දේශීය පුවත්

අයිඑස් ත්‍රස්තයින්ට විරෝධය පළ කරමින් පුත්තලම මුස්ලිම්වරු 1000 ක් වීදි පුරා සංචාරය කර අයිඑස් ත්‍රස්තයින් විනාශ වන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා පුත්තලම  කලපු තීරයේ දැවැන්ත රැස්වීමක් පැවැත්වූහ.

පුත්තලම නගරාධිපති කේ. ඒ. බායිස් මහතා සහ පුත්තලම ප්‍රධාන මුස්ලිම් දේවස්ථාන ඇතුළු මුස්ලිම් දේවස්ථාන ගණනාවක මුස්ලිම් ජාතිකයින් මේ සඳහා එක්ව තිබිණි.

අද (17) දහවල් ජුම්මා දේව මෙහෙයෙන් පසුව පාගමනින් කලපු තීරයට පැමිණ මුස්ලිම් ජාතිකයෝ පැය දෙකකට ආසන්න කාලයක් දැවැන්ත රැස්වීමක් පවත්වා අයි එස් ත්‍රස්තයින්ට දැඩි ලෙස විරෝධය පෑහ.

වසර 30 ක යුද්ධයෙන් බැට කෑ රට නැවත වනසන්නට කටයුතු කිරීම ගැන මුස්ලිම් ජාතිකයින් ලෙස අයිඑස්  ත්‍රස්තයින්ට ශාප කරන බවද ඔවුහු පැවසූහ.

 

lankadepa

 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

“මෙතෙක් කිසිවකු නොදුටු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා රියැලිටි ෂෝ පෙන්වන ‘කෝලං කාරක සභාවට’ ගෙන්වන්න හදනවා – විමල් වීරවංශ

තිස්වසරක යුද්ධයක් නිමා කළ රටක ජනතාව, නිදහසේ හුස්ම ගනිමින් සිටියදී තමයි පාස්කු ඉරිදා දින ප්‍රහාරය සිදු වුණේ. එය සුළුවෙන් සැලකිය හැක්කක් නො...


Read More

මුස්ලිම් මන්ත්‍රීවරු නිසා ආණ්ඩුව දෙකඩ වන ලකුණු

ආණ්ඩුවට එරෙහි ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව පසුගිය 11වනදා වැඩි ඡන්ද 27කින් පරාජයට පත්වුවද පසුග...


Read More

ඇසළ පුන් පෝය අදයි

ඇසළ පුර පසොළොස්වක පොහොය දිනය අදට (16) යෙදී තිබේ. ආගමික සහ ශාසනික සිදුවීම් රැසක් සිදුවූ වැදගත් දිනයක් ලෙස ඇසළ පුන්පොහෝ දිනය හැඳින්විය හැකි...


Read More