මුහුණු පොතෙන්

මේ දිනවල ඇමෙරිකාවේ ජීවත්වන අපේ රටේ දිරිය තරුණියක් පිළිබඳව ලෝකයේම අවධානයට ලක්වෙලා තියෙනවා. ඇමෙරිකානු වෛද්‍යවරුන් පවා Wonder Woman යන අනුවර්ත නාමයෙන් හඳුන්වන ඇය නුවර වත්තේගම ප්‍රදේශයේ පදිංචකාරිනියක් වන 36 හැවිරිදි ශවිනි ප්‍රනාන්දු. තම දෛවයට මෙන්ම වෛද්‍ය විද්‍යාවට ද අභියෝග කරමින් ලෝකයටම පාඩමක් කියා දුන් ඇයගේ ජීවිත කතාව ඇය කියන්නෙ මේ විදියට.

”2015 වසරේ සැප්තැම්බර් මාසේ දවසක් මම යහළුවෙක් එක්ක විල්පත්තුවේ ගියා. ටිකක් දුරක් ඇවිදින කොට යහළුවා කිව්වා මගේ මුහුණ නිල් පාට වෙලා කියලා. මම කිව්වා වීස් එක නිසා වෙන්න ඇති කියලා. මගේ මිතුරා පයිලට් කෙනෙක්. එයා කිව්වා මෙහෙම වෙන්නේ මොළයට ඔක්ෂිජන් සැපයුම මදි වෙන නිසා කියලා.”

“පස්සෙ මම අම්මලත් එක්ක නුවර වෛද්‍යවරයෙක් හම්බවෙන්න ගියා. වෛද්‍ය වාර්තා බැලීමෙන් අනතුරුව ඔහු මාව යොමු කළා කොළඹ වෛද්‍යවරයෙක් වෙත. මම ලංකා හොස්පිටල් එකට ඇඩ්මිට් වුණා. එහිදී මගේ හෘදය සහ පෙනහලු පරීක්ෂා කරලා වෛද්‍යවරයා කිව්වා මගේ හදවතේ සිදුරක් කියලා.එසේම ඔහු කිව්වා මට තව ජීවත් වෙන්න පුළුවන් අවුරුදු දෙකයි කියලා”

මම වෙනත් රටකට ගොස් පරීක්ෂා කර බලන්නද කියා විමසු විට එම වෛද්‍යවරයාට තරහ ගියා. ඔහු කිව්වේ කොහේ ගියත් මගේ තත්ත්වය වෙනස් වෙන්නේ නැහැ කියලයි.මට දුක හිතුනා. තරහකුත් ආවා. ‘හොඳයි ඩොක්ටර් මම අවුරුදු දෙකකින් ඇවිත් හායි කියන්නම් කියලා’ මම මගේ කාමරයට ආවා”

ඒ වන විට ශවිනිගේ නැගණිය ඇමරිකාවේ වාසය කළ අතර ඇයගේ බල කිරීම මතම ශවිනි ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගොස් එහි ප්‍රධාන රෝහලක් වන ජෝන් හොප්කින්ස් (John Hopkins) රෝහලට ඇතුළත් වී පරීක්ෂණයකට සහභාගී වීමට ශවිනි තීරණය කරනවා. ඇමෙරිකාවට ගිහිල්ලා දින කිහිපයකින් අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ඇයට අයිසන්මෙන්ජර් සින්ඩ්‍රෝම් (Eisenmenger’s Syndrome) නම් දුර්ලභ රෝගී තත්ත්වයෙන් පෙළෙන බව එහිදී අනාවරණය වෙනවා.

ඒ අනුව උත්පත්තියේ සිට ඇතිවන හෘද රෝගී තත්ත්වයක් නිසා එය ඇතිවෙන බවත්, හෘදය වස්තුවේ ඇතිවන අධික පීඩනය හේතුවෙන් පෙනහලුවලට සහ හෘදය වස්තුවට හානි වීමෙන් එම රෝගී තත්ත්ත්වය ඇතිවන ආකාරය ගැනත් එහිදී වෛද්‍යවරු ශවිනි ට හෙළිකර තිබෙනවා.

කොහොම වුනත් ශවිනිට අවුරුදු 33ක් වෙනකම් ලංකාවේ මොනම වෛද්‍යවරයෙකුටවත් ඇයගේ තත්ත්වය සොයා ගන්න බැරි වුණා. ශවිනිගෙ දෙමාපියන් ඇයව නොපෙන්වපු විශේෂඥ වෛද්‍යවරයෙක් නොමැති බවත්, ඔවුන් හැමවිටම කිව්වේ තමන්ට වීස් එක ඇති බවත් යන්න ශවිනි ප්‍රකාශ කරනවා.

මේ ඇය ගැන ෆේස්බුක් ගිණුමක තබා තිබූ සටහනක්

“මට මම ආස දේවල් කරන්න ආයෙමත් ඉඩ නොලැබේවි. මට ආපහු ලංකාවට යන්න වෙන්නෙ නෑ. මට පීනන්න ලැබෙන්නෙ නෑ. සාමාන්‍ය ගැහැණියක වගේ විවාහ වෙන්න දරුවො ලබන්න වෙන්නෙ නෑ. ඉතින් ඒ ගැන හිතලා දුක් වෙලා වැඩක් නෑ. කල යුත්තේ ඉන්න ටික කාලෙදි මිනිසුන් වෙනුවෙන් යමක් කිරීමයි. අපි උපයපු මුදල් හරි , දේවල් හරි අපි අරන් යන්නෙ නෑනෙ. අපි කල දේ හොඳ හෝ නරක තමයි අපි අරන් යන්නෙ…..”

එසේ කියන්නේ ශවිනි ප්‍රනාන්දු ය…

ඇය සුව කල නොහැකි හදවත් රෝගයකින් පෙළෙන්නීය.. කුඩා කල සිට වර්ධනය වූ එහෙත් වෛද්‍යවරුන් ට සොයා ගැනීමට නොහැකි වූ ඇගේ හදවත තුළ වූ සිදුරක් මගින් ඇයගේ ආයු කාලය තීරණය කොට ඇත. ඊළඟ මොහොතේ ජීවත් වීම උදෙසා ඇයට ඔක්ෂිජන් පිරවූ බෑගයක් උරහිසේ එල්ලාගෙන සිටීමට සිදු වී ඇත. ඇයට කිරීමට නියමිත සැත්කම සාර්ථක වූ පසුවද ඇය ජීවත් වන්නේ තවත් අවුරුදු පහක් පමණලු……

එහෙත් ඇය නොහඬා සිටී. ඇය සිනාසෙමින් ඇගේ කතාව අපට කියයි. ඇගේ දිවියේ ඉතිරි කෙටි කාලය තුළ ඉටු කර ගන්නට අවැසි අරමුණක් ගැන බැරෑරුම් ව අපට පවසයි. ඒ කුමක් ද? ඇය විසින් නිපදවනු ලැබූ ශරීරයේ ඔක්සිජන් මට්ටම අඩු වූ විගස ඒ පිලිබඳ සංඥා ලබා දිය හැකි උපාංගය එය අවැසි තවත් ඇය වන් මිනිසුන් ට ලබා දීමයි ඇගේ අරමුණ…

ඇගේ කතාව අසා සිටින විට මට නම් හැඟී ගියේ අපටත් වඩා හොඳින් ඇය ජීවත් වෙනවා නොවේද යන්නයි… සිනාසිසී ඇය අපට දෙන පණිවිඩය කුමක්ද?

කෙනෙකු ජීවත් වන කාලය නොව ඒ ජීවත් වූ කාලය ගත කල ආකාරය වඩා වැදගත් වන බව නොවේද?

ඇය තරම්ම ධෛර්යය සම්පන්න වීමට අපට කවදාවත් හැකි වෙයි ද?

මම ඔබට ආදරෙයි ශවිනි !

නිරෝෂා සුමුදුනී



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

බුද්ධි තොරතුරු වසන් කළාට අගමැතිට සහ කැබිනට්ටුවට එරෙහිව නඩු

පාස්කු ඉරිදා ක්‍රිස්තියානි දේවස්ථාන වල හා සංචාරක හෝටල් වලට එල්ල කරන ලද ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට ආණ්ඩුව මුළුමනින්ම වගකිව යුතු නිසා අග්‍රාමා...


Read More

ෂැන්ග‍්‍රිලා හා සිනමන් ග‍්‍රෑන්ඞ් බෝම්බකරුවන් වන අයියා මලෝ මෙන්න (Video)

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයේදී කොළඹ ෂැන්ග‍්‍රිලා හෝටලයට හා සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයට මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කළ සහෝදරයන් දෙදෙනාගේ ඡ...


Read More

“මද්‍රසා පාසල් තහනම් කරනු..! පරීක්ෂණ වලට බාධා කරේ බදියුදීන්, මුජිබර් රහුමාන්, අසාද් සාලි” – විමල් පාර්ලිමේන්තුව හොල්ලයි!

මේ වන විට පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයේදි විමල් වීරවංශ මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශයක් දැඩි ලෙස කතාබහට ලක්විය. එහිදී ඉස්ලාම් අන්තවා...


Read More