විදේශ පුවත්

යුක්‍රේනයට අයත් ගුවන් යානයක් මගීන් 176 දෙනෙකු සමඟ විනාශ වීමට අත් වැරදීමකින් සිදුවූ ඉරාන මිසයිල් ප්‍රහාරය හේතු වූ බව ඉරාන රජය පිළිගැනීමෙන් පසු ඉරාන විශ්ව විද්‍යාල සිසුන් ඉරාන රජයට එරෙහිව උද්ඝෝෂන පවත්වන්නට පටන් ගෙන ඇත. විරෝධතා ඉරානයේ බොහෝ නගර ආශ්‍රිතව පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගුවන්යානය මිසයිල් ප්‍රහාරයකට බඳුන්වීම නිසා හටගත් විරෝධතාවයන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නොමඳ පැසසුමට ලක්ව ඇති බවද විදෙස් ප්‍රවෘත්ති වාර්තා පවසයි. ඉරානයේ මේ දක්වා කිසිදු විරෝධතාකරුවෙකු ඉරාන ආරක්ෂක අංශ ප්‍රහාරවලට ලක්ව මියගොස් නැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරානයේ තත්වය එසේ වුවද ට්වීටර් පණිවිඩයක් නිකුත්කරන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ” ඉරානයේ නායකයන් වෙත- ඔබගේ රටේ විරෝධතා කරුවන් මරා දමන්න එපා.ඔබලා විසින් දහස් ගනන් ඉරාන වැසියන් මරා දමා හෝ සිරගත කර තිබෙනවා. ඔබලාගේ ක්‍රියාකාරකම් දෙස ලෝක ජනයා බලා සිටිනවා.වඩා වැදගත් දේ නම්, ඔබලාගේ හැසිරීම දෙස ඉතාම උනන්දුවෙන් අමෙරිකාව බලා සිටිනවා. ඉරාන අන්තර්ජාලය විවෘත කරන්න.වාර්තාකරුවන්ට නිදහසේ සැරිසැරීමට ඉඩසලසා දෙන්න.ඔබගේ විරෝධාර ඉරාන ජනයා ඝාතනය කිරීමෙන් වලකින්න.

” ලෙස පවසා සිටී. මෙවැනි ප්‍රකාශ නිකුත් කරන අමෙරිකානු නිළධාරීන් අතර මහා බ්‍රිතාන්‍යයේ අමෙරිකානු තානාපති වූඩි ජොන්සන්,පෙන්ටගනයේ ප්‍රධානී මාක් එස්පර්,අමෙරිකාවේ හිටපු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් ද වන බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ජෝන් බෝල්ටන් තම ට්වීටර් පණිවිඩයේ ” කමෙයිනිගේ රෙජීමය මෙතරම් පීඩනයකට ලක්වූ කාලයක් ඇත්තේ නැහැ. රෙජීම වෙනසක් ඉතා ආසන්නයි.අමෙරිකාව,යුරෝපා සංගමය හෝ ප්‍රංශය උද්ගතවී තත්වයට අඩ තැබීමට කටයුතු නොකළ යුතුයි.නීත්‍යානුකූල නොවන ඉරාන පාලනය සමඟ සාකච්ඡා නොකළ යුතුයි” යනුවෙන් සඳහන් කරයි.

කෙසේ වුවද දේශපාලන විශ්ලේශකයන් පෙන්වා දෙන්නේ පසුගිය වසරේ අවසාන කාලයේදී චිලියේ සහ බොලිවියාවේ වීදි ආශ්‍රිතව ඇතිවූ වීදි සටන් මෙන්ම දරුනු සටන් ඉරානයේ සිදුවී නොමැතිබවත් චිලියේ සහ බොලිවියාවේ ගැටුම සම්බන්ධයෙන් වචනයක් හෝ ප්‍රකාශ නොකළ අමෙරිකාව ඉරානයේ “රෙජීම් චෙන්ජ්” පිළිබඳව අපේක්ෂා දල්වා බලාසිටින බවත්ය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

රිෂාඩ් බදුයුදීන් ආණ්ඩුවට අතවනයි

යහපාලන රජයේ ප්‍රබල දේශපාලන චරිතයක් වූ ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදුයුදීන් මහතා වත්මන් රජයට එක්වීම සඳහා උත්සාහ දරමින් සිට...


Read More

ජනපති ගෝඨාභය සමග සක්‍රයා සහ පුත් වයිමා එක්වුවද කළ නොහැකි දේ ගැන ජාතික සංවිධාන පැහැදිලි කරයි

ජාතික සංවිධාන නියෝජනය කරමින් ජාතික පුවත්පත්වලට ලිපියක් සපයන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ජනාධිපතිතුමා සක්‍රයා සහ ඔහුගේ පුත් වයිමා සමග එක්වුවද...


Read More

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමට ජනපතිගෙන් උපදෙස් : ජනතාවට අප්‍රමාද සේවාවක් ලබාදීමට කැපවෙන්න

රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින අකාර්යක්ෂමතාව, ප්‍රමාදය සහ දූෂණය පිටුදැකීම අරමුණු කර ගනිමින් සියලුම රාජ්‍ය ආයතන එකම දත්ත ජාලයකට යොමු කිරීමට ජනාධ...


Read More