දේශීය පුවත්

‘වහාබ් අන්තවාදය මව්බිමෙන් පන්නා දමමු!’ යන තේමාව යටතේ අද (04) නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් සංවිධානය කළ ජන රැලිය දිවයිනේ දසතින් පැමිණි දසදහස් සංඛ්‍යෘත ජනකායකගේ සහභාගීත්වයෙන් අතිසාර්ථක අන්දමින් පැවැත්විණි.

එහිදී පිළිගැනීම සහ අරමුණු පැහැදිලි කිරීම වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැදවුම්කරු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන නාහිමි විසින් සිදු කරන ලදී. ඉන් අනතුරුව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, ආචාර්ය පූජ්‍ය මදුරුඔයේ ධම්මිස්සර හිමි, ජාතික සමතා බලවේගයේ කැදවුම්කරු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියද් අද්මිරාල් සරත් විජේසේකර, ප්‍රවීණ කලා ශිල්පී මධුමාධව අරවින්ද, ප්‍රවීණ රංගන ශිල්පිනී අනූෂා දමයන්ති, හින්දු සම්මේලනයේ සභාපති නාරා ටී අරුන්කාන්ත්, ජාතික විශ්ව විද්‍යාල සම්මේලනයේ සභාපති, මහාචාර්ය චන්න ජයසුමන, ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂයේ මහ ලේකම් එන්. විෂ්ණු කාන්තන්, පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල, ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ යන මහත්වරු අදහස් දැක්වූහ.

එසේම ‘වහාබ් අන්තවාදය මව්බිමෙන් අතුගා දමන බවට’ රැස්ව සිටි පිරිස ප්‍රතිඥාවක් ලබා දුන් අතර ප්‍රතිඥාව ඉදිරිපත් කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා විසින් සිදු කරනු ලැබීය.

වහාබ්වාදී අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය – ප්‍රතිඥාව 2019.07.04

01. අප මාතෘභූමිය වහාබ්වාදී මූලධර්මවාදී ත්‍රස්තවාදයට බාහිරින් සහ අභ්‍යන්තරයෙන් ගොදුරු වී සිටින මොහොතක ආණ්ඩුව විසින් තම බලය රැක ගැනීම සදහා එම ආගමික අන්තවාදී බලවේග ආරක්ෂා කරමින් සිටින බැවින් ද, විශේෂයෙන්ම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව යොදා ගනිමින් වහබ්වාදී දේශපාලන නායකයින්ගේ ලේ තැවරුණු දෑත් සේදීමේ ක්‍රියාවලියක නිරතවී සිටින බැවින ද –

02. වහාබ්වාදී ත්‍රස්තවාදයට මුවා වෙමින් ගිවිසුම් ත්‍රිත්වයක් මගින් සහ රටේ නීති පද්ධතිය වෙනස් කරමින් ඇමෙරිකානු හමුදා රට තුළට කැදවීමට මහජනයා නොමග යවමින් කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කරන බැවින්ද –

03. වහාබ්වාදී අන්තවාදී බලවේග සියල්ල නීතිය හමුවට ගෙන ඒමට සහ ඔවුන්ගේ බලය බිදීමට ආණ්ඩුව අසමත් වී සිටින බැවින් සහ විශේෂයෙන් රිෂාඩ් බදියුදීන්, හිස්බුල්ලා වැනි අන්තවාදය පෝෂණය කරන බවට චෝදනාවට පාත්‍ර වී සිටින දේශපාලන නායකයින්ගෙන් කටඋත්තරයක් ගැනීමට පවා ආණ්ඩුව අසමත් වී සිටින බැවින් ද –

04. එම තත්වය තුළ වහාබ්වාදී අන්තවාදය රට තුළ තවදුරටත් වර්ධනය වෙමින් ඉදිරියේදී මහා විනාශකාරී තත්වයක් ඇතිකිරීමට ඉඩ තිබෙන බැවින් සහ එම අවිනිශ්චිත බියකරු තත්වය විසින් මහජන මනසේ සැකය , බිය, අවිශ්වාසය ජනිත කිරීමට හේතු වන බැවින් සහ ඒතුළින් ජාතික සමගිය බිද වැටී අප මව්බිම අභ්‍යන්තර සහ බාහිර සතුරන්ට වාසිදායක තත්වයක් ඇතිවන බැවින් ද-

 අපගේ මාතෘභූමිය එම ඛේදජනක විනාශකාරී ඉරණමෙන් ගලවා ගැනීම සදහා

1. අප රටේ සියලු දේශප්‍රේමී , ජාතිකවාදී, වාමවාදී බලවේග එක් මහා බලවේගයක් ලෙස ගොනුකොට ජාතිය ගලවා ගැනීමේ මහා දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට කැපවන බවට ද ඒ මගින් වහාබිවාදී අන්තවාදය ප්‍රමුඛ ජාතිවාදී බෙදුම්වාදී බලවේග සහමුලින්ම පරාජය කිරීමට කටයුතු කරන බවට ද –

2. ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතියේ පොදු අපේක්ෂකයා ලෙස කොන්ද පණ ඇති දක්ෂ නායකයෙක් ඉදිරිපත්කොට නගරයෙන්, නගරයට,ගමින්, ගමට, වීදියෙන්, වීදියට, පන්සලෙන් , පන්සලට, ගෙදරින්, ගෙදරට, යමින් ඔහුගේ ජයග්‍රහණය සදහා කැප වන බවටද එම නව නායකත්වය යටතේ ‘’එක් රටක් – එක් නීතියක්’’ යන මූලධර්මය මත සියලු අන්තවාදී ප්‍රවණතාවන් දීර්ඝකාලීනව සමාජයෙන් අතුගා දමන බවට ද-

3. අනාගතයේදී බිහි කරනු ලබන රජය තුළ වහාබ්වාදී මූලධර්මවාදී, අන්තවාදී බලවේගවලට සහ බෙදුම්වාදී බලවේග වලට කේවල් කිරීමට ඉඩ නොතබන බවට ද, ඒ සදහා බහුතර සිංහල ජනතාව දැනුම්වත්කොට පෙළගස්වන බවට සහ ඒ මගින් වහාබ්වාදී අන්තවාදීන් විසින් රාජ්‍ය බලය යොදා ගනිමින් අන්තවාදය පෝෂණය කිරීමේ ක්‍රියාවලියට සදහටම තිත තබන බවට ද –

4. ඒ මගින් සිංහල, දෙමළ , මුස්ලිම් සියලු ජනතාවට සාමයෙන් ජීවත්විය හැකි රටක් වහාබ්වාදී, ජාතිවාදී, බෙදුම්වාදී, අන්තවාදී බලවේගවලට යටත් නොවන රටක්, සැමට සමානව එක නීතියක් ක්‍රියාත්මක වන රටක් ගොඩනගන බවට ද –

5. සදාදරණීය ලක් මාතාවගේ සුජාත දූ පුතුන් වන සිංහල, දෙමළ, මුස්ලිම් යන දූ පුතුන් රුධිරමය හතුරන් කොට එකිනෙකා මරා ගැනීමට සලස්වන ලක් පොළොව ආසියාවේ ලිබියාවක්, ඉරාකයක් බවට පත් කිරීමට තතනන මිලේච්ඡ වහාබ්වාදය හදා, වඩා, ලොකු මහත්කොට, රැකවරණය ලබා දෙන රිෂාඩ් බදුර්දීන් – අසාත් සාලි – එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා හා රාවුෆ් හකීම් යන අයවලුන් ලාංකීය ජාතියේත්, උතුම් වූ ලාංකීය භූමියේත් පරම සතුරන් හා ද්‍රෝහීන් බවට හඳුන්වනු ලබන මෙකී ඓතිහාසික ජන රැලිය ඔවුන් සම්බන්ධ වන ආණ්ඩුවක් හෝ කවර ආකාරයක පාලන තන්ත්‍රයක් යළිත් කිසි දිනෙක ශ්‍රී ලංකාව තුළ පිහිටුවීමට ඉඩ නොතබන බවට ලක් මාතාවගේ නාමයෙන් අප සපත කර සිටිමු.

දිවි හිමියෙන් ප්‍රතිඥා දෙමු!
දිවි හිමියෙන් ප්‍රතිඥා දෙමු!
දිවි හිමියෙන් ප්‍රතිඥා දෙමු!

 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ඡන්ද රැලි වලදී බෝම්බ ගැසීමට කොටි සැලැස්මක්: ඉලක්කය මෛත්‍රී, මහින්ද, ගෝඨා, ඩග්ලස්

එළැඹෙන මැතිවරණ සමයේ දකුණේ දැවන්ත පිපිරීමක් සිදු කර ප‍්‍රභූන් ඇතුළු මහා මිනිස් ඝාතනයක් කිරීම සඳහා එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් කර තිබූ සැලසුමක ...


Read More

පොහොට්ටුවේ තරුණ සමුළුවේදී ගෝඨාභය සිය සැලසුම් හෙළි කරයි ((Video)

අධ්‍යාපනය, රැකියාව, සංවර්ධනය, ආරක්ෂාව, ක්‍රීඩා සහ පරිසරය ආදී අංශ ගණනාවක් සම්බන්ධයෙන් තරුණයින්ට බලපා ඇති ගැටලුවලට ලබා දෙන විසඳුම් පිළිබඳ ප...


Read More

කරූ ඉල්ලා අස්වෙන්නෙ නෑ: ජනපති වුණත් සීමිත කාලයයි.

කරූ ජයසූරිය මහතා කථානායකධූරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බවට ඇතමුන් ගෙනයන ප්‍රචාර සම්පූර්ණ අසත්‍යයක් බව කථානායක කාර්යාලය සදහන් කරයි. ...


Read More