දේශීය පුවත්

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා ස්වකීය මූලික අයිතිවාසිකම් කඩවූ බවට යම් පුද්ගලයන් විසින් ශේ්‍රෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. මෙහිදී සඳහන් වන මූලික අයිතිවාසිකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12/1 තමයි “නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීමද රැකවරණයද සර්ව සාධාරණ විය යුත්තේය.” යනුවෙන් එහි සඳහන් වෙනවා. දැන් මෙතැන අසාධාරණය වී තිබෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මහ මැතිවරණයට දින නියම කිරීම බවයි පෙත්සම්කරුවන් දක්වන්නේ.
හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා මේ බව සදහන් කලේ මව්බිම පුවත්පතට සම්මුක සාකච්ඡාවක් ලබා දෙමිනි.

ලංකාව සංකීර්ණ ව්‍යවස්ථා අර්බුදයක සිරව තිබෙනවා. ඔබ හිතන ආකාරයට වත්මන් ව්‍යවස්ථා අර්බුදයේ ඉදිරි දිශානතිය කුමක් විය හැකිද?

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා ස්වකීය මූලික අයිතිවාසිකම් කඩවූ බවට යම් පුද්ගලයන් විසින් ශේ්‍රෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. මෙහිදී සඳහන් වන මූලික අයිතිවාසිකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12/1 තමයි “නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීමද රැකවරණයද සර්ව සාධාරණ විය යුත්තේය.” යනුවෙන් එහි සඳහන් වෙනවා. දැන් මෙතැන අසාධාරණය වී තිබෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මහ මැතිවරණයට දින නියම කිරීම බවයි පෙත්සම්කරුවන් දක්වන්නේ. ඒක බැලූ බැල්මටම සියලුම දෙනාට සාධාරණයි. මන්ත්‍රිවරු සියල්ලන්ටම පොදුයි. මැතිවරණයක් පැවැත්වීමත් රටේ සියලුම ජනයාට සර්ව සාධාරණ දෙයක්.

පෙත්සම්කාර පාර්ශ්වයන් ශේ්‍රෂ්ඨාධිකරණය හමුවට යන්නේ ජනාධිපතිවරයාට ඒ සඳහා ව්‍යවස්ථානුකූල බලයක් නොමැති බව ප්‍රකාශ කරමින්?

අපේ ව්‍යවස්ථාවේ හැටියට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය තියෙන්නේ ජනාධිපතිට පමණයි. ඒක බි්‍රතාන්‍ය සම්ප්‍රදාය අනුව එන කාරණයක්. බි්‍රතාන්‍යයේ එම බලය රැජනට පැවරෙනවා. ලංකාවේදී ඒ බලය රාජ්‍ය නායකයා වන ජනාධිපතිට පැවරෙනවා. ඒ බලය ක්‍රියාත්මක කිරීම 33/2 වගන්තිය යටතේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ දක්වා තිබෙනවා. ඒ මෙහෙමයි.

33/2 වගන්තිය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් ප්‍රකාශිතව ජනාධිපතිවරයා වෙත පවරා ඇති බලතලවලට සහ කර්තව්‍යයන්ට අමතරව
(ඇ) පාර්ලිමේන්තුව කැඳවීමට වාර අවසන් කිරීමට සහ විසිරවීමට බලය ඇත්තේය.
එහෙම තිබුණත් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අභිමතානුසාරී බලයක් නැති බවට චෝදනා එල්ල වෙනවා.
බලය ලබාදී තිබෙනවා. ඒ බලය සාධාරණ හේතූන් මත ක්‍රියාවට නඟනවා. එයට බැහැ පාර්ලිමේන්තුව පත්වී දවසින්, අවුරුද්දෙන් විසුරුවා හරින්න. අවස්ථාවට අනුව කරුණු අනුව විසුරුවන්න ජනපතිට පුළුවන්. ඒ සඳහා බලය ඇත්තේ ඔහුට. බලය ක්‍රියාත්මක වන්නේ සර්ව සාධාරණ ලෙස.

එහෙමනම් සාධාරණ හේතූන් මත නේද ජනපති පාර්ලිමේන්තුව විසුරුවා හළ යුත්තේ? මේ අවස්ථාව එවැනි සාධාරණ අවස්ථාවක්ද?

මේ බලය ක්‍රියාත්මක කළේ පිහිටුවා තිබූ ජාතික ආණ්ඩුව බිඳවැටුණු නිසායි. ජාතික ආණ්ඩුවෙන් එජනිස ඉවත්වුණා. 46/4 ව්‍යවස්ථාව අනුවයි ජාතික ආණ්ඩුව පිහිටුවා තිබුණේ.

ජාතික ආණ්ඩුව බිඳවැටුණු විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපති ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද?

ක්‍රියාත්මක විය යුතු ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා නැහැ. ඒ නිසා එයා තම බලය ක්‍රියාත්මක කළා.

ජාතික ආණ්ඩුව බිඳවැටීම ගැන පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතුව තිබුණා?

එහෙම දැනුවත් කළ යුතු බව මේ 33 වැනි වගන්තියේ කොතැනකවත් සඳහන් වන්නේ නැහැ. ජාතික ආණ්ඩුව පිහිටුවා තිබුණේ පාර්ලිමේන්තුවෙන් බාහිරව එජනිස – එජාප ගිවිසුමකින්. ඒ අනුව කැබිනට් මණ්ඩලය 47 කළා. නැත්නම් 30යි. ජාතික ආණ්ඩුව බිඳවැටුණාම කැබිනට් මණ්ඩලය නීති විරෝධී වුණා. ඒ අවස්ථාවේ ජනපති මහින්ද අගමැති කර පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ජනපති තම බලය ක්‍රියාත්මක කළේ ආණ්ඩුවක් නැති තත්ත්වයකදීයි. ඒක සාධාරණ හේතුවක්.

ජනපතිගේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය තව දුරටත් සීමා කෙරෙන වගන්ති 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ තිබෙනවා නේද?

62 දරන ව්‍යවස්ථාව ගැනයි ඔබ කියන්නේ.

“සෑම පාර්ලිමේන්තුවක්ම පළමුවැනි වරට රැස්වීමේ දින පටන් 5 අවුරුද්දකට නොවැඩි කාලයක් පවත්නේය. එහෙත් නියමිත කාල සීමාව ඉකුත් වීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේය. 5 අවුරුදු කාලය ඉකුත් වූ විට පාර්ලිමේන්තුව විසිර ගියා සේ සැලකේ. පාර්ලිමේන්තුව පස් අවුරුද්දක් තිබිය යුතුයි කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොහේවත් සඳහන් වී නැහැ. කාල සීමාව ඉකුත් වීමට පෙර විසුරුවා හැරිය “හැක්කේය” කියලා බලය පවරා තියෙන්නේ ජනාධිපතිට.

පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ 70 වැනි ව්‍යවස්ථාව ගැනයි?

70 කියලා තිබෙන්නේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව කැඳවීම, වාර අවසාන කිරීම, විසුරුවා හැරීම කළ හැක්කේය කියලායි. එහිදී සඳහන් වෙනවා “මන්ත්‍රිවරු සංඛ්‍යාවෙන් 3/2 ක් විසින් යෝජනා සම්මතයක් මඟින් ඉල්ලීමක් කරනු ලබන්නේ නම් මිස ජනාධිපතිවරයා විසින් ප්‍රථම රැස්වීම සඳහා නියම කරනු ලැබූ දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක් ගතවන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරවීම නොකළ යුත්තේය” මෙතැන විසුරුවා හැරීම සම්බන්ධ ව්‍යවස්ථා තුනක් තිබෙනවා. ඒ සියල්ලේ පොදු ගුණාංගය තමයි විසුරුවා හැරීමේ බලය තියෙන්නේ ජනාධිපතිතුමාට.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේ පොදු අරමුණ ජනාධිපතිවරයාගේ බලතල සීමා කිරීම නොවේද?

එවැනි සීමා කිරීමකට අදාළ අනෙක් වගන්තිවලට එදා ශේ්‍රෂ්ඨාධිකරණය තීරණයක් දුන්නා. ඒ වගන්ති සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවට.
ජනාධිපතිගේ බලතල ඉවත් කරන සෑම විටම ජනමත විචාරණයකට යා යුතු බව දන්වා තිබුණා. ඒක නිසා ඒවා සංශෝධනය කළා. මෙතන අලුත් වගන්තියක් පමණක් එකතු කර තිබෙනවා.

ජනතාව ඡන්දය ප්‍රකාශ කර තිබෙන්නේ අවුරුදු පහකට. එසේ තිබියදී හදිස්සියේ පාර්ලිමේන්තුව විසිර වීමෙන් ජනතා පරමාධිපත්‍ය කඩ වෙනවා කිව්වොත්.
62/2 ව්‍යවස්ථාවේ අවුරුදු 5 දී තිබෙන්නේ කලින් විසුරුවා හැරීමට යටත්වයි. ඒ අර්ථකථනය දිය හැක්කේ එවැනි වගන්තියක් නොතිබුණා නම් පමණයි. කලින් විසුරුවා හැරිය හැක්කේය කියන එක ඉතා පැහැදිලිව තියෙනවා.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ 2015 වසරේ පැවැති පාර්ලිමේන්තු විවාදයේදී මහාචාර්ය ජී.ඇල් පීරිස් ඇමැතිවරයා කරන ලද ප්‍රකාශයක් මේ දිනවල සමාජ ජාලවල සංසරණය වෙනවා. ඔහු එහිදී ප්‍රකාශ කරනවා 19 වැනි සංශෝධනයෙන් අපි ජනාධිපතිවරයාගේ දෑත් බැඳ දමනවා අවුරුදු 4 1/2කට කියා?

මෙහිදී බලපවත්වන්නේ පාර්ලිමේන්තුවේ කරන කතා නෙවෙයි. අප කියවිය යුතු වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන. ජී.ඇල්. පීරිස් ඔය කතාව කියන්නේ 70 විතරක් කියවලා. මේ 33/2 ඇ වගන්තියත් 19 යෙන්මයි දාලා තියෙන්නේ. එයින් ජනාධිපතිට පුළුල් බලයක් ලැබෙනවා.

ජනාධිපති ජන රජයේ ස්වාමියා නොව ජනරජයේ සේවකයා බවට සංකල්පයක් තියෙනවා?

ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තුව හැම කෙනාම ජනතාව වෙනුවෙන් ක්‍රියාකළ යුතුයි, ජාතික ආණ්ඩුව බිඳවැටුණා. නැවත අලුත් පාර්ලිමේන්තුවක් සඳහා පාර්ලිමේන්තුව විසුරුවා ජනතාව අතට බලය පැවරුවා. ඊට වඩා ජනතා සේවයක් නැහැ.

ඇයි එහෙමනම් මහින්ද රාජපක්ෂ මහතා අගමැති වශයෙන් පත් කරන්නේ?

අගමැති පත් කරලා ආණ්ඩුව ගෙනියන්න හදනවා නම් තමයි එතැන තියෙන වැරැද්ද. 2015 අගෝස්තු මාසේ එක පක්ෂයකටවත් පැහැදිලි ජන වරමක් ලැබුණේ නැහැ. එජාප 106යි. එජනිස 96යි. ඒ අවිනිශ්චිත තත්ත්වයෙන් ගොඩ එන්න තමයි ජනාධිපති මැදිහත් වෙලා ජාතික ආණ්ඩුව හැදුවේ. ජනාධිපති හැම ප්‍රයත්නයක්ම දරලා තියෙනවා මේ ආණ්ඩුව ගෙනයන්න. ගෙනයන්න බැරිවූ අවස්ථාවේම පාර්ලිමේන්තුවක් තෝරාගන්න ජනතාවට අවස්ථාව දුන්නා. දැන් මෙතැන ශේ්‍රෂ්ඨාධිකරණයට මේ අය යන්නේ මූලික අයිතිවාසිකම් ගැන. පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සර්ව සාධාරණයි. ජනතාව පැහැදිලි වරමක්් දුන්නොත් ඒ පක්ෂයට පුළුවන් ආණ්ඩුවක් පිහිටුවන්න. ඒක ඉතාමත් යුක්ති සහගත ක්‍රියාමාර්ගයක්.

මූලික අයිතිවාසිකම් කඩවීම ගැන අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර තිබෙන්නේ එක් එක් පුද්ගලයන් වෙන් වෙන් වශයෙන්. ඒ ඇයි?

126 ව්‍යවස්ථාවෙන් තමයි මූලික අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධව ක්‍රියා කරන්න ශේ්‍රෂ්ඨාධිකරණයට බලය පැවරෙන්නේ. යම්කිසි තැනැත්තකුගේ මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වී තිබේ නම් විභාග කළ හැකියි. එය විධායක හෝ පරිපාලන ක්‍රියාවක් මඟින් සිදුවිය යුතුයි. ඒ පදනමින් මේ පුද්ගලයන් අධිකරණය හමුවට ගිහින් තියෙනවා.

ජනාධිපතිතුමා ප්‍රකාශ කළා ඉදිරි දින 7 තුළ මේ අර්බුදය අවසන් කරන බව?

එතුමා කියන්නේ එක්කො ශේ්‍රෂ්ඨාධිකරණය තීරණය කරයි, නැත්නම් තමා තීන්දුවක් ගන්නා බව. මේ අර්බුදය තවදුරටත් ඉදිරියට ගෙනියන්න බැරි බව එතුමා දන්නවා.එතුමා සුදුසු යැයි හිතන ක්‍රියාමාර්ග තමයි දැනට අරන් තියෙන්නේ. ඒක පොදුවේ ක්‍රියාවට නඟන දෙයක්. මහ මැතිවරණයක් තියෙනවා. ජනතාව කොයි පැත්තට ඡන්දෙ දෙයිද කවුද දන්නේ?

රනිල් වික්‍රමසිංහ මහතා කියන්නේ නීත්‍යනුකූල ආණ්ඩුවක් යටතේ ඕනම මැතිවරණයකට සූදානම් බව?

19 වැනි සංශෝධනයෙන් එයාලමයි ජනාධිපතිට මේ බලතල දුන්නේ. ඒක අලුත් බලයක්. 33/2 යටතේ අමතර බලයක් දීලා දැන් වික්‍රමසිංහ මහතා ඒ අමතර කියන වචනය ඉවත් කර 70 ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට යටත්ව කියන වචනය ඇතුළත් කරන්න කියනවා. පෙත්සම්කරුවෝ කියන්නෙත් ඒක. ඒක ව්‍යවස්ථාවට නැවත සංශෝධනයක් ගෙන ඒමක්. ඒක මුලින් දාන්න තිබුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ විදියට සංශෝධනය කරන්න කියලා අධිකරණයට කියන්න පෙත්සම්කරුවන්ට බැහැ.

ශේ්‍රෂ්ඨාධිකරණය ලබා දෙන තීන්දුව මත මේ අර්බුදය අවසන් වෙයිද?

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් මූලික අයිතීන් කඩ වී තිබෙනවාද නැද්ද? යන්න තමා අධිකරණයට තීන්දු කළ හැක්කේ.

ආණ්ඩුව මහ මැතිවරණයකට යා යුතු යැයි නියෝගයක් දීමට අධිකරණයට හැකිද?

126 වගන්තියේ අධිකරණයට දිය හැකි නියෝග දක්වා තිබෙනවා. “යම් පෙත්සමක් සම්බන්ධව අවස්ථාගත කරුණු අනුව යුක්ති සහගත සහ සාධාරණ යැයි ශේ්‍රෂ්ඨාධිකරණය තීරණය කරන සහනයක් ප්‍රදානය කිරීමට හා් විධානයක් දීමට ශේ්‍රෂ්ඨාධිකරණයට බලය ඇත්තේය” කියලා. එතකොට අවස්ථාගත කරුණු අනුව යුක්ති සහගත යැයි සහ සාධාරණ යැයි සිතන සහනයක් ප්‍රදානය කිරීමට බලය තිබෙනවා. එය ඉතා පුළුල් අර්ථයක්. ඡන්දයක් පැවැත්වීමෙන් සියලු ජනතාවට ඡන්ද බලය ලැබෙනවා. එය අහිමි කිරීම යුක්ති සහගත යැයි කියනවා නම් ඒක ලොකු ප්‍රශ්නයක්. සර්වජන ඡන්ද බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ පරමාධිපත්‍යයට කෙළින්ම බලපානවා.

ඔබ කියන්නේ ශේ්‍රෂ්ඨාධිකරණය එයත් සැලකිල්ලට ගන්නා බවද?

ඔව්, අවසානයට ක්‍රියාත්මක වන්නේ ඡන්දයකට යෑම. අවස්ථාගත කරුණු අනුව දිය හැකි හොඳම සහනය ඡන්දයකට යෑම. පෙත්සම්කරුවන් කියන්නේ මේක සාධාරණ නැහැ කියලා. පාර්ලිමේන්තුව විසුරුවා ඡන්දයකට යෑම සාධාරණ නොවනවා නම් විකල්පය කුමක් දැයි ඔවුන් කියන්නේ නැහැ. එවිට අවිචාරවත් තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යෑමට සිදුවෙනවා.

එවැනි තීරණයක් නොලැබුණොත්?

එවැනි තීරණයක් නොලැබෙන්න හේතුවක් නැහැ.
ජනාධිපතිවරයා අවස්ථා ගණනාවක් ප්‍රකාශ කළා මන්ත්‍රිවරු 225ම ඉල්ලා සිටියත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් නොකරන බව. ඒක ව්‍යවස්ථාවට එකඟද?
ජනාධිපතිවරයා කියන්නේ පවතින පාර්ලිමේන්තුවේ අගමැතිකම වික්‍රමසිංහ මහතාට නොදෙන බව. මගේ අදහස මහ මැතිවරණයකින් අනතුරුව පත්වන ආණ්ඩුවක් ගැන නොවේ එතුමා සඳහන් කරන්නේ.

සංවාදය : උදේනි සමන් කුමාර



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

එජාප නායකත්වයෙන් නව සන්ධානයක්… ලකුණ දියමන්තිය

එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ පක්‍ෂ ගණනාවක නියෝජනයක් සහිතව ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා සන්ධානය’ නමින් නව පුළුල් දේශපාලන සන්ධානයක් ඉදිරියේදී ...


Read More

TNA එක රනිල්ව ප්‍රාණ ඇපයට අරගෙන – මහින්ද (Video)

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව පාලනය කිරීමේ ‘රිමෝට් එක‘ දෙමළ ජාතික සන්ධානය අතට පත්ව ඇති බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවස...


Read More

මෛත්‍රී – මහින්ද සමගියට ගැහුවොත් අපිත් ගහනවා – ජාතික සංවිධාන

ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් දිවයින පුවත්පතට සහපාය තිබූ ලිපියක් පිළිබඳ අදහස් විමසීමේදී ඒ මහතා එසේ සදහන් ක...


Read More