කැබිනට් මණ්ඩලය අමතමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කරන කථාව.
“ප්‍රතිපත්ති ප්රකාශනයෙන් අප සඳහන් කළා අපිට හැකිවන පළමු අවස්ථාවේදී මහ මැතිවරණයක් පවත්වනවා කිව්වා. අපි පිහිටුවා තිබෙන්නේ අන්තර්කාලීන ආණ්ඩුවක්.
මේ කාලය තුළ අපි පිහිටවූ ආණ්ඩුව ප්‍රධාන වශයෙන්ම අපි ඉදිරිපත් කළ සැලැස්මේ මූලික කරුණු ක්‍රියාත්මක කිරිම සඳහා පමණක් සීමා වුණ රජයක්.
ඒ නිසා තමයි අපි 15ක කැබිනට් මණ්ඩලයක් පත්කර ගත්තේ. මහජනතාව විශාල බලාපොරෙතා්තු සහිතව තමයි අපිව ජයග්‍රහණය කෙරෙව්වේ.
අපිට විශාල අභියෝග තිබෙනවා. ඒවා ජයග්‍රන්නා අතර මහජනතාවට සේවය කරන්න ඕන.
පසුගිය කාලයෙදී පවතින දේශපාලන සංස්කෘතියට මහජනතාව විශාලපිළිකුළක් දැක්වූවා.
අපි එයින් ඉවත්වෙලා ජනතාව බලාපොරොත්තුවන අලුත් යුගයකට යා යුතුයි.
මේ කාලය තුළ අපි අපේ උපරිම හැකියාව යොදවා අපි පොරොන්දුවුණ කරුණු ක්‍රියාත්මක කිරීමට ඔබගේ සහාය බලාපොරොත්තු වෙනවා.
අපි අමාත්‍ය මණ්ඩලය 15ට සීමා කළා. ඒ අමාත්‍යවරුන් යටතේ රාජ්‍ය අමාත්‍යවරු පත්කිරීමට නියමිතය.
ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩ කරන්න සහාය දෙන්න කියලා.
මීට කලින් අත්සන ප්‍රැක්ටිස් කළා විතරයි බලයක් තිබුණේ නෑ කිව්වා. මම කියනවා අමාත්‍යවරුන්ට ඒ අයට සම්පූර්ණ සහාය දෙන්න කියලා.
මම ස්තූතිවන්ත වෙනවා මන්ත්‍රීවරු කුඩා ඇමති මණ්ඩලයක් පත්කරන්න කියලා. තරුණ මන්ත්‍රීවරුන්ටත් අවස්ථාවක් දෙනවා.
අපි ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව කටයුතු කරන්න. අමාත්‍ය යටතේ පවත්වා රාජ්‍ය ව්‍යවසාය පාඩු ලබන ආයතනයන් බවට පත්වෙලා තිබෙනවා.
අපි ඒවා ලාභ ලබන භාණ්ඩාගරයට බරක් නොවන අයුරින් ක්‍රියාත්මක කරන්න ඕන. ඒවායේ සභාපතිවරුන් හා අධ්යක්ෂවරුන් පත්කිරීමේදී කාර්යය කරන්න පුළුවන් සුදුසුකම් හා වෘත්තීය දැනුම ඇති සභාපති හා අධ්යක්ෂ මණ්ඩලයක් පත්කළ යුතුයි.
මේ සඳහා තේරීම් මණ්ඩලයක් හරහා අපි තෝරා ගන්නවා.”
විවිධ ආයතන විසින් නොයෙකුත් ක්‍රමවේදයන් යටතේ මහජනයාගේ මුදල් තැන්පතු භාර ගැනීමේ කටයුතුවල නිරතවීම පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමුව ...
ශ්‍රී ලංකාවේ ඕස්ටේ්රලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා හමුවිය. ...
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 70,000කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව සටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි නියෝජ්‍ය අධ්‍යක...