දේශීය පුවත්

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන්ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායමෙන් පස්දෙනකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

තමා ඇතුළු පස්දෙනා මේ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් සමඟ සාකච්ඡා කරන බවද හිටපු අමාත්‍ය ටී.බී, ඒකනායක මහතා පැවසී ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය තමන් අපේක්ෂා කරන ආකාරයෙන් සිදුනොවන බවත් එම නිසා ඒ ගැන 16 කණ්ඩායමද සිටින්නේ එතරම් ප්‍රසාදයකින් නොවන බවත් හෙතෙම පෙන්වා දෙයි.

මුලින්ම පස් දෙනකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් පසුව ඉදිරියේදී 16 කණ්ඩායමේ තවත් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වීමට සූදානමින් සිටින බව වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ජනපති ව්‍යවස්ථාව අකුරටම පිළිපදින්න එකග වෙයි

ඊයේ(14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවේ අංක 01 වගන්තිය ඉවත් කිරීම සහ යළි හෙට(16) දිනයේ දී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත්, ඡන්ද ...


Read More

පාලිත තෙවරප්පෙරුම පාර්ලිමේන්තු‌ෙවේ පිහිය වනයි…දිලුම්ට තුවාලයි..ජයන්තගේ ඇගේ ‌‌ලේ ගලයි

පර්ලිමේන්තු‌ෙවේ අද උදේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය තුළ පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා විසින් පිහියක් වැනීම නිසා දිලුම් අමුණුගම මන්ත්‍රීවරයාට...


Read More

මට අගමැති කම ලොකු නෑ – මහින්ද පාර්ලිමේන්තුව අමතමින් කියයි(Video)

අද දෙවන දිනටත් පාර්ලිමේන්තුවේ වැඩකටයුතු මීට සුළුවේලාවකට පෙර ආරම්භ වී තිබේ. එහිදී අදහස් ප්‍රකාශ කරමින් කරූ ජයසූරිය මහතා කියා සිටියේ, තම...


Read More