැමිණීමත් සම`ග දෙමළ ජාතික සන්ධනයේ මන්තී‍්‍ර එස් ශී‍්‍රධරන්ගේ කොටි හ`ඩ යළි මතුවන්නට විය. හේ යුද හමුදාවට එරෙහිව සටන ඇරඹීය. බොහෝවිට යුද හමුදාව උතුරේ දෙමළ ජනතාවට සමීප වන විට තමන්ගේ දේශපාලන ශක්තිය හීනවනු ඇතැයි යනුවෙන් බලලෝබී භීතියක් ශී‍්‍රධරන්ගේ සිතට ඇතිවූවාද විය හැකිය.

එසේ සටන ඇරඹූ ශී‍්‍රධරන් ඉකුත් 4 වැනිදා කිලිනොච්චිය පිරමන්තල්ආරු මහ විදුහලේ අලූතින් ඉදිරින ලද

ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වෙමින් එහි සිටි ප‍්‍රාථමික පන්තිවල දරුවන් අමතමින් ඉතාම හිරිකිත වූ ප‍්‍රකාශයක් සිදු කිරීමට ද කටයුතු කර ඇත.

පැස්කු බෝම්බ පිපිරුණේ කොළඹදී වුවද අද කොළඹ පාසල්වලටවත් නැති ආරක්‍ෂාවක් උතුරේ පාසල්වලට යොදා ඇතැයි එහිදී පවසා ඇති ශී‍්‍රධරන් උතුරේ පාසල්වලට කෙනකු පැමිණෙන විට ප‍්‍රශ්න කරනුයේ යුද හමුදාව බවද දරුවන්ට ප‍්‍රකාශ කර ඇත.

ඉන් නොනැවතුණු හේ අද උතුරේ පාසල් ආරක්‍ෂා කරනුයේ තම තමන්ගේ අයියලා අ්කකලා ඝාතනය කළ හමුදාව බවද ස`දහන් කරමින් ඒ අතීතීය දැන ගැනීමට අවශ්‍ය නම් දෙමාපියන් වෙත ගොස් විමසා වටහා ගන්නා ලෙසද දරුවන්ට පවසා ඇත.

අපේ ජාතිය ඝාතනය කළ හමුදා දැන් පාසල් ආරක්‍ෂාවට පැමිණෙන්නේ තමන් හො`ද පිරිසක් බවට ඒත්තු

ගැන්වීමට යැයි ද දරුවන්ට කියා ඇති ඔහු හමුදාව සැරසෙන්නේ අපට යටපත් කරගෙන පාලනය කිරීමට වද පවසා ඇත.

ආරක්‍ෂාව සපයන මුවාවෙන් යුද හමුදාව පාසල් වෙතට බෝම්බ රැගෙන ඒමේ අවධානමක් පවතින බවද එහිදී ප‍්‍රකාශ කර ඇති ශ‍්‍රීධරන් මෙවන් හමුදා ආරක්‍ෂාවක් උතුරේ පාසල්වලට අවශ්‍ය නොවන බවද ස`දහන් කර තිබේ.

එසේම වහාම ආරක්‍ෂක හමුදාවන් උතුරෙන් ඉවත් කළ යුතු බවද එහිදී පවසා ඇති ශ‍්‍රීධරන් ඊඨ පසුදා එනම්

පසුගිය 5 වැනිදා කිලිනොච්චියේ පිහිටි දෙමළ ජාතික සන්ධනාන කාර්යාලය තුළදී පළමුවෙන්ම මියගිය එල්ටීටීඊ කළු කොටි සාමාජිකාව වූ කන්ගෙයි අන්නි නමැති කොටි සාමාජිකාව සහිකරමින් රහසේ උත්සවයක්ද පවත්වා ඇත.

ඉකුත් 1996 වසරේදී යාපනය කන්කසන්තුරය ප‍්‍රදේශයේදී මියගිය අන්ගෙයි කන්නි සිහිකරමින් සිවඥාණම් ශී‍්‍රධරන් මේ සිදු කර ඇත්තේ මෙවර කළු කොටි දිනය සැමරීමේ අරම්භය ගැනීමකි.

ආණ්ඩුව ගියේ සහ අදටත් යන්නේ සංහි`දයාව සහ සහජීවනයටය. එහෙත් ශී‍්‍රධරන්ලා එදා සේම අදටත් ඉන්නේ ප‍්‍රබාකරන්ට මල් පදුන තැනකය. එහිදී ඔහු ආමනත‍්‍රණය කරනුයේද මේ රටේ අනාගත පරපුරේ තවත් කොටසක් වූ අතුරේ දරුපරපුරටය. විකෘති කරනුයේ එකී ළබාල මනසය.

එයින් අනාගතයටත් මේ රටේ දෙමළ බෙදුම්වාදය සුරක්‍ෂිත කරන අතරේ ඒ සිත්තුළ ඇතිවන වෛරය තුළින් තමන්ගේ බලය රැුක ගැනීම ශී‍්‍රධරන් වැනි තුට්ටු දෙකේ දේශපාලනඡුයන්ගේ කල්පනාව වී තිබෙනවා විය හැකිය.

අප මෙහිදී තුට්ටු දෙකේ යන වදන තෝරා ගන්නේද ඔහු කර ඇත්තේ ඊටත් වඩා පහත් අයුරින් ආමන්ත‍්‍රණය කළයුතු කටයුත්තක් වන බැවිනි. පැහැදිලිවම ඔහු මේ සිදු කර ඇත්තේ සිංහල දෙමළ යන ජාතීන් අතර අසම`ගිය වර්ධනය කරමින් බේද ඇති කිරීමේ කාර්යයකි.

එසේ නම් සංහි`දයාවට සහ සහජීවනයට යන ආණ්ඩුවක් තුළින් ජාත්‍යණ්තර සම්මුති නීතිය යටතේ ශී‍්‍රධරන්ලාට නිතිය කි‍්‍රයාත්මක නොවන්නේ ඇයි. මේ නින්දිත දෙමළ බෙදුම්වාදී මිනසිකත්වය හමුවේ දැන් අප හමුවේ ඇති එකම ප‍්‍රශ්නය වන්නේ එය පමණකි.

* සමන් ගමගේ



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පාස්කු බෝම්බ ප‍්‍රහාරයේ වරදකරුවන්ට මරණ දඬුවම හිමි විය යුතුයි – ජනාධිපති

කුමන තරාතිරමක අයෙකු වුවද මහා සංඝරත්නයට අපහාස කරන්නේ නම් එය ප්‍රතික්ෂේප කරන අතරම පිළිකුල් සහගතව බැහැර කරන බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිප...


Read More

රණවිරු බළකාය ගෝඨා ඉල්ලා මහින්දගේ කාල්ටන් නිවසට යයි

රට බේරා ගැනීමේ අරමුණින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලීම් කිරීමට ශ්‍රී ලංකා ජාතික රණවිරු බළකායේ නිලධාරී මණ්ඩලය අ...


Read More

‘‘මාතෘ භූමී සුරක්ෂා පූජා“ කෝට්ටේ ශ්‍රී නාග විහාරයෙන් ඇරඹෙයි.

රට ජාතියට සෙත් පතා සිදු කළ‘‘මාතෘ භූමී සුරක්ෂා පූජා“ ආශිර්වාද පූජාව අද (16) පොහොය දින සවස කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී විහාරාධිපති දර්ශනපති ...


Read More