විදේශ පුවත්

අප්‍රිකාවේ සිටින ඇමෙරිකානු හමුදා එල්ල කරන ගුවන් ප්‍රහාරවලින් අයි.එස්. සංවිධානයේ යැයි සැක කෙරෙන සටන්කාමීන් 17 දෙනකු මියගිය බව ආරක්ෂක අංශ පැවැසීය.

සෝමාලියාවේ උතුරු දිග කඳුකර ප්‍රදේශයේ සැඟවී සිටින සටන්කාමීන් ඉලක්ක කරගනිමින් ඇමෙරිකානු හමුදා පසුගිය සතිය මුළුල්ලේම ගුවන් ප්‍රහාර එල්ල කළේය.

“ගෝලීස් කඳුකරයේ සෝමාලියානු අයි.එස්. සංවිධානයේ කඳවුරකට ගුවන් ප්‍රහාර එල්ල කළා” යැයි ඇමෙරිකා එක්සත් ජනපද අප්‍රිකානු බලඇණිය (ඇෆ්‍රිකොම්) සඳහන් කළේය.

අප්‍රේල් 14 වැනිදා සිට මේ දක්වා කාලයේදී ඇමෙරිකානු හමුදා සෝමාලියාවේ අයි.එස්. ඉලක්ක වෙත සිවුවරක් ගුවන් ප්‍රහාර එල්ල කර ඇත.

දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව මැයි 9 වැනිදා එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ත්‍රස්තවාදීන් සිවුදෙනකු මියගොස් ඇති බව තහවුරු කළ හැකි යැයි එම බලඇණිය සඳහන් කළේය.

මැයි 8 වැනිදා එල්ල කළ ප්‍රහාරවලින් ත්‍රස්තවාදීන් 13 දෙනකු මියගිය බව ද එම බලඇණිය පැවැසීය.

අල් කයිඩාව හා සබඳකම් පවත්වන ෂෙබාබ් ත්‍රස්තවාදී සංවිධානය හා සැසඳීමේදී සෝමාලියාවේ සිටින අයි.එස්. සටන්කාමීන්ගේ සංඛ්‍යාව ඉතා සීමිතය.

දැනට සෝමාලියාවේ සිටින විශාලතම අන්තවාදී ඉස්ලාමීය සංවිධානය වනුයේ ෂෙබාබ් සංවිධානය වන අතර 2012 වසරේදී අල් කයිඩා සංවිධානය සමඟ නිල වශයෙන් සබඳතා ඇරඹීය. කෙසේ නමුත් පසුව එහි සාමාජිකයන් 200කට ආසන්න පිරිසක් අයි.එස්. සංවිධානය සමඟ එක්විය.

 

නයිරෝබිහිදීය (ඒ.එෆ්.පී)



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

දරුඵල අහිමිවූ මවුවරුන් හඬා වැටෙමින් වෛද්‍ය ෂාෆි ෆිහාබ්ඩීන්ට එරෙහිව පැමිණිලි කරති – තවත් මවුවරු පිරිසක් අද පැමිණිලි කරන බව දන්වති (Video)

වෛද්‍ය සෙයිගු සෙහාබ්ඞීන් මොහොමඞ් ෂාෆි විසින් සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසුව දරුඵල අහිමි වූ බව කියන මවුවරුන් හයදෙනකු ඊයේ (26 දා) වන වි...


Read More

රිෂාඩ්ට -හිස්බුල්ලාට එරෙහිව සීඅයිඩි යට පැමිණිලි 2 ක්

අමාත්‍ය  රිෂාඩ්   බදියුදීන් සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර  ඒ එල් ඒ එම්  හිස්බුල්ලා යන මහත්වරුන්  එරෙහිව පොලිස්  මුලස්ථානය වෙත ලැබී තිබු පැමි...


Read More

රිෂාඞ්ගේ අයථා වත්කම් සඟවා තැබුවේ කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් ළඟ ද? විශේෂ හෙලිදරව්ව..

කෙටි කාලයක් තුළ අසීමිත ලෙස වත්කම් උපයාගෙන ඇතැයි අත්අඩංගුවට පත් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයකු වන ෂාෆි ෂිහාබ්දීන් සතු වත්කම්, ඇමති රිෂාඞ් බදුර...


Read More