ප‍්‍රධාන පුවත්

විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත වුවොත් ජනාධිපතිවරයා ආණ්‌ඩුවේ ප්‍රධානියා ලෙස නොසැලකේ. එමෙන්ම සිරකරුවන් වෙත ජනාධිපති සමාව ලබාදීමේ බලතලද ඉවත් කර ඇති අතර ජනාධිපතිවරයා තෝරා පත්කර ගත යුත්තේ ජනතා ඡන්දයකින් නොව පාර්ලිමේන්තුව මගිනි.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතුය. පාර්ලිමේන්තු සැසිය ආරම්භ වී සති හතරක්‌ තුළ සාමාන්‍ය බහුතර ඡන්දයකින් ජනාධිපතිවරයා තෝරා ගත යුතුය. ඒ සඳහා රහස්‌ ඡන්දයක්‌ භාවිත කළ හැක.

පවතින ව්‍යවස්‌ථාවට අනුව ඇමැති මණ්‌ඩලය පත් කිරීමේදී ජනාධිපතිවරයා එය කළ යුත්තේ අගමැතිවරයාගේ අදහස්‌ විමසාය. එහෙත් විසිවැනි සංශෝධනයට අනුව අගමැතිගේ අදහස්‌ විමසා යන්න ඉවත් කර ඇති අතර ඇමැති මණ්‌ඩලය ජනාධිපති විසින් පත් කළ යුත්තේ අගමැතිගේ උපදෙස්‌ මතය.

ජනාධිපතිවරයා සතුව ඇති පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේ බලය මෙන්ම පාර්ලිමේන්තුව විසිරවීමේ බලයද විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාගෙන් ඉවත් කර තිබේ.

ජනාධිපතිවරයාට දේශපාලන පක්‌ෂයක ධුරයක්‌ දැරීම හෝ සාමාජිකත්වය දැරීම සිදු කළ නොහැක.

තානාපතිවරු, මහ කොමසාරිස්‌වරු සහ විදෙස්‌ දූත නියෝජිතයන් පත් කිරීම සහ ඔවුන්ට බලය පැවරීම අගමැතිවරයා විසින් ඉදිරිපත් කරන කැබිනට්‌ මණ්‌ඩලයේ උපදෙස්‌ අනුව සිදු කළ යුතුය.

අගමැතිවරයා පත් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද ප්‍රමාණයක්‌ ලබාගත් පක්‌ෂය තුළිනි.

Divaina



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මහින්ද රාජපක්ෂ අගමැති කමින් ඉල්ලා අස්කරවීමට ඇතුලෙන් කුමන්ත්‍රණයක් – මහින්ද කඩුව බිම තබන්නේ නැත

රනිල් වික්‍රමසිංහ මහතා සමග යම් එකඟතාවකට පැමිණ සිටින පොහොට්ටුව පක්ෂයේ යම් පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වන ලෙස බල කරන බව වාර්තාවේ....


Read More

අද දින පාර්ලිමේන්තුවේ සිදුවූ සියල්ල නීති විරෝධීයි – විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය

අද දින (14) පාර්ලිමේන්තුව අභිනවයෙන් රැස්වීමේ දී සිදුවූ සියල්ල නීති විරෝධී බව ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමයේ ප්‍රකාශක ජේෂ්...


Read More

ජවිපෙ හදිසිය නිසා විශ්වාස භංග යෝජනාව අවුල් වේ

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් හේරත් මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කළ අගමැතිවරයාට එරෙහි විශ්වාසභභංග යෝජනාව විවාදයටයට ග...


Read More