දේශීය පුවත්

9 වැනි පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වන මැයි මස 08 වැනිදා පාර්ලිමේන්තුවේදී කළ යුතු දේ සහ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කෙරෙන විශේෂ හමුවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් අතර අද සවස 5.00ට කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවෙසේදී පැවැත්වීමට නියමිතය.

නව සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට නියමිත ප්‍රතිපත්ති ප්‍රකාශය, මැයි 8 වැනිදා සිදුවීමට නියමිත යැයි පැවසෙන යම් යම් දේශපාලන පෙරළි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එදිනට විපක්ෂයට පැමිණෙන හිටපු මැති ඇමැතිවරුන් පිළිබඳව සහ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ඒමට නියමිත යෝජනාව ඇතුළු කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂයේ ජේ‍යෂ්ඨ නියෝජිතයෙක් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

‘පොඩි පොඩි ආයතන නොවෙයි නීති විරෝධීව පත්කරපු අගමැතිකම පවරාගෙන සුදුස්සෙකුට දෙන්න’ -ජානිපෙ ජනපතිගෙන් ඉල්ලයි

මේ අවස්ථාවේ රට ගොඩගැනීමට නම් ජනාධිපතිවරයා කළ යුතුව ඇත්තේ කුඩා රාජ්‍ය ආයතන පවරා ගැනීම් නොව අගමැතිකම පවරාගෙන සුදුස්සාට ලබා දීම බව ජාතික න...


Read More

මහින්ද අගමැති කරන ඉල්ලීම ශ‍්‍රීලනිපය ඉවත දමයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැතිවරයා ලෙස පත් කරන ලෙස ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් සහ 15 දෙනාගේ කණ්ඩායමේ සාමාජිකයන් ජනාධිපතිවරයාගෙන...


Read More

රට අරාජිකයි; ජනාධිපතිට මැතිසබය විසුරුවන්න පුළුවන් – සරත් එන්. සිල්වා

රට දැඩි අරාජික තත්ත්වයකට පත්ව තිබෙන අවස්ථාවක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ව්‍යවස්ථාවේ 3, 4 වගන්ති අනුව ජනතාවගේ පරමාධිපත්‍ය බලය හිමි ජනතාව...


Read More