Uncategorized

ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ, වමේ පක්ෂ, සිවිල් සංවිධාන සහ පුද්ගලයින් රැසකගේ එකතුවෙන් ගොඩනැගී ඇති විකල්ප දේශපාලනයේ ජනතා කඳවුර වන ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා අද (18) එළිදැක්වීමට නියමිතය.

මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන විකල්ප අපේක්ෂකයා මෙලෙස එළිදැක්වීමට නියමිතව ඇත්තේ හෙට දින ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ සභාගිත්වයෙන් ගෝල්ෆේස් පිටියේදී පැවැත්වෙන ජාතික ජන බලවේගයේ මංගල මහා රැලියේදී ය.

ඒ අනුව හෙට පස්වරු 3.00ට ගාලු මුවදොර පිටියේදී මෙම දැවැන්ත රැලිය පවත්වනු ඇත.

මෙම “ජාතික ජන බලවේගය” ගොඩනැගී තිබෙන්නේ විප්ලවීය සමාජවාදී කේන්ද්‍රය, වමේ කේන්ද්‍රය, ජනතා විමුක්ති පෙරමුණ, යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ, එක්සත් වාමාංශික පෙරමුණ, විප්ලවීය සමාජවාදී කේන්ද්‍රය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය විකල්ප කණ්ඩායම, සමසමාජ විකල්ප කණ්ඩායම, සුළු ජන මහ සභාව, ජන නියමු කලාකාරැවෝ, ජාතික විද්වත් සංවිධානය, සලාමා සංවිධානය, එතෙර අපි සංවිධානය, අලුත් පියාපත්, 71 සහෝදරත්ව සංසදය, අලුත් පරපුර, ප්‍රගතිශීලි සම සංක්‍රාන්ති සාමූහිකය, Center for Dialogue, ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනය, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය, දුම්රිය සේවක සංගමය, සමාජ සාධාරණය උදෙසා විශ්වවිද්‍යාල ආචාර්යවරු, ජනතා මෙහෙවර උදෙසා රාජ්‍ය සේවකයෝ, ජනවබෝධ කේන්ද්‍රය, ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය, ජාතික භික්ෂු පෙරමුණ, ඩාබිඳු සාමූහිකය, ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානය, ශ්‍රී ලංකා විද්‍යාර්ථීන්ගේ හා වෘත්තිකයන්ගේ සංවිධානය SLAPA, සවිස්ත්‍රි ජාතික ව්‍යාපාරය, සමාජ ක්‍රියාකාරීන් ඇතුළු විවිධ වෘත්තිකයන්, කලාකරුවන්, විවිධ සමාජ ක්‍රියාකාරීන් රැසකගේ ඒකරාශී වීමෙනි.

දිගුකාලීන් දේශපාලන අත්දැකීම් සහිත, මනා පෞරෂත්වයක්, අත්තනෝමතිකත්වයට හා දූෂණයට විරුද්ධ රටට ආදරය කරන, විකල්ප නායකත්වයක් රටට බලාපොරොත්තු වන සියළුදෙනාට පිළිගත හැකි පුද්ගලයෙකු හෙට දින සිය කඳවුරේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බව ජාතික ජන බලවේගය සඳහන් කරති.

මෙම රැලිය අද (08) පස්වරු 5.30 සිට රාත්‍රී 07 දක්වා සිරස රූපවාහිනිය ඕසසේ විකාශය කිරීමටද නියමිතය.

පෙරළියේ මහ රැලිය

Gepostet von JVP Srilanka am Sonntag, 18. August 2019



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මහා වැස්සෙත් ආබාධිත රණවිරුවන් උපවාසයේ.. ජාත්‍යන්තර බලපෑම් නිසා ආණ්ඩුව මුණිවත රකින බවට චෝදනා

තම විශ්‍රාම වැටුපට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා අධික වර්ෂාව නොතකා ආබාධිත රණවිරුවන් කොටුවේ දුම්රිය ස්ථානය අසල අද හත්වන දිනටත් සිය උපවාසය පව...


Read More

ජවිපෙ ගෙන එන බවට රාජිතගෙන් සහතිකයක්: ජවිපෙ ‘සීනුව’ ලකුණ අතහරී!

ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ඉදිරිපත් නොකර කතානායක කරු ජයසුරියව ඉදිරිපත් කරන්නේ නම්, ජනතා විමුක්ති පෙරමුණේ සහය ඔහුවෙත ලබා ගැ...


Read More

පොහොට්ටුවේ කණ්ඩායම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට තියන් ඉන්නේ අපි-ජනපති

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධූරයන් තවමත් ආරක්ෂා වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණය...


Read More