දේශීය පුවත්

හෙට දවසේ ද උතුම් ථේරවාද බුද දහම ලොවට බෙදා දෙන මූලස්ථානය බවට ශ්‍රි ලංකාව පත් කළ යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

පේරාදෙණිය, ඊරියගම ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව සද්ධර්මරාජා බුද්ධගයා ස්ථූපරාජයාණන් වහන්සේ විවෘත කිරීමේ පුණ්‍යෝත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ රටේ ඉතිහාසය, සංස්කෘතිය සහ බෞද්ධ උරුමයන් පිළිබඳ අභිමානයෙන් සහ ගෞරවයෙන් කතා කළ හැකිව තිබෙන්නේ ථෙරවාදී බුදුදහම පිළිබඳ මූලස්ථානය බවට අතීතයේ අප රට පත්ව තිබු නිසා බවයි.

එම උතුම් දායදය සුරක්ෂිත කරමින් ලොව පුරා සියලු බෞද්ධ ජනතාව අතර බෙදා හැරීම අද දවසේ ද වගකීම බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ පොලොන්නරු යුගයේ දී සංහිදියාව පිළිබඳ ආදර්ශයක් ලබා දී ඇති බවයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

20 සම්මත කිරීමේ සෙල්ලමට ඇමෙරිකානු මැදිහත් වීමක් – පාර්ලිමේන්තු මහලේකම්ට බලපෑම්

ලංකා ලීඩ් නිව්ස් වෙත ලැබී ඇති විශ්වාසනීය ආරංචිමාර්ගයකට අනුව ඊයේ(25) දින තාජ් සමුද්‍ර හෝටලයේ සිට පාර්ලිමේන්තුවට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය දෙ...


Read More

නොරොච්චෝලය ඉදි නොවුණානම් ජනතාව අද කලුවරේ – මහින්ද

තම ආණ්ඩුව බලයේ සිටින විට මෙවන් විදුලි කප්පාදු කිරීම් සිදු නොවූ බවත් යුධ සමයේ දී පවා ජනතාවට විදුලිය ලබාදුන් බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්...


Read More

යුද්ධය අවසන් කරන්න රාජ්‍ය සේවකයින් ලොකු සේවාවක් කළා-ගෝඨා

රාජ්‍ය සේවකයන් හට නොබියව තම සේවය ඉටු කිරීමට හැකිවන පරිදි නව නීතී සම්පාදනය කර ඔවුන් ආරක්ෂා කර ගත යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ...


Read More