විදේශ පුවත්

උතුරු කොරියානු නායක කිම් ජොන් අන් හා තමන් අතර දෙවන හමුව වියට්නාමයේ හැනෝයි නගරයේදී සිදු වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසනවා. සිය නිල ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ට‍්‍රම්ප් මේ බව අනාවරණ කළා.

උතුරු කොරියානු නායකයා හමුවන්නේ වියට්නාමයේ කුමන නගරයේදී ද යන්න ජනාධිපති ට‍්‍රම්ප් නිල වශයෙන් අනාවරණ කළ පළමු අවස්ථාව මෙයයි. තමන් හා උතුරු කොරියානු නායකයා අතර දෙවන හමුව වියට්නාමයේ සිදුවන බවට ජනාධිපති ට‍්‍රම්ප් ඉකුත් අගහරුවාදා ප‍්‍රකාශ කළත් ඒ කුමන නගරයේදී ද යන්න මෙතෙක් ප‍්‍රකාශ කර තිබුණේ නැහැ.

අමෙරිකාව වියට්නාම යුද්ධය ලෙසත්, වියට්නාමය අමෙරිකානු යුද්ධය ලෙසත් හඳුන්වන, වියට්නාමයේ පැවැති සිවිල් යුද්ධයේ කේන්ද්‍රස්ථානය වූයේ හැනෝයි නගරයයි. එම යුද්ධයෙන් සිවිල් වැසියන් ඇතුළු මිලියන ගණනක් ජිවිතක්ෂයට පත්වූ අතර පසුව වියට්නාමයට යළි නැගී සිටීමට සහය ලබා දුන්නේ ද අමරිකාවය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

අන්තවාදී කි‍්‍රයා මර්දනය කරන්න හමුදාවට බලය පවරයි

රට තුළ ක‍්‍රියාත්මක අන්තවාදී ක‍්‍රියාවන් පාලනය කිරීමේ සහ මර්දනය කිරීමේ සියලූම බලතල ශ‍්‍රී ලංකා යුද හමුදාවට පවරා ඇත. ඒ අනුව පෙරේදා (2...


Read More

IS සංවිධානයට සම්බන්ධවූවන් ලංකාවට පැමිණි බව රජය දැනගෙන සිටියා – අගමැති

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට ශ්‍රී ලංකාවෙන් සම්බන්ධවූවන් නැවත ලංකාවට පැමිණ සිටින බවට රජය දැනුවත් සිටි නමුත් ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධා...


Read More

‘‘ සහය දෙන මුවාවෙන් ඇමෙරිකාව එන්නේ ලංකාවේ යුද තිප්පලක් හදාගන්නයි‘‘ – ජයන්ත සමරවීර

ඉස්ලාම් අන්තවාදය මැඞීමට සහය දෙන බව කියමින් ශ්‍රී ලංකාව තමන්ගේ යුද තිප්පොළක් බවට පත්කරගැනීමට ඇමෙරිකාව උත්සාහ කරන බවත්, එයට ඉඩ නොදී අපේ රණව...


Read More