පුරවැසි කොලම

පළමුවන ලෝක යුද්ධයෙන් පසුව ඇති වූ ඇමරිකාවේ සහ යුරෝපයේ සීඝ‍්‍රකාර්මික දියුණුවත සමග පොසීල ඉන්ධන හා එහි අතුරු නිෂ්පාදන වලට ඉතා ඉහළ ඉල්ලූමක් ඇතිවිය. එමෙන්ම පොසීල ඉන්ධන නිෂ්පාදනය මැදපෙරදිග ට සීමා වූ අතර එහි තෙල් කණින්නන්ගේ තාක්ෂණික ඒකාධිකාරය යුරෝපානුවන් හා ඇමරිකානුවන් අතර විය දෙවන ලෝක යුද්ධයේ දී යුරෝපයේ සන්වර්ධිත රටවල් යුද්ධයට ඍජුව සම්බන්ධ වූ බැවින් යම් කාලයකට ඔවුන්ගේ නිෂ්පාදන ක‍්‍රියාදාමයන් අඩාල වූ අතර ඊට සමගාමීව තෙල්කැධෑමේ හා පිරිපහදු කිරීමේ කර්මාන්ත කරුවන්ටද ඊට සාපේක්ෂව එම තත්වයට මුහුණ දීමට සිදුවිය.

ඇමරිකාව දෙවන මහා යුද්ධයට මැදිහත්වුවද යුද්ධය පැවතියේ ඇමරිකානු භූමියට ඉතා දුරින් බැවින් ඇමරිකානු ආර්ථිකයට හා එහි සමාගම් වලට යුරෝපානුවන්ට මෙන් තදබල ලෙෂ බලපෑවේ නැත. එම නිසා ඇමරිකානු සමාගම් ලෝක පරිමානයෙන් ගත් කල තාක්ෂණිකවද, මූල්‍යමවද සාපේක්ෂව ශක්තිමත් තත්වයකට පත් වී සිටියහ. මෙම තත්වය තුළ යුද්ධයෙන් පසුලෝකයේ බල තුලනය ඇමරිකාවට වාසි සහගතලෙස යොදා ගැනීමට පශ්චාත් යුද සමයඔවුන්ට ඉතා ප‍්‍රයෝජනවත් විය.

පශ්චාත් යුද සමය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතිකිරීම එහි මූලස්ථානය ඇමරිකානු භූමිය තුළ ඇති කිරීම මෙන්ම ඒ සදහා වැඩිපුරබරපැන දැරීම ඇමරිකානුවන් විසින් සිදුකරන ලදී.ඒ හැරුණු කොට ඇමරිකාවේ හොද හිත පැතිරීමසදහා සංවිධානය වැනි පුන්‍ය ආයතන හරහායුද්ධයෙන් පසු වැටුණු රටවටල ආධාර උපකාරකිරීම වැනි ක‍්‍රියාවන් මගින්ද ලෝකයේ හොදහිතහා බලපරාක‍්‍රමය වඩවා ගත්තේය.නැගී එන ලෝකයේ අත්‍යාවශ්‍ය සාධකයක් හාඉල්ලීම සහිත ප‍්‍රධාන වෙළදපොළ භාණ්ඩයපොසීල ඉන්ධන විය. ඇමරිකාව තෙල් නිෂ්පාදනයේපතාකයෙකු නොවූවද, තෙල් කැධෑමේ හාතෙල් පිරිපහදු කිරීමේ ප‍්‍රමුකයන් ලෙස ලොවපුරාවැඩිමතය වූයේ ඇමරිකානු සමාගම්ය.මෙම කාලය වනවිට ලෝක ගනුදෙනුවල සෑම පරාජයත් ,ඉරානය, චීනය හා රුසියාව සමගසිටගැනීමෙන් මැදපෙරදිග ඇමරිකානු සැලසුමඅවුල්කරමින් පවතී අද වන විට ලෝක බොරතෙල් පරිභෝජනයේ ඉන්දියාවද එහි තුන්වන තැනට ලත් වී ඇත.

ඇමරිකාවේ වාරිෂික තෙල් පරිභෝජනය එක්සත් ජනපද ඩොලර් බිලියන 110 ක්වන අතර චීනයේ හා ඉන්දියාවේ එම ප‍්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 200 ක් වේ. සමස්ථ යුරෝපයේ එම ප‍්‍රමාණයද එ,ජ,ඩොලර් බිලියන200කි. ඇමරිකාව විසින් ඉරානයට විරුද්ධව වෙළදසම්බාදක දමා තිබුනද එම සම්බාදක අභියෝගයටලක්කරමින් 2015දී පළමුවරට ඉරානය තම ඛණිජතෙල් නිෂ්පාදන රුසියානු රූබල් සමග ගනුදෙනුකිරීමට පටන් ගත්තේය. මෙම ඉරාන අභියෝගයටවිරුද්ධව යමක් කිරීමට තරම් ඇමරිකාව අපොහොසත්විය. මේ අතර ඉරාන ඇමරිකානු න්‍යස්ටික ගිවිසුමෙන් ට‍්‍රම්ප් රජය ඒකපාර්ශිකව ඉවත්වීම හේතු කොට ගෙන එම ගිවිසුමට සහයදැක්වූ ප‍්‍රංශය ඇතුළු යුරෝපීය රටවල්ද අසරණ විය. මෙම තත්වය උපයෝගී කරගෙන ඉරානය තම නිෂ්පාදන ඇමරිකානු ඩොලර් සදහා කළ ගනුදෙනු අවම කිරීමට ක‍්‍රියා කළේය.

එහි ඍජු ප‍්‍රතිඵලයක් වශයෙන් ඉරාන තෙල් හා ගෑස් යුරෝපය හා ගනුදෙනුවේදී ඍජු යුරෝ සමග ගනුදෙනු කිරීම දැනටමත් ආරම්භ කර ඇත.මෙතෙක් ඉරානයට විරුද්ධව ජාත්‍යන්තර තලයේදී ඉන්දියාව ඇමරිකාවත් සමග එකට සිටගත් රටක් විය. එහෙත් 2018 වර්ෂයේදී ඉංදියාවේ හා ඉරාන නායකයන්ගේ හමුවේදී දෙරට අතර ගනුදෙනු හා ඉරාන තෙල් සදහා ගෙවීම් කිරීමට ඉංදියානු රුපියල භාවිතා කිරීමට තීරණය කරමින් ඇමරිකාවේ සම්භාධක අභියෝගයට ලක්කරමින් ඩොලරයේ පීඩනය ඉරානය විසින් මග හරින ලදී.අද වනවිට ලෝක තෙල් පරිභෝජනයේ ප‍්‍රධානියා වන චීනය රුසියාව හා ඉරානය සමග චීන යුආන් මගින් තම ගනුදෙනු කිරීමට දැනටමත් ගිවිසුම් ගත වී ඇත. දකුණු ඇමරිකානු තෙල් නිපදවන්නන්ද යුරෝ හා ඉලෙක්ට්‍රෝනික මුදල් වන(ක්‍රහචඑද ජමරරුබජහ) සමග ගනු දෙනු කිරීමට ප‍්‍රබල ඇමරිකානු විරෝධය හමුවේද ක‍්‍රියා කරමින් සිටී.

මෙයට අමතරව අප‍්‍රිකාවේ ඵෑත්‍ඵෂ හී විධායක අධ්‍යක්ෂක විසින් පවසන පරිදි චීන යු ආනය තමන්ගේ සංචිත මුදල් ලෙසට භාවිතා කළ යුතු බවට යෝජනාවක් ගෙනෙන අතර එයට හේතු වශයෙන් ඔහු දක්වනුයේ චීනය තම සංවර්ධන කටයුතුවල ප‍්‍රධාන පංගුව උසුලමින් ක‍්‍රියාශීලීව තම ආර්ථිකයේ විශාල පංගුවක හසුරවන බවය.

ඔහුට අනුව අනාගතයේදී අප‍්‍රිකාව තම සංචිත මුදල් යු ආන් වන්නේනම්, මෑත අනාගතයේම අප‍්‍රිකානුවන්ගේ තෙල් ගනු දෙනුද යු ආන් වලින්ම සිදුවීම වැලැක්විය නොහැකිය. චීනය,රුසියාව, ඉරානය හා ඒ සමග එක්වෙන වෙනිසියුලාව, ඉංදියාව , බ‍්‍රසීලය මෙන්ම යුරෝපයද මේ ගොඩටම එක්වීම නොවැලැක්විය හැකි සංසිද්ධියක් බවට පත් වන්නේය.මේ තත්වය තුළ මෙතෙක් කල් ඇමරිකන් ඩොල මත පමණක් තෙල් විකුණන සව්දි අරාබියටද තම නිෂ්පාදන වලින් 50%ක් මිල දී ගන්නා චීනයත් සමග ගනුදෙනුවේදී යු ආන් සමග ගනුදෙනු කිරීමට අනිවාර්යයෙන් සිදුවනු ඇත.

පෙට්රො යුආන් හිමබෝලය කන්ද මුදුනෙන් පෙරළීමට ආරම්භ කර ඇත. මෙම හිම බෝලය නැවැත්වීමට ඇමරිකාවට අපහසු වනු ඇත. ඇමරිකානු පාලකයා යනු කිසිවෙකුට විශවාස කළ නොහැකි පුද්ගලයෙකි. මෙම තත්වය පාලනය කිරීමට ඔහුට යම් තරමකට හෝ හැකිවන්නේ චීනය රුසියාව හා ඉරානය වැනි රටවල් සමග ඍජු යුද්ධයක් මගින් පමණි. එය එසේ වුවහොත් තුන්වන ලෝක යුද්ධය වනවාට කිසිදු සැකයක් නැත. එය එසේ වුවහොත් පෘථිවි ජනගහනයෙන් දෙකෙන් පංගුවක් විනාශ වෙනවා නොඅනු මානය. මෙය යුද්ධයකින් කෙළවර වන්නේ නම් ජයග‍්‍රාහකයෙකු මෙවර ඉතුරු වන්නේ නැත. එසේ නොවනවා යැයි උප කල්පනය කළහොත් ලෝකය තුළ ඩොලර් ඒකාධිකාරය අනිවාර්යයෙන්ම දශක භාගයකට අඩු කලක් තුළ ගිලිහී යෑම කිසිවෙකුට වැලැක්විය නොහැකිය. 1970 දී අසංවිධිත ලෙෂ බලහත්කාරයෙන් සව්දි අරාබිය සමග ඇතිකළ ගිවිසුම තුළින් මුළු ලෝකයේම ආර්ථිකය හැසිරවීම ඩොලරය යටතට ගත් ඇමරිකාව අද වන තෙක් ලෝකය නව යටත් විජිත කරණයෙන් යටත් කරගෙන සිටී. ලෝක තෙල් වෙළදපොළින් උපයන ආදායම (පෙට්රො ඩොලර් ඇමරිකානු භාණඩාගාරය හරහා ප‍්‍රතිචක‍්‍රීකරණය කරමින් ඇමරිකානු තෙල් සමාගම් හා පාලකයන් විශාල ආදායම් උපදවයි. මෙම ප‍්‍රතිචක‍්‍රීකරණය තුළ ඇමරිකානු භාණ්ඩාගාරය සැමදාම ණය කරුවෙක් බවට පත්කර ඇත. අද වනවිට එහි ණය ප‍්‍රමාණයඇ, ඩො, ටිලියන 20 ඉක්මවා ඇත. එය සමස්ත ලෝක නිෂ්පාදනය වන ට‍්‍රිලියන 22ට ඉතා ආසන්න වී ඇත. මෙය ඇමරිකානු මධ්‍යම සංචිතයට හා ඇමරිකානු රජයට මෙතෙක් කල් ප‍්‍රශ්නයක් බවට පත් වී නැත්තේ ඒ වෙනුවට කිසි වටිනාකමක් නැති ඩොලර් නෝට්ටු මුද්‍රණයෙන් හා සංසරණයෙන් එය ඉදිරි ශේෂයක් බවට පත්කරමින් සිටින නිසාය.

මේ වන තෙක් ඇමරිකානු රාජ්‍ය ණය යනු හුදු ප‍්‍රකාශිත අංකයක් පමණි. ඒ තම නිෂ්පාදනයන් නොමැතිව අනුන්ගේ නිෂ්පාදන මතකරන සූදුවක් බැවිනි. එහෙත් අනෙකුත් අයගේ නිෂ්පාදන මත සූදු කෙලීමට නොහැකිවන ඉදිරි අනාගතයක් තුළ මෙම ට‍්‍රිලියන විස්සක ණය කන්දරාව ඇමරිකානු ආර්ථිකයට කෙසේ බලපායි ද? බංකොළොත් වන මූල්‍ය ආයතන වලින් තම තැන්පතු එකවර ඉවත්කර ගැනීම සමාන්‍ය සංසිද්ධියක් වේ. එවැනි අවස්ථාවක චීනය, සව්දි අරාබිය තමන්ගේ සංචීත ඇමරිකානු භාණ්ඩාගාරයෙන් එකවර ඉවත් කර ගතහොත් කුමන තත්වයක් ඇතිවෙයිද? ලෝකය තුළ ඩොලර් විරෝධී ක‍්‍රියාන්විතය සක‍්‍රීය වී ඇත. මෙම තත්වය පටන් ගැන්මේදී ම මෙහි භයානක කම ඇමරිකාව දන්නේය. එහෙයින් මුල් අවදියේ එය පටන්ගත් ඉරාකය හා ලිබියාව සම්පූර්ණයෙන් විනාශකර දැම්මේය. එහෙත් අද තත්වය ඊට හාත්පසින්ම වෙනස් තත්වයක්ය. යුද්ධයකින් වුවද මෙය නතර කිරීම උගහටය. යුරෝපය, ඉංදියාව, රුසියාව, චීනය හා ඉරානය සමග අකේ රටවල්වලටද ඔවුන් සමග එක්වීමට අනිවාර්යෙන්ම සිදුවනු ඇත. එයට විරුද්ධව ඇමරිකාවේ බලය යෙදීම යනු තුන්වන ලෝක යුද්ධය වන අතර, එසේ වුවහොත් ඉන්පසු ඇතිවන හතරවන ලෝක යුද්ධය යනු පොළු ගල්මුගුරු වලින් කරන යුද්ධයක් වන්නේය.

එය එසේ නොවේවායි ප‍්‍රාර්ථනා කරන අතර වැටෙන ඇමරිකාවක් ගැන අපේක්ෂාවෙන් බලා සිටිය යුත්තේ වික්ෂෝපයෙන්ද නැතහොත් දොම්නසින්ද? මෙය අටලෝ දහමට අනුකූලව දිට්ඨ දම්ම වේදනීය කර්මයක්ද? අපි බලාසිටිමු.

වෛද්‍ය සුමිත් වන්නිආරච්චි



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

අයවැය පරදවන සැලසුමක්…මූලිකත්වය 15 කණ්ඩායම..එජාප පසු පෙළෙත් සහාය

ඉදිරි අයවැයේදී ආණ්ඩුව පරාජය කිරීමට ඒකාබද්ධ විපක්ෂය සමග පාර්ලිමේන්තුවේ ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරු එකඟතාවකට පැමිණ තිබේ. ඒ ...


Read More

අපි ආණ්ඩුවක් ඉක්මනින් ගොඩනගනවා. ඉන්දියාවත් – ශ්‍රී ලංකාවත් අතර සමීප මිත්‍රත්වයක් ගොඩ නැගීම මගේ බලාපොරොත්තුවයි. හිටපු ජනපති ඉන්දියාවේදි කියයි.

ඉන්දියාවත්, ශ්‍රී ලංකාවත් අතර විදේශ ප්‍රතිපත්තියේ බළකණුව වන්නේ එම රටවල් දෙකේ අනේ‍යාන්‍ය අවබෝධය බවත් ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර සමීප මි...


Read More

ජවිපෙ 20 එජාපයේ කොන්ත්‍රාත්තුවක් – ලක්ෂ්මන් යාපා

ජනතා විමුක්ති පෙරමුණ 20වැනි සංශෝධනය ඉදිරිපත් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත්තුවක් ඉටු කිරීම සඳහා යැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ...


Read More