ප‍්‍රධාන පුවත්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10 වැනිදා) පැවැත්වෙන කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීම වර්ජනය කිරීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ඇමැතිවරුන් ඊයේ (9 වැනිදා) තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ඊයේ (9 දා) පැවති මධ්‍යම කාරක සභා රැස්‌වීමේදී එම ඇමැතිවරු මෙම තීරණයට එළැඹ ඇති අතර ශ්‍රීලනිපයේ වත්මන් තත්ත්වය පිළිබඳව නැවත මධ්‍යම කාරක සභා රැස්‌වීමක්‌ හෙට (11 වැනිදා) පැවැත්වීමට තීරණය කර ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (9 වැනිදා) ප.ව. 6.30 සිට රාත්‍රි 10.30 පසුවන තෙක්‌ මෙම මධ්‍යම කාරක සභා රැස්‌වීම කොළඹ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සහ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ලේකම්වරු දෙදෙනා වෙනුවට අලුතින් ලේකම්වරු දෙදෙනෙක්‌ පත් කරන ලෙස ද ශ්‍රීලනිප මැති ඇමැතිවරු කිහිප දෙනෙක්‌ එම රැස්‌වීමේදී ජනාධිපතිවරයාට යෝජනා කළහ.

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග විවාදයේදී පක්‍ෂව ඡන්දය භාවිතා කළ ඇමැතිවරුන් පිළිබඳව සහ ඉදිරියේදී ආණ්‌ඩුව තුළ ශ්‍රීලනිප භූමිකාව පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර ඇත.

ආණ්‌ඩුවේ ඇමැති ධුර වලින් ඉවත් වීමට අවශ්‍ය බව අනුර ප්‍රියදර්ශන යාපා මහතා යෝජනාවක්‌ ඉදිරිපත් කර තිබෙන අතර එස්‌. බී. දිසානායක මහතා එම යෝජනාව ස්‌ථිර කර තිබේ.

චන්දිම වීරක්‌කොඩි ඇමැතිවරයා සහ රාජ්‍ය ඇමැති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා ද එම යෝජනාවට පක්‍ෂව අදහස්‌ දක්‌වා ඇත.

කෙසේ වෙතත් දුමින්ද දිසානායක සහ මහින්ද අමරවීර ඇමැතිවරයාත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ එම යෝජනාවට විරුද්ධව අදහස්‌ ප්‍රකාශ කර ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පොලිස්පතිට ඉල්ලා අස්වන්නැයි නියෝගයක්

පොලිස්පති පුජිත ජයසුන්දර මහතාට සිය ධුරයෙන් සති දෙකක් ඇතුළතදී ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුම්දී ඇතැයි ජනපති ලේකම් කාර්...


Read More

“හොරෙක් පොලිස්පති උනාම හොරා පොලිස් වෙනවා…“පොලිස්පති පූජිත කියන්නෙ තක්කඩි හොරෙක් – ගම්මන්පිල

පොලිස්පති පූජිත ජයසුන්දර මහතා යනු තක්කඩි හොරෙක් බවත් එය ඉතා බය නැතුව සඳහන් කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිසේන්තු මන්ත්‍රී නීතිඥ උද...


Read More

නාමල් කුමාර පොලිස් ඔත්තුකරුවෙක්.. නුවර ජාතිවාදී ගැටුමේ ඔත්තුවලට තාම සල්ලි දීල නෑ – රාජිත

ජනාධිපතිවරයා හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමේ සැලැස්මක් ඇති බව හෙළි කළ පුද්ගලයා ‍පොලිස් ඔත්තුකරුවකු බවත් ඔහු ‍පොලීසියට ලබාදී ඇ...


Read More